මතර සිට කොළඹ බලා ධාවනය වූ සීග්‍රගාමි දුම්රිය මින් මද වේලාවක පෙර පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. පිළිපනිනාවත් සමග දුම්රිය ඇන්ජිමෙන් වෙන්වූ දුම්රිය මැදිරි දෙකක් අතරමග නතර වී ඇති අතර මැදිරි කිහිපයක් සමග ඇන්ජිම මීටර් කිහිප දුරට ඇදි ගොස් ඇත. ත්‍රිකුණාමල දුම්රිය ද අද අලුයම කැකිරාවේ දී පීලි පැන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මැදිරි දශක දෙකකට වැඩිය පැරණි ඒවා.අලුතින් බලවේග දුම්රිය ගෙනවිත් දුම්රිය මාර්ගය සහ සංඥා නවීකරණය කළා නම් හොඳ සේවාවක් බලාපොරොත්තු විය හැකියි.ගාලුපාර නවීකරණය කරන නිසා අද බොහෝ දෙනා දුම්රිය භාවිතා කරනවා. (නි)
මෙය සොයාබැලිය යුතු දෙයකි. කවුරුහරි පීලි පන්නනවා වගෙයිනේ හරියට (නි)
කාගේ නමද දන්නෙ නැහැ දුම්රියට තියෙන්නේ? (නි)
දුම්රිය පෙට්ටි කොහෙන් ගෙනා ඒවාද? (නි)
මේ දුම්රිය අපලය ඉවත්කර දමන්න පාලකයින්ට බැරි හැටි (නදී)
මට පේන විදියට දුම්රිය දෙපාර්තමෙන්තුව තුල කඩාකප්පල් වැඩ පිලිවෙලක් සිදුවෙනව වගේ. මේක රහස් පොලීසිය මගින් පරීක්ෂණයක් කල යුතු කරුණක් (නදී)
මාත් සෙනෙවිගේ අදහසට එකඟයි. නැත්නම් මෙහෙම දේවල් වෙන්නේ කොහොමද? එක්කෝ පීලි පැනලා, එහෙමත් නැත්නම් හැප්පෙන්න යනවා. මේ ගැන නම් සොයා බලන්නම වෙනවා. වැඩ කරන ජනතාවගේ මුදල් සහ කාලය අපතේ (නදී)
ඇත්තටම ලංකාවේ දුම්රිය සේවයට ඇමති කෙනෙක් නැද්ද ? (නදී)
මේවට වග කියන්න ඕනේ මගීන්ද අපිද ? (නදී)
යන්ත්‍රයක් කොතරම් හොඳින් නඩත්තු කටයුතු කළත් මෙවැනි දේ සිද්ධවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මේවට ඇමතිටවත් දුම්රිය සේවකයන්ටවත් බැනලා වැඩක් නැහැ. (නි)
මේ සිද්ධවෙන දේවල් ඒ තරම් හොඳ නැහැ (නි)
අලුතින් දුම්රිය ගෙන්වන්න කාලය හරි වගෙයි (නි)
මට විටෙක සිතෙනවා මෙම පීලිපැනීම් පසුපස කඩාකප්පල්කාරීන් ඇතිබව (නි)
පුබුදු, දැන් දුම්රිය පීල්ලේ යනවාට වඩා යන්නේ පීල්ලෙන් පැනලානේ (නි)