IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මෛත්‍රී - කැමරන් කතා අඟහරුවාදා

බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (10) බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ලන්ඩන් නුවර ඩවුනින් වීදියේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසේදී මෙම හමුව පැවැත්වෙන බව විදෙස් අමාත්‍යංශය කියයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ ගැන විශේෂයෙන් සාකච්ඡා කරනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක දොස්තර ක්‍රිස් නෝනිස් ද සහභාගී වීමට නියමිතය.



අදහස් (0)

මෛත්‍රී - කැමරන් කතා අඟහරුවාදා

ටානියා Monday, 09 March 2015 07:51 PM

අහන ප්‍රශ්න වලට බයනොවී කෙළින් ඍජු පිළිතුරු දෙන්න (නි)

:       0       0

අනුපම Tuesday, 10 March 2015 09:50 AM

මේ පාර කොටි උද්ඝෝෂණ නැහැ වගේ ? (දිල්)

:       0       0

අබේවංශ Monday, 09 March 2015 09:26 PM

ලංකාවට හොඳක් වෙනවා නම් සතුටුයි (නි)

:       0       0

නිමල් Tuesday, 10 March 2015 12:13 AM

බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

නුවන් Tuesday, 10 March 2015 01:54 AM

මොනවා වේවිද දන්නෙ නැහැ (නි)

:       0       0

වික්ටර් Tuesday, 10 March 2015 02:02 AM

සාකච්ඡා සාර්ථක වේවා! (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 10 March 2015 03:01 AM

කැමරන් මහත්තයෝ, දැන් හිටපුගමන් මොකද අපට බොරු ආදරයක් පෙන්වන්නේ? (නි)

:       0       0

ඉෂාන් Tuesday, 10 March 2015 03:27 AM

අපි ඉවසලා බලමුකෝ... (නි)

:       0       0

රංගන Tuesday, 10 March 2015 03:32 AM

මේ කතාව සිදුවෙන්නේ කුමන භාෂාවකින්ද කියා මම දැනගන්න කැමතියි (නි)

:       0       0

වීරසිංහ Tuesday, 10 March 2015 03:37 AM

අපි කලබල නොවී බලා සිටිමුකෝ... (නි)

:       0       0

මාලි Tuesday, 10 March 2015 04:04 AM

මොකටද අනේ වෙන භාෂාවල් (නදී)

:       0       0

සොපී Tuesday, 10 March 2015 04:25 AM

මේ සාකච්ඡා අපිට වාසි විදියට ඉවර වෙන දේවල් කියල කොහෙත්ම විශ්වාස කරන්න බැහැ.(නදී)

:       0       0

රුවන් Tuesday, 10 March 2015 04:34 AM

මේ ප්‍රතිචාර බැලුවම ශ්‍රී ලාංකික මිනිස්සුද කියලා හිතෙනවා. පන්ඩිතයෝ ඔක්කොම හරි දේවල් කරපු නිසාද මේ රට අවුල් වෙලා තියෙන්නේ. අපේ රටේ ජනපතිව පහතට දාලා කතා කරන්නේ පක්ෂ බදාගෙන පාට කන්නාඩි දාන අය තමයි. ප්‍රාර්තනා කරන්නකෝ එකම රටක් හැටියට ලංකාවට වාසියක් වෙන විදියට සාකච්ඡා ඉවර වෙන්න කියලා. ඇයි මේ කකුලෙන් අදින්නේ? (නදී)

:       0       0

රොෂාන් Tuesday, 10 March 2015 04:37 AM

රෙජී හරි ඔය කට්ටිය එදත් ලංකාවට ආදරය කළා නේද ? (නදී)

:       0       0

මහී Monday, 09 March 2015 01:29 PM

1815 ලංකාවේ වූ දේම වෙයිද (අ)

:       0       0

වයිකෝ Monday, 09 March 2015 01:52 PM

කියන ඔක්කොටම හා කියල ගෙදර එයි. කිසිම දේකට විකල්පයක් ඉදිරි පත් කිරීමට අපේ අය සුදානම් නැහැ. (නදී)

:       0       0

මංගල Tuesday, 10 March 2015 05:24 AM

ආප්ප නම් කන්න එපා හො‍ඳේ (නි)

:       0       0

රණේ Tuesday, 10 March 2015 05:27 AM

රුවන් කැමරන් අපිට හරි වෙන රටකට හරි වාසිදායක වෙන කරපු වැඩක් කියන්න පුලුවන්ද.? (දිල්)

:       0       0

දිනේෂ් Monday, 09 March 2015 02:03 PM

අපේ රට සුද්දට විකුණලා නම් එන්න එපා මහත්තයෝ. හරියට කෙලින් කතා කරන්න අපේ කලින් ජනාදිපති තුමා වගේ (නදී)

:       0       0

කින්ස්ලි Monday, 09 March 2015 02:13 PM

මිතුරෝ වගේ හිටපු හතුරෝ ගෙන් තව නොර්වේ විතරයි අඩු (බ).

:       0       0

ජයසේකර Monday, 09 March 2015 02:14 PM

යුරෝපයට කොන්ද නවන්නේ නැතිව...අපේ හිටපු ජනපති තුමන් වගේ කොන්ද කෙලින් තියාගෙන අපහු අවොත් හොදා.. ඔය කැමරූන් අපිට කොච්චර ලෙඩ දැම්මද... " ඔස්ට්‍රලියාව තරහ කරගෙන බ්‍රිතාන්‍යට කඩේ ගියොත් අපිට දෙය්යන්ගේම පිහිටි.." (අ)

:       0       0

විජයබාහු Monday, 09 March 2015 02:32 PM

දිනේෂ් එකේ ආයි අහන්න දෙයක් නැ රැජින කෑම වෙලකුත් දෙනවලුනේ. (අ)

:       0       0

ඉෂාන් Monday, 09 March 2015 02:41 PM

හිටපු කෙනා කෙලින් කතා කළාද? (අ)

:       0       0

සෙනරත් Monday, 09 March 2015 02:58 PM

ඉෂාන්, පහුගිය අවුරුදු දහය තුළ ලංකාව ගැන තාරතුරු දැනගත්තේ ෆේස් බුක් දැන්වීම් වලින් විතරයි වගේ පෙනෙන්නේ. (අ)

:       0       0

අනන් Monday, 09 March 2015 04:20 PM

හැමෝම එක්කම හොඳින් ඉන්න සමබර විදේශ ප්‍රතිපත්තියක් හදා ගත්තොත් හොඳයි. චීනෙට විතරක් බරවීම රටට අනතුරු දායකයි.(නදී)

:       0       0

රන්ජිත් Monday, 09 March 2015 05:21 PM

දිනේෂ්, ඔබට ලජ්ජා නැතිද ? හිටපු අය රට චීනාට විකුනලා තියෙන්නේ. අලුත් ලොක්කා කොහොම හරි ඒ කොටස නැවත ගන්නයි බලන්නේ. මේවාගේ තැනකදී යමක් කියන විට හැම දෙයක් ගැනම හොඳට හොයලා බලලා මධ්‍යස්තව විවේචනය කරන්න. (නදී)

:       0       0

ෂෙල්ටන් Tuesday, 10 March 2015 07:57 AM

රුවන්, කකුලෙන් නොවේ වලිගෙන් අදින්නේ. (නදී)

:       0       0

සිල්වා Monday, 09 March 2015 05:23 PM

පැවති රජයේ විදේශ ප්‍රතිපත්ති වල තිබුණු දුර්වලකම් නිසා තමයි රටට විශාල ප්‍රශ්න පැනනැඟුනේ. මේ විශ්ව ගම්මානය තුළ හැම රටක් එක්කම සුහදව වැඩකිරීම නුවණට හුරුයි. මෙතන ලියන සමහර අයට දේශපාලනය ගැන හරි අවබෝධයක් නැහැ (නි)

:       0       0

නිශාන්ත Monday, 09 March 2015 05:44 PM

බොහොම ප්‍රවේශමෙන් කළයුතු කාර්යයක් (නි)

:       0       0

කේ. සිරි Monday, 09 March 2015 07:31 PM

මේ ලෝකයේ විශ්වාස කළනොහැකිම මිනිස් කොට්ඨාශය තමා සුද්දෝ කියන්නේ. බොහොම සුහදශීලිව මහත්වරු වගේ තමා හැසිරෙන්නේ. ඒ වුණාට සත පහකට විශ්වාස කරන්න බැහැ. සුද්දෙක්ව විශ්වාස කළහැක්කේ තවත් සුද්දෙකුට පමණි. අතීතයේ සිටම ලෝකයටම කරන දේවල් දන්නවනේ. මේ අයට අපි තවමත් රැවටෙන එක තමා දුක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site