බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (10) බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ලන්ඩන් නුවර ඩවුනින් වීදියේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසේදී මෙම හමුව පැවැත්වෙන බව විදෙස් අමාත්‍යංශය කියයි.
ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ ගැන විශේෂයෙන් සාකච්ඡා කරනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක දොස්තර ක්‍රිස් නෝනිස් ද සහභාගී වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන ප්‍රශ්න වලට බයනොවී කෙළින් ඍජු පිළිතුරු දෙන්න (නි)
මේ පාර කොටි උද්ඝෝෂණ නැහැ වගේ ? (දිල්)
ලංකාවට හොඳක් වෙනවා නම් සතුටුයි (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
මොනවා වේවිද දන්නෙ නැහැ (නි)
සාකච්ඡා සාර්ථක වේවා! (නි)
කැමරන් මහත්තයෝ, දැන් හිටපුගමන් මොකද අපට බොරු ආදරයක් පෙන්වන්නේ? (නි)
අපි ඉවසලා බලමුකෝ... (නි)
මේ කතාව සිදුවෙන්නේ කුමන භාෂාවකින්ද කියා මම දැනගන්න කැමතියි (නි)
අපි කලබල නොවී බලා සිටිමුකෝ... (නි)
මොකටද අනේ වෙන භාෂාවල් (නදී)
මේ සාකච්ඡා අපිට වාසි විදියට ඉවර වෙන දේවල් කියල කොහෙත්ම විශ්වාස කරන්න බැහැ.(නදී)
මේ ප්‍රතිචාර බැලුවම ශ්‍රී ලාංකික මිනිස්සුද කියලා හිතෙනවා. පන්ඩිතයෝ ඔක්කොම හරි දේවල් කරපු නිසාද මේ රට අවුල් වෙලා තියෙන්නේ. අපේ රටේ ජනපතිව පහතට දාලා කතා කරන්නේ පක්ෂ බදාගෙන පාට කන්නාඩි දාන අය තමයි. ප්‍රාර්තනා කරන්නකෝ එකම රටක් හැටියට ලංකාවට වාසියක් වෙන විදියට සාකච්ඡා ඉවර වෙන්න කියලා. ඇයි මේ කකුලෙන් අදින්නේ? (නදී)
රෙජී හරි ඔය කට්ටිය එදත් ලංකාවට ආදරය කළා නේද ? (නදී)
1815 ලංකාවේ වූ දේම වෙයිද (අ)
කියන ඔක්කොටම හා කියල ගෙදර එයි. කිසිම දේකට විකල්පයක් ඉදිරි පත් කිරීමට අපේ අය සුදානම් නැහැ. (නදී)
ආප්ප නම් කන්න එපා හොඳේ (නි)
රුවන් කැමරන් අපිට හරි වෙන රටකට හරි වාසිදායක වෙන කරපු වැඩක් කියන්න පුලුවන්ද.? (දිල්)
අපේ රට සුද්දට විකුණලා නම් එන්න එපා මහත්තයෝ. හරියට කෙලින් කතා කරන්න අපේ කලින් ජනාදිපති තුමා වගේ (නදී)
මිතුරෝ වගේ හිටපු හතුරෝ ගෙන් තව නොර්වේ විතරයි අඩු (බ).
යුරෝපයට කොන්ද නවන්නේ නැතිව...අපේ හිටපු ජනපති තුමන් වගේ කොන්ද කෙලින් තියාගෙන අපහු අවොත් හොදා.. ඔය කැමරූන් අපිට කොච්චර ලෙඩ දැම්මද... " ඔස්ට්‍රලියාව තරහ කරගෙන බ්‍රිතාන්‍යට කඩේ ගියොත් අපිට දෙය්යන්ගේම පිහිටි.." (අ)
දිනේෂ් එකේ ආයි අහන්න දෙයක් නැ රැජින කෑම වෙලකුත් දෙනවලුනේ. (අ)
හිටපු කෙනා කෙලින් කතා කළාද? (අ)
ඉෂාන්, පහුගිය අවුරුදු දහය තුළ ලංකාව ගැන තාරතුරු දැනගත්තේ ෆේස් බුක් දැන්වීම් වලින් විතරයි වගේ පෙනෙන්නේ. (අ)
හැමෝම එක්කම හොඳින් ඉන්න සමබර විදේශ ප්‍රතිපත්තියක් හදා ගත්තොත් හොඳයි. චීනෙට විතරක් බරවීම රටට අනතුරු දායකයි.(නදී)
දිනේෂ්, ඔබට ලජ්ජා නැතිද ? හිටපු අය රට චීනාට විකුනලා තියෙන්නේ. අලුත් ලොක්කා කොහොම හරි ඒ කොටස නැවත ගන්නයි බලන්නේ. මේවාගේ තැනකදී යමක් කියන විට හැම දෙයක් ගැනම හොඳට හොයලා බලලා මධ්‍යස්තව විවේචනය කරන්න. (නදී)
රුවන්, කකුලෙන් නොවේ වලිගෙන් අදින්නේ. (නදී)
පැවති රජයේ විදේශ ප්‍රතිපත්ති වල තිබුණු දුර්වලකම් නිසා තමයි රටට විශාල ප්‍රශ්න පැනනැඟුනේ. මේ විශ්ව ගම්මානය තුළ හැම රටක් එක්කම සුහදව වැඩකිරීම නුවණට හුරුයි. මෙතන ලියන සමහර අයට දේශපාලනය ගැන හරි අවබෝධයක් නැහැ (නි)
බොහොම ප්‍රවේශමෙන් කළයුතු කාර්යයක් (නි)
මේ ලෝකයේ විශ්වාස කළනොහැකිම මිනිස් කොට්ඨාශය තමා සුද්දෝ කියන්නේ. බොහොම සුහදශීලිව මහත්වරු වගේ තමා හැසිරෙන්නේ. ඒ වුණාට සත පහකට විශ්වාස කරන්න බැහැ. සුද්දෙක්ව විශ්වාස කළහැක්කේ තවත් සුද්දෙකුට පමණි. අතීතයේ සිටම ලෝකයටම කරන දේවල් දන්නවනේ. මේ අයට අපි තවමත් රැවටෙන එක තමා දුක. (නි)