හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා නේවාසිකව ප්‍රතිකාර ලබන කොළඹ ඩර්ඩන්ස් පෞද්ගලික රෝහලට සෙනසුරාදා (20) ගිය සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැය දෙකක පමණ පිළිසඳරක යෙදී ඇතැයි වාර්තාවේ.
ඇමැති රාජිත සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතාද එහි ගොස් ඇත.
බැසිල් රාජපක්ෂ මහතා එම රෝහලේ 7 වැනි මහලේ වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබයි. ඔවුන් සාකච්ඡා කළේ කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විසෙන් විස නැසෙනවා කීවට මේ දෙවිස එකතුවීමෙන් රට නැසේ (ම)
මාස තුනක් ගියාට පසුවද හදිසියේ යාළුවාට ලෙඩ බව මතක් වුණේ? මේකේ මොකක්ද හොර රහසක් තිබෙන පාටයි. (නි)
එයාලා දුකසැප ගැන සාකච්ඡා කරන්න ඇති (නි)
තාත්තා ආවේ පුතාට බෙලිඅත්තේ නොමිනේෂන් ලැස්ති කරන්නද. (හේ)
ප්‍රවේශම් වෙන්න! පොලිටික්කන්ගෙන් ඈත්වෙලා ඉන්න (නි)
පෑල දොරෙන් ගෙදරට එන දස්කොන් ගැන දන්නේ කිව්වාලු! (නි)
මහා පරිමාන වෘත්තිකයන් දෙදෙනක් තමන් වෘත්තියෙන් රැස්කරගත් දේවල් ගෙන සාකච්චා කරන්න ඇති. (ර)
පරිස්සම් වෙමු! (නි)
අපා දෙපා සිවුපා කාටවුණත් "නියම මෛත්‍රීය" නම් අපලදායක වෙන්නේ නැහැ. (නි)
අනේ මහතුනේ දේශපාලන පිටියේ සටන් බිමට එන්න ඉස්සෙල්ල බැසිල් රාජිත දෙන්න ආනන්ද විද්‍යාලේ සමකාලීනයෝනේ. එහෙව් එකේ දුක සැප බැලුවහම මොකද? (ස)
මේ ඔක්කොම ඩබල් ගේම් කාරයෝ බලන් ගියාම !(බ)
මේ සමහරුන්ට නම් ඉතින් මොන ප්‍රතිපත්තිද? (නි)
ඔය දියවන්නා හෝටලේ අඩු මිල බත් කන මිනිස්සුන්ගේ හැටි තමයි, එකක් කියනවා, එකක් කරනවා. ඡන්ද දායකයින්ට ප්‍රතිපත්ති රකින්න කියා දෙනවා. ඡන්දෙ රැක ගන්න ඕනේ නිසා. කෝ මේ ගොල්ල ගාව ඔය කියන ප්‍රතිපත්ති.?(ම)
කටින් කයිවාරු විතරයි. උසාවියට එන්න බයයි (නි)
සැමදා සුදු-කළු මිනිසුන් නැත (ම)
වෙනස මාරයී. (ර)
දෙන්නා මොනවා කතාකළාද දන්නේ නැහැ. (නි)
බොහොම කීර්තිමත් ඉතිහාසයක් තමා තියෙන්නේ දෙන්නටම ..(ම)
හේමන්ත,ලෙඩෙක් බලන්න යන්නත් ඔහුගේ දේශපාලන නින්‍යාය බලන්න ඕනෑද? (නි)
නැව ගිලෙනකොට ඉස්සරවෙලාම පනින්නේ මීයෝලු. දැන් ඔක්කොම පැනල ඉවරයි.කපිතානුත් පනින්න වගේ යන්නේ. (ස)
මුන් දෙන්නටම ලබන ඡන්දෙන් නෝ චාන්ස්.(බ)
මේ දෙන්නම පක්ෂ මාරු කරපු අය. (ර)
ටෝයියෝ බයියෝ වෙලා දෙපැත්ත බෙදිලා මරා ගන්න හදන සිංහලයාට හොද වැඩේ. පේනවා නේද සාමාන්‍ය මිනිස්සු මරා ගනිද්දී හැමදාමත් පැතී මාරු කර කර රජ වෙනවා..(ම)
මම බැසිල් නම්, රාජිතගේ මුණ බලන්න තියා වාට්ටුවට එන්නවත් එපා කියනවා. තමන්ගේ සහෝදරයාට, රාජපක්ෂ පරම්පරාවට මොන තරම් අපහාස උපහාස කළ කෙනෙක් එක්ක මොන ගනුදෙනුවක් ද? (ම)