මාතර කිරල කැලේ හා මුතුරාජවෙල කිඹුල් උද්‍යාන දෙකෙන් එකක් මේ වසර අවසන් වීමට පෙර ඉදිකරන බවත් මාතර ගඟේ කිඹුලන් ඇල්ලීම සඳහා කූඩු සපයා දී ගඟ අවට වැසියනට ආරක්ෂා සහිතව නෑම සඳහා කිඹුල් කොටු තිහක් තනා දෙන බවත් වනජිවි ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා මාතර මාලිම්බඩ දී පැවැසීය. කිඹුලකුට අසුවී පසුගිය හතර වැනි දා මියගිය නුවන්තිකා සත්සරණී දැරියගේ මාපියන් හමුවීමට ගිය ඇමැති ඔවුනට රුපියල් තුන් ලක්ෂයක් පිරි නැමීය. රජයේ ඉඩමක ගෙයක් තනාදීමට ද ඇමැති ඉදිරිපත් විය. කිඹුලකුට බිලිවූ තවත් කතකගේ යැපෙන්නවුන්ට ආධාර උපකාර කිරීමට ද ඇමැති ගියේය. මාලිම්බඩින් ඇල්ලු කිඹුලා දෙහිවල සතුන්වත්තට බාර නොගත් හෙයින් යාලට මුදාහළ බව ද ඇමැති කීවේය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd