මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමඟ නැඟිටුමු යන්න තේමාව කර ගත් රැස්වීමක් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ දී මින් මද වේලාවකට පෙර ඇරැඹිණි.
එහි වේදිකාවේ ඉදිරිපස පහත සඳහන් කවිය ලියා තිබිණි.
‘මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා
යහ පාලනය උගුලක් බව දැන සිටියා
පරසක්වලට උන් පලවා ලන අටියා
ජුනි දොළහ එනතුරු දින ගැන සිටියා‘
(ඡායාරූප ඉෂාන් සංජීව සහ විමල් වීරවංශගේ ෆේස්බුක් පිටුවෙනි.)











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ජුන මහතාණනි එය ඔබ ඇතුළු සුළු පිරිසකට වටි. (ස)
භයක් හැකක් නැතිව, සුදුවෑන් භීතිකාවක් නැතිව ඕනෑම දෙයක් විවේචනය කළහැකි නිදහසක් බුක්ති විදින මේ "යහ පාලනය" දාහකින් සම්පතකි. මම මගේ දරු පුල නඩත්තු කරන්නේ මගේ උගත් කමින් හා ශ්‍රමයෙන් උපාය ගන්න සාදාරන යුත්ති ගරුක මුදල් වලිනි. මට මහින්ද හා වටේ ඉන්න හොර හැතිකරය හරහා සමාජයට කඳු වන්නාවූ අසාදාරන මුදල් හා ප්‍රතිලාභ වලින් කිසිවක් ලබාගෙන හෝ ලබාගන්න බලපූත්තුවක් හෝ නැත. එමනිසා කිසිදා "මහින්ද හෝ මහින්දගේ ක්‍රමය" හෝ නැවත ඇතිවනවට මුළු හදවතින්ම බලාපොරොත්තු නොවෙමි. (අ)
හොරු සමග කණ්ඩායම දැන් අමතනවා මාතරදී .මදි හරිය ගන්න ජනතා අවසරය පතනවා ,(අ)
රොහාන් දුනුවිල, මහතාණෙනි,මම දේශපාලනය නොදනිමි. කවි ලිවීමටද නොදන්නෙමි. රටේ වෙන්නේ, වන්නේ කුමක්ද යන්න වටහාගන්න උත්සාහ කරමි. එම නිසා යහපාලනය ගැන සිතමි (නි)
දෙවැනි වරට බලයට පත් වෙලා තමන්ට ජීවිතේ තියෙන තුරුම බලයේ ඉන්න පුළුවන් විදියට ව්‍යවස්ථාව වෙනස් කරා. ජනවාරි 9 ජනතාව ඔහු පැන්නුවේ දුම්මල ගහල. මොනවද මේ විහිලු? නැවත රට මරාපලනයට ඉඩ තබන්නේ නැහැ. විමල් ගාව එයට පුටු දෙකක් වෙන් කරලා තියෙන්නේ විමල්ල දෙන්නෙක් ඉන්න නිසාද? (ස)
9 වෙනිදා ආණ්ඩුව මාරු වුණාට දුෂණය එලෙසම ක්‍රියාත්මක වෙනවා. එකට උදාහරණ මහා බැංකුවේ . රේගුවේ සිදුවීම් ගත හැක , අපි හැමදාමත් කලේ හිසරදයට කෝට්ටේ මාරුකරන එක තමා. හිසරදය නිට්ටාවට සුව කරන්න බෙහෙත් ගන්න දැන් කාලය හරි (අ)
මම අහන්නේ කොහොමද මොහුව ජනතාව අායිමත් පත්කර ගන්නේ ...එක සහෝදරයෙක් බිලියන් ගානක් ගිලලා ඇප නැතුව ඉන්නවා ...තව කෙනෙක් රුසියාවේදී මෙයාගේ පාලනය යටතේ අවි ජාවාරම් වලින් බිලියන් ගානක් කාල රටටවත් එන්නේ නැතුව හැංගිලා ඉන්නවා .මේ සිද්දීන් දෙකක් පමණයි පෙන්වා දුන්නේ. ඔහු සහ ඔහුගේ සහෝදර සමාගම කර තිබෙන මගඩි ලියන්න ගියොත් මේ පිටුවත් මදි වෙනවා ...කප්පරක් හොරකම් කර තියෙද්දිත් යහපාලනයේ කනෙන් රිංගලා බලය ගන්න හදන මේ කුට ක්‍රමය නවතන්න පුළුවන් හරියට මේ හොරකම් විමර්ශනය කරලා මොවුන්ට ජම්පරේ අන්දුවොත්......නැතිනම් වෙන්නේ මොහු ඇවිල්ල යහපාලනයම වනසා දමනවා .. ඔහු මේ කටයුතු කරන්නේ එම වියරු සොභාවයෙන් කියා ඕන කෙනෙකුට තේරෙනවා ......එ්කට කට්ටිය සුදානම් නම් කිසිවක් නොකර ඉන්න .යුක්තිය සාධාරනය අගයන ජනතාවට අයිමත් වැටෙන්න වෙන්නේ නරා වලටයි .(අ)
අර්ජුන රණවන ගැන දුක හිතෙනවා. වෙන දෙයක් කියල වැඩක් නෑ.(අ)
"රොහාන් දුනුවිල" ඔබ හරි..... " හිතේ දුකට එතකොට කවි කියවෙනවා " (අ)
අර්ජුන රණවන මහතාණනි, දැන් පෙර නොතිබුන ඔබ පවසන ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, මානව හිමිකම් ආදී දේ තිබෙද? මහින්ද මහතා හොරා ගැනීම හැර රටට කිසි සේවයක් කර නැතිද? (බ)
අපි හැමදාමත් මහින්ද ජනපතිතුම සමගයි (අ)
ඔක්කොම හරි මට මේ කොඩිය තමා ප්‍රශ්නේ(අ)
මිහින්ද තමයි හදවත් වල ජනපති. (ස)
හැමෝටම 100% හරි යන පාලනයක් කවදාවත් එන්නේ නෑ. තිබුන එකට වඩා මේක හොදා. ඒක තේරෙන්නේ මහින්ද දිනුවානම්. (නදී)
චානක අදුරේ අත පත ගානවා වගේ. (ස)
ඔක්කම බොරු කාරයෝ තමන්ගේ වාසියට බලයට එන්න හදන්නේ මේක දන්න නැති මෝඩ මිනිස්සු පස්සෙන් යනවා. මෝඩ රැළ කවද හැදෙයිද දෙයියොත් දන්නවද දන්නේ නැත. (ස)
මට දුක අපේ රටේ සමහර අය තවම සාටකයට කඩේ යනවනේ. (ස)
අැත්ටම අපේ රටේ මිනිස්සු ගැන හරිම කණගාටුයි. තමන් ගෙවන බදු තමන්ගේ අනාගතය රටක වියුතු සංවර්දනය දේශපාලකයන්ගේ දැනුම බුද්ධිමත්භාවය ඔවුන් කරනන දුෂිත දේවල් වගේ කාරණා ගැන හරිම අඩු අවධානයක් තියෙන්නෙ. ඒක හොදට දන්නා කට්ටිය මාරුවෙන් මාරුවට බලය අරන් උන්ගේ මඩි තරකර ගන්නවා. යුද්දෙන් පස්සේ මෙරටේ හොරකල කුඩු එතනෝල් වපුරලා කැසිනෝ ගෙනල්ල දළදාව ලඟ රේස් පැදලා දැන් පන්සල් යන අය ගෙන්නන එක සෙට් එකක් වලි කනවා. මොනවත් නොතෙරුනාවගේ අපි මේ බලා ඉන්නවා. (ස)
අර ළමයාට රැවුල කොන්ඩේ පිළිවෙලකට කපාලා වැදගත් තරුණයෙක් වගේ ඉන්න කියන්න කවුරුවත් නැද්ද ? මේ රැලි වලට දුවගෙන එන්න කලින් ගෙදර මිනිස්සු උදේට මුණ කට හෝදලා පිළිවෙලකට ඉන්නවාද කියල වත් බලන්නකෝ. පින්තුර වල පුතා ඉන්න හැටි බලන්නකෝ . (ස)
මාතර ගඟේ සිටි කිඹුලිගේ පැටියා ,.. ගිල්ල නේද මැදමුලනේ කබරගොයා ....... හිත නොහොදින් ගෙදර ගියත් මේ බොටියා.... යලිත් එන්න වලිකනවා මේ සැටියා ... සිහිවිකලයේ මෙන් පන්සල් වල සිටියා .. රටේම හොරු මොහු වටකරගෙන සිටිය .......කට ඇත බෝක්කුව සේ අරගෙන නිතියා.... බඩ ලොකු උනත් මුන්ගේ මොළයේ මැටියා. (ස)
මහින්ද රාජපක්ෂ දැන් කරගෙන යන්නේ විනාසයක් විනා රටට යහපතක් නොවෙයි. (ස)
මහින්ද මොනවා කලත් සමහර උදවියට පේන්නේ වැරදියට. යුද්දෙන් රට බේර ගත්තට එකත් වරදක් වගේ මේ කට්ටියට. (ස)
මහින්ද මොනවා කලත් සමහර උදවියට පෙන්නේ වැරදියට. යුද්දෙන් රට බේර ගතට එකත් වරදක් වගේ මේ කට්ටියට. (ස)
මා ගැන විවේචනය කළාට, මම අමනාප නොවෙමි. මහින්ද සහෝදර සමාගම සහ අනෙකුත් අය කළ හොරකම් නිසා රටට විය හැකි දේ විවෙචය කරන්න ඔබලාට කරුණු නැත. කරණාකර චානක ගේ අදහස් බලන්න. ඔබලාට යථාර්තය නොවැටහීම කණගාටුවට කරුණක්. ගත්ත ණය සහ ඔවුන්ගේ කොමිස් වලට බදු ගෙවන්නේ කවුද . සුදුසුකම් නැතිව දේශපාලනයෙන් රස්සා ගත් අය, නිකම් ඉඳ හෝ අඩුවෙන් වැඩ කර හෝ මහජන මුදලින් වැටුප් ලබන අය, මහජන මුදලින් කළ කොන්ත්‍රාත් ආදියෙන් යටි මඩි ගසා ගත් අය, ආණ්ඩුවේ දේපල නොමිළේ හෝ කුණු කොල්ලෙට බද්දට ලබා ගැනීමේ වරප්‍රසාද ලත් අය, කැළෑ කපන්නන් ඇතුළු පරිසර සංහාරයන්ගෙන් මුදල් ගරා ගන්නෝ, මහජන මුදලින් කුණු කොල්ලෙට පොහොර ලබා ගන්නා පුද්ගලයෝ, දේශපාලකයන් ඇසුරින් නීතියෙන් ආරක්ෂාව ලබා ගත හැකි මැරවරයෝ, වැඩි සමාජ ඇසුරක් නැති රූපවාහිනියෙන් යැපෙන ගෘහනියෝ, ජීවිතය යනු බල්ලන් මරා හෝ සල්ලි හොයා හැකි තරම් භාණ්ඩ මිළ දී ගෙන පරිභෝජනය කිරීම මිස අන් දෙයක් නො වේ යයි සිතන පාරිභෝගිකයෝ ආදී සැලකිය යුතු පිරිසක් මහින්ද වීරයකු ලෙස සලකති.ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, මානව හිමිකම් තබා තමන්ගේ හිමිකම් ගැනවත් නො දනිති. ඔවුන්ට මහින්ද රජෙකි. මහින්දගේ පවුල රජ පවුලකි. රජුන්, ඇමතියන්, කුමාරවරුන් හා ඔවුන්ගේ අන්තේවාසිකයන් කා විසි කළ, තමන් ළඟට වැටෙන කටුව ඔවුන්ට රජ බොජුනකි. මහින්දලාගේ බොරු ප්‍රචාරවලින් ඔවුහු අන්ධ වී සිටිති. (ස)
තවත් උපුටගනීමක් "මහින්ද පන්සල් යයි. ඔහු පන්සල් එන විට එහි රැස් වන ජනතාව බුදු මැදුරු, බෝ රුක් අසල සිට විසිල් ගසති. ජය ඝෝෂා කරති. ඔහු අවමංගල්‍යයන් පවා දේශපාලන රැස්වීම් බවට පත් කරයි. ජනතාව අමතයි. වහසි බස් දොඩයි. ජනතාව හඬවයි. දූෂිත රාජපක්ෂ ක්‍රමය සමග ගැට ගැසී තිබෙන ආකාරය අතිශය සංකීර්ණ ය. එහෙයින්, රාජපක්ෂ ක්‍රමය නැවත ස්ථාපිත කර ගැනීම ඔවුන්ගේ යහපැවැත්මේ කොටසකි. ඔවුන්ගේ බලය, ආදායම් මාර්ග, සමාජ තත්වය, නිදහස ආදී කරුණු රැසක් රාජපක්ෂ ක්‍රමය සමග ගැටගැසී තිබේ. රාජපක්ෂ ක්‍රමය නැවත ස්ථාපිත කර ගැනීම වෙනුවෙන් ඔවුන් වෙහෙසෙන්නේ ඒ නිසා ය." (ස)
අර්ජුන රණවන මහතාණෙනි , ඔබේ දීර්ඝ ලයිස්තුවේ සිටින සියලුම දෙනා ඉතා සතුටින් හා සැපෙන් යහපාලන ආණ්ඩුව සමග සිටින බව මුළු රටම දන්නා නමුත් ඔබතුමාට නොපෙනෙන්නේ ඇයි? අර සුප්‍රසිද්ද මෙර්වින් පෙරේරා ? අපට යහපාලනයක් බලාපොරොත්තු විය හැකි ද? (ස)
චානක බොරු කියන්න තව ටිකක් ඉගෙනගන්න. හරියට ඔහේ කතා කරන්නේ බිලියන ගානක් සාක්කුවෙන් අරන් දුන්න වගේ ,ඇත්තටම බිලියනයට බින්දු කියක් තියෙනවද ,ඔය කතා කරන්නේ රුපියල්ද ?? එහෙම නැතිනම් සතද?බොරු කයන්නේ නැතුව ඉන්න හලෝ. ඔබ එන්.ජී .ඔ වලින් යැපෙන්න,,එහෙත් රටක් වටින නායකයට අවමන් නොකරන්න. (ස)
අර්ජුන රණවන දේශපාලනය නොදන්නවා කිවුවාට බොහොම හොඳ පැහැදිලි කිරීමක් මේ දුෂිත පිරිස් ගැන ලියලා තියෙන්නේ.ඒවා චානක වැනි උගත් තරුණයන්ට මිස මෝඩයින්ට තේරෙන්නේ නැත. (නි)
මාතර ගගේ ඉන්නා කිබුලිගෙ පෑටියා, පාරු වන්සලාගේ හෑටි දෑන සිටියා, මර හඩ තලයි ආපහු පුරුදුම තෑටියා, රට වේගයෙන් මරු කටටම යන අටියා... මෝඩ හිවල් තකතිරුවෝ උඩු බුරති, උන් දෙස බලා නිවටුන් හෑම ඉපිල යති, බලු පොරයක් ලෙසට හඩ නලුවේ රගති, වාසි පිලට සෑලුන් දොරටුවෙන් පනිති... බේද බින්න වී ගම රට අභාගෙට, යන හෑටි දුටුවාම තව තව විනාසෙට, තක තිරු දීන නිවටුන් පිරි සමාජෙට, වෑඩියෙන් හොදයි යන එක එක පර සක්වලට...(බ)
ලංකාවේ සිටින අයට අවුරුදු 30 ශාපලත් යුද්ධයේ අමිහිරි අත්දැකීම් අමතකවුණ ඉක්මන? (නි)
එ් කියන්නේ හෙට අලුත් ආණ්ඩුවක් !(හේ)
චන්දන නියමයි (අ)
එතකොට මේ ජනග්‍රහණය ඔක්කොම වහල්ලුද ? නැත්නම් කියපු අය වහල්ලුද ?රටට ආදරය කරන ඔබ සියලුදෙනාට මගේ ආචාරය......(ම)
මාතර ගගේ ඉන්නා කිඹුලිගේ පැටියා ජනවාරියේ අට වෙනි දවසෙත් සිටියා යහපාලනය එන බව ඌ දැන හිටියා මිනී නොකයි දැන් ඒ කිඹුලිගේ පැටියා.(හේ)
කවුරු මොනවා කිව්වත් රටක් වටිනා නායකයෙක් අපිට නැතිවුණේ (නි)
අර්ජුන රණවන මහතාගේ කතාව හරියටම හරි (නි)
රටක් වටිනා වැඩක් කරලා බලය ඉදිරියේ අන්ධ වුණා, අමල් (නි)
අපි සූදානම් මහින්ද රට වෙනුවෙන් යුද්ධය දිනාගෙන කළ දේ අගයකරන්න මිස ඔහුගේ හතර වරිගයේම නෑදෑයන් හිතමිතුරන් ජාතික වීරයන් ලෙස සැළකීමට නෙමෙයි. ඒ ටික ඔය මහින්දගේ ගුණ ගයන කට්ටිය දැනගන්න. මෙතන ප්‍රශ්නය මුළු පවුල් සංස්ථාවම බලාපොරොත්තු වෙනවා මහින්ද නිසා තමන්ව කර උඩ තියාගෙන මිනිස්සු ගෙනියන්න ඕනෑ කියලා. (නි)
මහා ලොකු පරම්පරාගත බුදලයක්, ඉහළ වැටුප් ඇති වෘත්තීය සුදුසුකම් ඇති උදවිය නැති පවුල් ප්‍රකෝටි ගණන් හිටිගමන් හම්බකර ගන්නේ කොහොමද කියලා ඕනෑ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. එක්කෙනක් නම් මදැයි. රටේ මෙහෙම විහිලු තවමත් යන්නේ කොහොමද? මේගොල්ලන් බලයේ හිටියා නම් දේශපාලන ප්‍රතිවාදීන්ට මෙහෙම වේදිකාවල් ගහගෙන නටන්න ඉඩදෙනවාද? එහෙනම් මාතර කොටුවෙන් පහළට කරණම් ගහලා තමයි රැස්වීම ඉවර වෙන්නේ (නි)
දැන් මේ සමහර හොරුන්ට මහින්ද නැතුව ඉතිරි වැඩ ටික ගෙනියන්න බැහැ. ලැජ්ජාවක් නැද්ද රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සඳහා වැරදි වයසක් දුන් වරදකට ගෑවුණ කෙනෙක් මෙහෙම ගෙන්වාගන්න. තානාපතිවරුන්ට ගුස්ති දාන , ඇමතිවරු සිටියදී අමාත්‍යාංශය අතට ගත් චණ්ඩින් ළංකර ගත් කට්ටිය තමයි මේ රටට හරියන්නේ. (නි)
මේ රටේ කොච්චර හොරු සංඛ්‍යාවක් ඉන්නවාද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අහවලාට කඩේ යන කට්ටිය දැක්කහම. (නි)
රටක් වටින මහින්ද ...... කෙනෙක් නොවෙයි ඇහින්ද...(හේ)
නිලාන්,ඔබ රෙජීමයේ ලොකු ඇස් බැන්ඳුමකට අහුවෙලා.ඔය නඩය බලයේ ඉඳගෙන කර තිබෙන දුෂණ ඔබ දන්නේ නැතුව ඇති.ජනවාරි 8 වෙනිදා දක්වා ඔවුන්ට රට යටත්කරගෙන ඉන්න පුළුවන් වුණේ ඔබ වගේ ඕනෑදේකට එහෙයි කියමින් කඩේ ගිය පිරිසක් හිටිය නිසයි..... (නි)
අබේරත්නට වැරදිලා.අපි අඳුරෙන් එළියට ඇවිල්ලා. එම එළියෙනුත් එළියට ගිහිල්ලා ගිහින් අන්ධවෙලා ඉන්න ඔබලාව ගොඩගන්න තමයි මේ වෙහෙසෙන්නේ.එම නිසා රෙදි හෝදන්නේ නැතිව එන්න අපිත් එක්ක එකතුවෙලා රටේ දුෂණය පිටුදැකලා බාල පරපුරට හොඳ රටක් නිර්මාණය කරදෙන්න .... (නි)
යහපාලනය උගුලක් බව දැනන් ඉන්නේ එතකොට කිඹුල්ලු පිරිසක් කියන එකනේ කවියෙන් පැහැදිලි වෙන්නේ , හැබැයි ඒක නම් හරියට හරි.(හේ)
බොහොම අගෙයි. මහින්ද නැතිව රට ගෙනියන්න බෑ. (හේ)
දේශපාලනය දන්නා බව කියන්නට උත්සාහ කරන සමහරු මඩ ෆේස්බුක් සහ ගොසිප් අසා කියන ලියන බව පෙනෙනවා. මහින්ද මැතිතුමාට තමන්වත් නොදන්නා චෝදනා දමා තවත් මඩ ගැහුවාට පලක් නැහැ. එතුමා ඔව් විලම්භීත වෙන්නේ නැහැ. බලන්නකෝ සියල්ලෝම. මහා ඡන්දය කොයි විදිහටද කැරකෙන්නේ කියලා. (බ)
ගොඩක් පින් මේ වගේ දෙයක් අපිට පෙන්නුවට,දැන් වෙන දේවල් වලට අපේ රට ගැන අපිට දුකඉ.හැමදාමත් අපි මහින්ද රජු සමගි (ම)
මාතර ගඟේ සිටිනා කිඹුලිගේ පැටියා යහ පාලනය හොඳ බව දැනගෙන හිටියා පච වංසයා එන බව දැනගෙන පැටියා මුඛය කන්න අසලට වී රැක සිටියා. (ම)
මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා... ඔලුව ලොකුයි බෙල්ලේ ඇත සාටකයා... දූෂණ වංචා වලට සළකන් පැටියා... යහපාලනය නවතන්නට වලිකන සැටියා... නැවියා හොඳයි රජරට නෞකාවේ... ගොවියා හොඳයි යහපාලනය කලාවේ... දෙවියෝ හොඳයි කුඩු නොමැති ලොවේ... ගොවියා රටට ආලෝකය ගෙන ආවේ... පරසක්වලට උන් පලවාලන අටියා.... ජුනි දොළහ එනතුරු දින ගැන සිටියා... (නි)
හංසයාට මොරදෙන කඩේයන පින්වතුනේ, සත්‍ය තේරුම් ගනිල්ලා! (නි)
මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා -මැදමුලනත් සමග මිතුරන් වී හිටියා මිනී නොකෑවද කෑවද දැන සිටියා- මරණ බයෙන් ඒ ගැන නොකියා හිටියා (අ)
නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා ජනතාවට ලංකාදීප පුවත් පත මේ අන්දමින් ඉඩ ලබා දීම මේ යුගයේ මහත්පල ආනිශංස දෙන පුණ්‍ය කර්මයක්. සංවාදශීලිත්වය තුලින් තාර්කිකව හිතන්නත් ඒ අනුව ලියන්න කියන්න හැසිරෙන්න දැන්වත් ජනතාව ඉගෙන ගත යුතුයි. යහපත් හෙටක් පිලිබඳ අප දකිනා සිහිනය යථාර්ථයක් බවට පත් කරන්නේ දේශපාලකයා නොව "සන්ඩු" කරමින් හෝ සත්‍යය දැනගැනීමට වෙහෙසෙන ජනතාවමයි. (බ)
තවම ලංකාවේ අපේ අය ඉන්නේ ලිඳේ ඉන්න ගෙම්ම්බෝ වගේ දුකත් හිතෙනවා.අපිත් කැමතිි අපි මෙහෙ විදින නිදහස මිනිස් අතිවාසිකම් ලංකාවේ ජීවත්වෙන අපේ අම්මල ,තාත්තල ,අක්කල අයියල,නංගිලා ,මල්ලිලා සියල්ලන්ම බුක්තිවිදිනවා බලන්න .දියුනු රටවල තියන යහපාලනය . විහිලුවකට ගන්න එපා හිතට එකගව හිතන්න. (අ)
උමතුවෙන් වගේ අදහස් දක්වන පිරිසකුත් ඉන්නවා නේද? (නි)
අර්ජුන, ඔයාගේ කටේ මසුරන් දාන්න වටිනවා. (නි)
පණ්ඩිතයන්ට ඒ දණ්ඩෙ යන්නවත් බැහැනෙ. පණ්ඩිතයො රැලම එකතුවෙලා යසට තිබුන ඒ දණ්ඩ පෙරළාගත්තා. දැන් පණ්ඩිතයන්ට යන්නත් නැහැ අනිත් අයට යන්නත් නැහැ (නි)
හතර වටින් කලුකරගෙන වහින වෙලාවේ. ,,,පුදුමයි හෙන වැදුනේ නැහැ. කිබුල් රජාට.(හේ)
පැමිණ සිටින ජන ගඟෙන්ම බොහෝ දේ පැහැදිලියි (නි)
අර්ජුන රණවන, ඇස් ඇරලා වටපිට බැලුවොත් පෙනේවි. (නි)
බෙන්තර ගඟෙන් එහාද කිඹුලිගේ පැටියා ඉන්නේ? (නි)
උණු වතුර නටන තෙක් කකුළුවා දිය කෙලියේ යෙදේ. මහින්දගේ වැඩ ගැන රටේ වැඩි දෙනෙක් හරි හැටි දන්නේ නෑ. එයාගේ ෆයිල් හංගගෙන ඉන්නේ. යහපාලනය වෙලාවට කලාවට ඔක්කොම මගඩි එලියට දානවා එතකන් උණු වතුර මුට්ටිය සුදානම් වෙනවා. මහින්දට එතකන් ජයයි. (බ)
අපේ ගමේ නම් මැරිච්ච කිඹුල්ලුත් නැට්ට වනනවා.මාතර ගඟෙත් එහෙමද? (නි)
නියම කවිය! (නි)
ඔන්න අයිත් ගල් ගහන්න පටන් අරන් හි හි හි (ස)
සෙනග ටිකායි නේද ඉන්නේ. කොටු ගහමුද (ස)
ජය වේවා .(හේ)
මාතර ගඟේ ඉන්න කිඹුලිගේ පැටියා ,..ගෙදර ගියත් බලයට කෑදර සැටියා ...පන්සල් වලට මල්ගෙන දුවමින් සිටියා ..කට ඇත ගෝලයන් හට මොළයේ මැටියා.. (නි)
දැන් මේ යුද්ධය ඉවර කලා කියලා කරපු හැම දේම ඉවසන්න කියල මේ අය කියන්නෙ...මෙයාව පැරැද්දුවෙ මේ රටේ මිනිස්සු.....වෙන රටවලින් ඇවිත් නෙමෙයිනෙ...දැන් බොරුවට රඟපෑවට ජන්දයක් තියන්න කියල අපි කිව්වද..මේ රටේ එකෙක් කිව්වද? අතේ ගුලි කරන් ඉන්න එකෙන්ම පේනවා හිතේ තියන චින්තනේ...කෙළින්ම වේදිකාවට නගින්නෙ නැතුව මොන්ටිසෝරි වැඩ කරනව..අනුන් කඩේ යවනව එයාට බලය දෙන්න කියල..පැරදුනානම් ලැජ්ජ නැතුව ගෙදරට වෙලා පැන්ෂන් එක භුක්ති වින්දනම් ඉවරයිනෙ..දැන් මෙයා හදිසියෙ මැරුනොත් රට ඉවරයි එතකොට...පිස්සු (බ)
එයාගේ ආණ්ඩුව හොරකම් කළා කියල මහින්දම කියනවනේ. ඇයි කිව්වේ මම හොරු ආරක්ෂා කළා දඩුවම් කළේ නෑ කියල ඒ කියන්නේ එයාලත් හොරකම අනුමත කළා කියන එකනේ. කොහොමද කියන්නේ එයාල ආයේ ආවොත් හොරකම් නොකරයි කියල. ඒ පාලනයට වඩා මේ පාලනය හොදයි කියල හිතෙනවා. බනින්න හරි නිදහස තියෙනවනේ. (බ)
අර්ජුන, අනුන්ගේ කවියක්වත් සාම්පලේට අරගෙන කොපියක්වත් ගහගන්න බැරි ඔබ දන්නේ මොන දේශපාලනයද? මම දිගටම අර්ජුන්ගේ හරසුන් සටහන් ජුගුප්සාවෙන් වුණත් කිවෙවූවා. ඒවාට උත්තර නොදී හිටියේ මම තප්පුලන්න දන්නේ නැති නිසයි. මමත් කවියට සම්බන්ධ කෙනෙක් නිසා මේක දැක්කහම නම් නොලියා ඉන්න බැරිවුනණා. හිත රිදුනා නම් සමාවෙන්න. (නි)
අපි ඔහුව ගෙදර යැවුවා. ඒ රට අරාජික කරන්න බැරි නිසා (නි)
කවුරු කොහොම විකාර දෙඩෙව්වත් ජනතාවගේ කැමැත්ත යුද්ධය දිනු නායකයාටයි. මේ රැළියෙන් ඒක පෙනෙනවා. ඔහුගේ කාලයේ ඔහු වටා හිටිය සමහරු හොරකම්, දූෂණ කළා. නමුත් දැන් එවුන් සියල්ලෝම යහ පාලන ආණ්ඩුවට එක්වෙලා. එතනින් නැවතුනෙත් නැහැ. මේ රට විනාශ කල කොටින්ගේ අනුගාමිකයන් සමග විදේශ ඇමති සාකච්චා පවත් වනවා. (අ)
මහින්දව බලයට ගෙනෙන්න වලිකන අයවලුන් කවුද කියල හොදට බලන්න .රටටම එපවුණ ,ජනපදනමක් නැති .අප්‍රසන්න පිරිසක් ,ඒ ගැන බුධිමත් සියලු දෙනාම දැඩිලෙස කනගටුවිය යුතුයි, එයාලගේ බිස්නස් එකට අපි වදවෙන්නේ කුමටද .(අ)
අනිල් මහතාණනි, පැවති පාලනයට වැඩිය දැන් පාලනය දහස් ගුණයක් වටී (නි)
අර්ජුන බලන් ඉදලද හොරකම් කරනවා. එහෙනම් අර්ජුනය තමා ඉස්සෙල්ල අල්ලන්න ඕනේ. මෝඩ මිනිහෙක්.(අ)