ජනපතිවරණයේ නිල ඡන්ද පෙට්ටි ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම දැඩි පොලිස් ආරක්ෂාව යටතේ හෙට (7) සිදු කිරීමට නියමිතය.
මාතර දිස්ත්‍රික්කයේ හිස් ඡන්ද පෙට්ටි ගබඩා කර ඇති ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්ථානය පොලිස් නිල සුනඛයින්ගේද සහාය ඇතිව අද (6) පරීක්ෂාවට ලක් කෙරිණි.
පොලිස් නිල සුනඛ රෙක්ස් සුජාතා බාලිකාවේ හිස් ඡන්ද පෙට්ටි පරීක්ෂාවට ලක් කළේය.
බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඡන්ද විමසීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ඡන්ද පෙට්ටි නිකුත් කිරීම 07 වන දා උදෑසන 7-00 සිට බදුල්ල මධ්‍ය මහ විද්‍යාලය, බදුල්ල විහාරමහාදේවි විද්‍යාලය සහ බදුල්ල කච්ඡේරි සංකීර්ණය යන ස්ථාන වලදී සිදුකරන බව බදුල්ල දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරී රෝහණ කීර්ති දිසානායක මහතා පැවසීය.
ඡන්ද ගණන් කිරීම බදුල්ල කච්ඡේරිය, බදුල්ල මධ්‍යම මහ විද්‍යාලයේ සහ බදුල්ල විහාරමහාදේවි විද්‍යාලයේ ස්ථාපිත කරන ගණන් කිරීමේ මධ්‍යස්ථාන 46 ක දීත් තැපැල් ඡන්ද ගණන් කිරීම බදුල්ල මධ්‍ය මහ විද්‍යාලයේ මධ්‍යස්ථාන 18 ක දීත් සිදු කිරීමට කටයුතු කරන බව බදුල්ල දිස්ත‍්‍රීක් සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත්නායක මහතා පැවසීය.
ජනාධිපතිවරණය සදහා පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම ,ආනමඩුව,වෙන්නප්පුව,හලාවත.නාත්තන්ඩිය යන ආසන පහ තුළ ඡන්දය සලකුණු කිරීම සඳහා සුදුසු කම් ලැබූ ඡන්ද දායකයින් 5.53009ක් මධ්‍යස්ථාන 387ක දී ඡන්දය භාවිතා කිරීමට නියමිත බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කර්‍යාලයේ මාධ්‍ය අංශය කියයි. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ගනන් කිරීමේ මධ්‍යස්ථාන 46 කදී ගණන් කිරීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු පුත්තලම දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී එම් කිංස්ලි ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරේ.
ඡන්ද විමසීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන 288 ක් පිහිටුවා ඇතැයි දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී නිමල් අබේසිරි මහතා කියයි.
ඡායාරූප - ක්‍රිෂාන් ජීවක ජයරුක්
බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා
ඡායාරූපය - පාලිත ආරියවංශ
ඡායාරූප - ක.ග.කරුණාරත්න
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාතර ඡන්ද පෙට්ටියට රෙක්ස් රැකවරණ
සුසන්ත Tuesday, 06 January 2015 12:41 PM
කොහොමහරි ඡන්ද ප්‍රතිඵලය සාධාරණයට දුන්නොත් ඒකම ඇති සුරේෂ්ට රාජ්‍ය සේවකයෙක් වෙන්න (බ)