මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති ලෙස පත් කිරීම තම පැතුම වූ බව ආර්ථික සංවර්ධන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා රෝහලේ සිට මාධ්‍ය හමුවේ පැවසීය.
ඉදිරියේ මැතිවරණයකට ඉදිරිපත් වීම ගැන තවම තීරණයක් ගෙන නැති බවත්, ඉදිරිපත් වන්නේ නම් ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමඟ බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිසේන මහත්තය ජන්දේ දිනුවේ රටේ වාසනාවට . පැරදුනානම් එතුමාටත් සරත් මහත්තයට වෙච්ච හරියම තමයි යහපාල මහත්තයෝ. මොන යාලුකම්ද? (ස)
යන විදිහටනම් වරදින්නේ මහින්ද මහත්තයටයි, මහින්ද මහත්තයට සහය දෙන හිටපු ඇමතිටයි . මොකද ගමේ එක්කෙනෙක් කියන දේවල් රටේ වෙනවනම් එක මාරයිනේ? මයිත්‍රී කියන්නේ රටේ ඉන්න විධායක ජනාධිපති. එතුමා තියෙන බලය පරිහරණය කරන්නේ වැදගත් සීමාවක් තුල. ඒක දඩ මීමා කරගෙන අනෙක් අය රජ වෙන්න යන ඒක වැරදියි. මහත්මා දේශපාලනයකට දැන්වත් මුල පුරන්න බැරි අයි? (ස)
ජන්දේ කාලේදී මෛත්‍රී මහත්තයට කරපු කෙනෙහිලිකම් වල හැටියට අපිට යාලුකම හොඳට තේරුනා. (ස)
පොඩි වැරදීමක් වගේ, අගමැති නොවේ ජනාධිපති වෙනකන් බලාගෙන හිටියේ. තව ඉදිරියට නාට්‍යය හොදට පෙන්නාවි. ජයවේවා!(නදී)
යහපාල මිත්‍රත්වය කෙසේ වෙතත් මෛත්‍රී මහත්තය බැරිවෙලා හරි පැරදුනානම් එතුමාගේ ගෑවිච්ච කෙනෙකුටවත් නිදහසේ ඉන්න දෙන්නේ නැහැ . (ස)
අනේ ඇත්තට !! (හේ)
බන්දුල මහතා හරියටම හරි . පිවිතුරු ගේ විග්‍රහයත් වැදගත්. බැසිල් මහතා මහා පරිමාණයෙන් කොමිස් ගැහු බව අප අසා තියෙනවා , දැක නැහැ , මෙතන අත් අඩංගුවට ගත්තේ බොහොම සුළු දෙයකට (බ)
ලංකාවේ තිබෙන්නේ පුදුම ක්‍රමයක්...... වංචා දුෂණ නඩු පිට නඩු තියාගෙන මැතිවරණ වලටත් ඉල්ලන්න පිඹුරුපත් සකස් කරන්න හෙකියාවක් පවතිනවා .(හේ)
මේවා අහල ඉහේ උකුණෝ බිමට පනිනවා; උගන්ඩාවක් වෙන්න ගිය රට අපේ ලංකාවේ ජනතාව බුද්ධිමත් නිසා යන්තම් ප්‍රජාතන්ත්‍රවාදී පීල්ලට ගත්තේ පිටරටවල් වල අපිත් නිදිමරාගෙන මාධ්‍ය ජාලවල අදහස් ප්‍රකාශ කරමින් රටේ අනාගතය ගැන හිතල. මේ බෙන්තර ගගෙන් එහා ඇමරිකන් පුරවැසියා බෙහෙත් ගන්ට එහාට ගියොත් නේද හොඳ? (ස)
මෙවන් , උමේෂ් , සඳුන් ඔයාලා කියන්නේ මම අදහස් දාන්න ඕනේ ඔයාලව සතුටු කරන්නද ? එහෙම නම් කෙලින්ම කියන්න , මම කතා කරන්නේ රට වෙනුවෙන් මිස , මහින්ද රාජපක්ෂ හෝ ගිය ආණ්ඩුව ගැන නොවේ , කරුණා කර අදහස් දාන්න කලින් මොලය කල්පනා කර බලා දාන්න , නිකන් කටට ආපු පලියට ටයිප් කරන්න එපා , මොකද එතකොට ඔබගේ බුද්ධිමත් භාවයට හොඳ නැහැ , මෙතන අදහස් දාන්නේ කීප දෙනෙක් වුනාට , සිය දාස් ගානක් බලනවා , එයා ලා නොලිව්වට හිනා වෙනවා ඔයා ලා ගේ අදහස් දැකලා , ඔයාලා මේ නිකන් අපහාස කරනවා විතරනේ , තමා කැමති නැතිනම් නොබලා ඉන්න , වැරදි නම් ලස්සනට විවේචනය කරන්න පුරුදු වෙන්න . කියන්න මම කාවද අපහාස කරලා විවේචනය කළේ , මට විරුද්දව අදහස් දැම්මොත් මම පහදා දෙනවා 100% පිළිතුරු දෙනවා (බ)
අපි නොදන්න මොනරතැන්න.(හේ)
දැන් ඉතින් ඔය කතාවට අර ඔක්කොම යට යාවිද ? එහෙම දෙයක් නොවුනත් අපි පුදුම වෙන්නේ නැහැ. සමහරවිට මේ කාලේ වීරයෙක් වෙන්නත් බැරි නැහැ. හැමදාමත් වුනේ එහෙමනේ? (බ)
මෙන්න තවත් බේ ගලයක්.(හේ)
මෙතන කතා කරන්නේ බැසිල් ගැන මිසක් මහානාම ගැන හෝ යහපාල ගැන නොවේ , බැසිල් රාජපක්ෂ මහතාව හිර ගත කරපු කාරනාවා බොහොම සුළු එකක් ,නමුත් එතුමාගේ වැරදි ඕනේ තරම් තියෙනවා නමුත් ඒවාට නඩු දාන්න හෝ උසාවි දාන්න බැහැ . එතුමා ගේ වැරදි ගැන මම කතා කරන්න යන්නේ නැහැ , ලියන්න ගියොත් පත්‍රයක් ලියන්න මට පුළුවන් , ඉතින් ඒකනිසා තමා මම ලිව්වේ නැත්තේ . මොකද මම වරද දැන දැන සුද්ද කරන්නේ යන්නේ නැහැ , හරි දේ හරි කියන්නත් වැරදි වැරදියි කියන්නත් අපිට කොන්දක් තියෙනවා (බ)
අර කිතුල් ගහේ නැගපු එක්කෙනා අර විදියේ කතාවක් කිව්වේ ගහෙන් බහිනකොටලු නේ.(හේ)
අපි නම් දැන් අර මහානාම ලියන පුවත් වලට ලියන්නේ නැහැ. එයාටම දේශපාලන පුවත් වලට ලිය ලිය ඉන්න කියල අනෙකුත් උගත් බුද්ධිමත් පාඨකයන් ලියන සංවාදයට විතරක් එකතු වෙනවා. (ස)
කරුණාකර කට්ටිය පුවතට අදාළ ව තමන්ගේ අදහස් බය සැක නැතිව ලියන්න. සුදුසු නම් අපි ලියන ඒවා පලවෙවී නේ . ඔන්න කපිලවස්තුපුරයෙන් ගොඩ බැස්සා මේ සංවාදයත් එයාගේ වැයික්කියේ කතාවක් කරගන්න. (ස)
දේශපාලන වාසි තකා කොයි අතටත් නැමෙන දිවවල් නේ. මෙච්චර කැමැත්තක් තිබුන නම් මොකද එතුමාගේ තනතුරට සුදුසුකම ගැන ඒ කාලයේ කතා කලේ නැත්තේ . (ස)
මොහු හිරේ ගියේ අහු උන වංචාවකට, නැතුව විප්ලව කරලා නෙවේනේ, මහජන මුදල් කොයි විදියටද මේ අය අවභාවිතාවේ යෙදුනේ කියල එදා හිටපු මිනිස්සුන්ට මතකයි (නදී)
අනේ මගේ කට! (නි)
උගත් පාඨකයන් කවුරුවත් මහානාමට ප්‍රති උත්තර දෙන්න යන්න එපා. මේ සංවාදයත් ඉවරයක් කරන්න ඔන්න පටන් ගත්තා . (ස)
මෙතුමා කට ඇරිය ගමන් මහින්ද මහත්තයට වැටෙන්න තිබුන ඡන්දවලින් හතරෙන් එකක් නැති වෙනවා (නදී)
උමේෂ් සඳුන්, මෙවන්! ඔන්න කඳානේ කටු අත්ත පැටලවෙන්න මෙතනටත් ඇවිල්ලා. ඔබලා ප්‍රති උත්තර සපයන්න යන්න එපා. එහෙම වුනොත් මේ සාකච්චාව විනාශයි. (ස)
බුදු අම්මේ! මේ කියන කතා වලට මට නම් පුදුමෙනුත් පුදුමයි (නි)
අනේ මන්දා අපිට නම් මෙවන් සහ උමේෂ් ලා ලියපු දේවල් වලට ඇත්ත නිසා හිනා යන්නේ නැහැ. හැබැයි අර උමේෂ් නමක් වත් සඳහන් නොකර මෙතන කෙනෙක් බක පණ්ඩිත තොප්පිය දමා ගත්තම නම් ටිකක් හිනා ගියා. (ස)
අපි බලාපොරොත්තු වුනේ ගිලන් ඇඳ පිටින් අභයාරාමයට උස්සා ගෙන ගිහින් එහිදී මාධ්‍ය හමුව පවත්වාවි කියල. (ස)
නැහැ සුනිල්. එයා එහෙම කීවේ කිතුල් ගහ මුදුනේ ඉදන් තණකොළ කපන ගමන්ලු. (නදී)
මහින්ද අගමැතිකම ඉල්ලන්නේ නැහැ. අගමැතිකම මහින්දව ඉල්ලනවා. ඒ නිසා මෛත්‍රී තම උපදේශකත්වයෙන් අගමැති ලෙස මහින්ද පත්කර ගැනීම පක්ෂය සතුටු කරවන, රටම දිනවන ළුලදායි වැඩක් වේවි.(ම)
අපි ලබන ආත්මයේවත් නැවත එකට එකතුවෙලා මැතිවරණ කරමු. (නි)
මේවට හිනා වෙන්න ඕනෑ කොතනින්ද කියලා හිතාගන්න අමාරුයි. (නි)
කපන්න බැරි අත නැවත නැවතත් ඉම්බාලු ! (ම)
චානක ලොස් ඇන්ජලිස්, ලංකාවේ දේශපාලනයට විනයක් නෑ. දියුණු රටවලත් පක්ෂයෙන් නාම යෝජනා දෙන්නේ දිනන්න පුළුවන් කෙනාට තමයි. නමුත්, මෙවැනි නඩු තියෙන අයට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැති නිසා, පක්ෂ එයාලව අයින් කරනවා. අපේ ඊට වෙනස්. හොඳට වියදම් කරන, ලොකු වාහනවල යන, කන්න දෙන කෙනාට තමයි ඡන්දෙ දෙන්නේ.(නදී)
වෙන්න ඇති.(හේ)
මම නම් අර කිව්වා වාගේ අර රජවාසලේ කවටයෝ දෙන්නාගේ අදහස් මඟහැරලා අනෙකුත් බුද්ධිමත් පාඨකයන්ගේ අදහස් විතරයි බලන්නේ. ආදරණීය සොයුරියනේ,මේ ක්‍රමය ඔබත් අත්හදා බලන්න. (නි)
මඩ ගැහිල්ලේත් සීමාවක් තියෙන්න එපායැ! (නි)
අයියෝ! දැන්ද කියන්නේ? (නි)
යහපාල මහත්තය මට අදහසක් දාල තිබුණා " පෙරේරා මහත්තය මහින්ද භීතිකාව නැති කරලා නිදාගන්න අපි නැගිට්ටවලා ගන්නම්" කියලා. මම කවදත් නැගිටලා පොලව පය ගහලා වෙනදේවල් වගේම ඉස්සර වුන දේවලුත් ඇහැට දැකලා තමයි ඉන්නේ, මටනම් කියන්න තියෙන්නේ යහපාල මහත්තයා තමයි තාම 365 දවසෙම පැය 24 නිදාගෙන ඉන්නේ. ඒ නිදාගෙන ඉන්නකොට හොඳ හොඳ හීන දැකල තියෙනවා . ඒකෙන් එකක් තමයි මහින්ද අගමැති කරන හීනේ. ඇති වෙනකන් හීන දකින්න අවුලක් නැහැ. (බ)
දැන් ඉතින් මේ දේවල් බල බලා ඉන්න එකයි කරන්න වෙන්නේ. කවදාවත් නැති විදියේ නවතම මුහුණුවරකින් ආ රජයක් ලෙසට පටන් ගත්තේ. බලාපොරොත්තු සුන්වෙලා (නි)
හිරේ යන්නේ වැරැද්ද ඔප්පු වුණොත්නේ (නි)
මෛත්‍රී මහත්තය පැරදුනා නම් ඔහුගේ සහෝදරය වැලි රාජු මැරෙන්නේ නැත , එයට හේතුව ඡන්දෙන් සති කිහිපයක් ඇතුලත ඔහු සහ ඔහුගේ පවුලේ සියලු දෙනාම රිමාන්ඩ් කරන නිසාය , එහෙම වුනානම් ඔහුට රණ්ඩුවට යන්න වෙන්නෙත් නැත , පොරෝ පහර වදින්නෙත් නැත (බ)
ලංකාවේ තියෙන්නේ පුදුම ක්‍රමයක් තමා.එම පුදුම ක්‍රමය වෙනස් කරන්න තමයි විදේශ වල ඉන්න, රටට ආදරය කරන,ඉදිරි පරපුරට යහපත් අනාගතයක් සකස් කරලා දෙන්න අපි වචන වලින් හරි සටන් කරන්නේ. මේ යහාපාලන ආණ්ඩුවත් වැරදි කරන අය ආරක්ෂා කරමින්,ඇල් මරුන ප්‍රතිපත්තියක හිඳිමින් කාලය මරණ බවයි පෙනී යන්නේ. (නදී)
ඉතින් ඊට වඩා හොඳ නැද්ද ජනාධිපතිකම ? අගමැති උනා නම් රත්නසිරිලා දිමුල වගේ උඩ බලාගෙන ඉන්න තිබුනා. දැන් අපේ පැට්‍රොල් ටික, ගෑස් මිල අඩුවෙලා, රටේ නාස්තිය අඩුවෙලා , ඔබතුමාලා කරපු වංචා ගැන විමර්ශන පටන් අරන් ඔබතුමාලා ඉන්නේ ඇප පිට. මෛත්‍රී අගමැති උනා නම් එහෙම වෙන්නේ නැහැනේ. අගමැති නොවී ජනාධිපත් උනේ රටේ වාසනාවට. ඔබ සැමට සුභ අනාගතයක් (නදී)
අනේ අප්පේ සංසාරගත බලාපොරොත්තුවක් නේ තිබිල තියෙන්නේ. කෙතරම් ආශ්චර්යක්ද (නදී)
ඇත්තටම සමහර පුද්ගලයින්ට මුඛයෙන් විතරක් නෙමෙයිනේ කථා කරන්න පුළුවන් (බ)
මේ සංවාදයවත් අර්ථවත්ව ගෙනියන්න ලැබුනොත් හොඳයි. මට නම් මෙතන මේ යහපාලගේ බවලතුන්ට උපහාස කරමින් කරන වචන හුවමාරුව හරිම අප්‍රසන්නයි. මේ මනුස්සයා ඉස්සරත් ඔය විදියටම මෙතන සංවාදය කඩා කප්පල් කර පාඨක අවධානය වෙනත් අතකට හැරෙව්වා. දැන් ඒ මදිවාට යහපාලගේ මේ අමන වැඩ වලට මහානාම කදාන ත් පෝර දානවා. මෙතන පිළිවෙලට ගෙන යන විවිධ අදහස් ඇති අර්ථවත් සංවාදය කාන්තා පාඨකයන් එක්ක පටලවෙමින් කාලා දැමීම නිසා වෙලාව සොයාගෙන මෙතනට එකතු වෙන අපිට තමයි පාඩු. මේ කුලියට ලියන මිනිස්සුන්ට ඕක කොහොම පැවැත්වුනත් එකයි. (නදී)
දැන් එතකොට මේ ප්‍රකාශයත් එක්කම නඩුව ක්ලෝස් ද ?(නදී)
දැන් එතකොට ඒ පැතුම ඉටු නොකළ කෙනා එක්කද ආයෙමත් මැතිවරණයකට යන්නේ ? අනේ මෙහෙමත් කතා !(නදී)
කරුණාකර කට අරින්න බලන්න . දිව දෙකක් තිබෙනවාද කියල අපිට දැන ගන්න ආසයි. (නදී)
මිනිස්සුන්ව මුලා කරන්න සමත් කපටි කයිරාටික වංචනික මිනිස්සු අනිත් මිනිස්සු අතර ඉන්න නිසා මේ වගේ අයටත් ඉර පායනවා. නැත්නම් මේ වගේ බොරු කාරයින්ට මොනවා වෙනවද කියල කියන්න වචන නැහැ. (නදී)
මම අර නිතරම පාඨකයන් සමග ගැටෙන බක පණ්ඩිතයන් දෙන්නාට කියන්නේ කරුණාකර මෙතන අපේ සංවාදය වෙනත් අතකට හරවන්න එපා. අපිට මෙතන හැමෝගෙම විවිධ දේශපාලන අදහස් අවශ්‍යයි. කතා පාඨක අදහසුත් වැදගත් .ඒ නිසා මෙතන බවලත් පාඨකයෙක් මොනවා හරි ලියපු ගමන් භුමි තෙල් ගෑවුන ගැරඬි වගේ නලියන්න පටන් ගන්න එපා. ඔයා කුස්සියට වෙලා ඉන්න ආදී වශයෙන් සමච්චල් කරන්නේ තමන්ගේ අම්මටත් එක්ක බව ඔය යහපාල තුමා විශේෂයෙන් තේරුම් ගන්න. මෙතන ලියන සමහර කාන්තාවන් තමන්ට වැඩිය දැන උගත්කම් ඇති යහපාල. ඒ නිසා ඔය තමන්ගේ හීන මානය මෙතන දිග අරින්න එපා. අපේ සංවාදය අවුල් වෙනවා විතරයි. (නදී)
ඒක නම් ඇත්ත මටත් අර ඩයස්පෝරා පුවතේදී මේ හිරිකිත රණ්ඩුව දැකල මෙතැන ලියන එකත් එපා වුනා. (නදී)
මේ දේශපාලකයන්ට කොහොම මෙහෙම කතා කරන්න පුලුවන්ද මන්දා. ඔය තරම් වැදගත් ප්‍රාර්ථනාවක් තිබුනා නම් මොකද ඒ කාලයේ පක්ෂයේ මිනිස්සු මයිත්‍රී මැතිතුමාගේ කකුලෙන් අදිද්දී සද්ද නැතිව හිටියේ. (නදී)
දැන් ඉතින් මේක අහලා මොනවා වේවිද දන්නේ නැහැ. (නි)
මෙවන්, උමේස්, ඔබ දෙන්නා ලිව්ව අදහස් තේරුම් අරගෙන අපේ උගත් පාඨකයන් අදහස් දක්වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. බක පණ්ඩිතයන් ලියන එක අපිට නවත්වන්න බැහැ. කාන්තාවන්ට ගැහැණුකම ගැන කියා අපහාස කිරීම ඉතා නින්දිතයි. හොඳම වැඩේ ඒවාට උත්තර නොදී ඉන්න එක. මේවට ගැළපෙන කියමන් අපේ සාහිත්‍යයේ ඕනෑතරම් තියෙනවා. ඒවා ලියන්න මම කැමති නැහැ. (නි)
මෛත්‍රී මහත්තයෝ, මේ වගේ අය ගැන ප්‍රවේශමෙන්! (නි)
තුෂාරි, ඔයා හරි නගේ. අපි කොටින්ට උල්පන්දන් දෙන බෙදුම්වාදීන්ට කත්අදින උදවිය ලියන ඒවා විතරක් බලමු. ඔයාගේ ටිකිරි මොළය මරු නගේ (නි)
රෝහල් බිලවත් ගෙවාගන්න අවශ්‍යතාවයක් තිබෙනවාද දන්නේ නැහැ. (නි)
දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නොමැත (නි)
දැන් ඕවා කිවුවා කියලා මොනවද බලාපොරොත්තු වෙන්න පුලුවන්? (නි)
අපි නම් බලාගෙන හිටියේ ඔබතුමා පොරොන්දුවුණ ආසියාවේ ආශ්චර්යය දිහා. (නි)
එහෙනම් දැන් රෝහලට බලන්නේ එන්නේ කොයි වෙලාවේදැයි නොඉවසිල්ලෙන් බලාගෙන ඇති. (නි)
දැන් එහෙනම් තියෙන්නේ හෝර්ලික්ස් එකක්, තැඹිලි ගෙඩියක්, දොඩම් මල්ලක් එහෙම අරගෙන බලන්න යන එක තමයි! (නි)
නියම කතාවතක්! (නි)
බැසිල් මහත්තයත් මියගිය ගාමිණී දිසානායක මහතත් කලේ එකම ආකාරයේ සංවර්ධන ක්‍රමය. (ර)
මෛත්‍රී වඩලා අනුකම්පාවක් අරගෙන වැරදි වහගන්න හොද උපක්‍රමයක්.(ම)
මේක ඇත්ත කතාවක්. ඇත්තටම කියනවනම් මෛත්‍රී මහත්තය දිනුවත් එකයි, මහින්ද මහත්තය දිනුවත් එකයි කියල තමයි බැසිල් මහත්තයා කවදත් හිතුවේ. මේ අය එතරම්ම යාලුයි. ඉතින් දැන් මෛත්‍රී මහත්තයාගේ වාරය මහින්ද මහත්තයට අගමැති අපේක්ෂකකම දීලා මිත්‍රත්වයේ යුතුකම් ඉෂ්ට සිද්ද කරන්න. (ම)
අනේද කියන්නේ පිවිතුරු යහපාල . මෛත්‍රී මහත්තයා පරදුනනනම් බලාගන්න තිබුණ මිත්‍රත්වයේ හාස්කම්.සරත් මහත්තයටත් මිත්‍රත්වයේ හාස්කම් පෙන්නුවේ පැරදුනාට පස්සේ. (ම)
ඔව් ඔව් අපි ඒ බව දැක්ක ජන්දේ කාලේදී රජ්‍ය මාධ්‍යවලින් යහපාල මහත්තයෝ.(ම)
පිවිතුරු යහපාල කටින්ද කතා කරන්නේ?? (නි)
පිවිතුරු යහපාල 2015-06-23 03:56:36 ,මම නම් නෙවෙයි. ටොයියෝ ටික තීරුව මුලින්ම යහපාලට තහනම් කරලා යහපාලගේ නමින් එයාලම අදහස් දානවා. පෙරේරා මහත්තයට මම නැගිට්ටවන්නම් කිව්වේ ගුඩ් මෝනින් කියන්නනම් නෙමෙයි. බැලු බැලූ අත සොහොන් ලකුණු පේන යහපාලනෙට සුදු කොඩි දාන්න. ඔයා ඔය භයානක හීන අමතක කරලා නිදා ගන්න. වෙලාවට ඒ වැඩේට මම ඇහැරවන්නම්.... (ර)
මිත්‍රත්වේ බලාගන්න තිබුණා ඡන්දේ පොඩ්ඩක් එහෙ මෙහෙ වුනානම් යහපාල මහත්තයෝ (බ)
මේවට කියන්නේ දේශපාලන විහිලු කියල. රටේ ජනතාව තවත් නොමග යවන්නේ නැතුව හිටිය නම් හොඳයි නේද?? (බ)
ලැජ්ජාවක් නැතිව යුතුකම් ඉෂ්ට කරන්න කියන්නේ අර රුපවාහිනියේ බාල වයස් කාරයෙක් ගෙනල්ල නටපු නාටකයට සහ මැතිවරණ ප්‍රචාර අවුල් කල එකට ස්තුති කරන්න වෙන්න ඇති. (ස)
බැසිල් මහත්තය වරදක් කරලා තියෙනවනම් ඒවා නිතිය ඉදිරියේ ඔප්පු වෙනවනම් ඔහුට දඩුවම් ලැබීම ගැන කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් කිව යුත්තක් තියෙනවා, බැසිල් මහත්තය හොරකම් කලා කියල කියනවා මිසක් මමනම් ඒවා දැක්කේ නැහැ. නමුත් එතුමා මේ රටට කරපු වැඩ කොටසනම් මම මගේ ඇස් දෙකෙන් දැකල තියෙනවා. සහෝදරයා ජනාධිපති වීමේ වාසිය ගොටාභය මහත්තය අතට අරන් යුද්ධය ඉවර කලා වගේම ඒ වාසියම අරන් බැසිල් රටට වැඩක් කලා. මහා පරිමාන යෝජනාක්‍රම ක්‍රියාත්මක කිරීමේදී දුෂණ වංචා චෝදනා ස්වාභාවිකයි. කොමිස් මුදල් එහා මෙහා වීම ස්වාභාවිකයි. මහවැලිය හදද්දී ගාමණී දිසානායක මැති තුමාට කියපු දේවල් අපිට අමතක නැහැ. වැඩක් කරන මිනිහට මිසක් නිකන් ඉන්න එකාට චෝදනා එල්ල වෙන්නේ නැහැ. (ර)
යුතුකම් ඉෂ්ට කරන්න වටින්නේ නැද්ද , වේදිකාවල් ගිනි තියල, ලයිට් කපල, මාධ්‍ය විකාශන කපල , උදව කාරයන්ට තඩි බාලා කර මෙහෙවරේ හැටියට. (ස)
සරත් මහත්තය විතරක් නෙවේනේ. ඇයි ශිරානි නෝනා . එයත් දන්නවානේ මිත්‍රත්වයේ දෑතේ ශක්තිමත් බව. (බ)
රුහුණේ කිරි හට්ටියක් පැණි මුලක් කළු දොදොල් පට්ටයක් එහෙම ගෙදරට යවල වත් යාලු කරගන්න බලන්නකෝ . හැබයි ඉතින් රුහුණේ ගැට වලට එතුමා අහු වෙවිවිද දන්නේ නැහැ. (ම)
කොච්චර මිත්‍රත්වයක් තිබුනද කියනවා නම් ජන්දේ දාන්න ගියෙත් මෛත්‍රී මහත්තයාගේ ඩමියක් එක්ක. එච්චරටම නැතුව බැහැ. (නදී)
මහින්ද මහතාට සහය දෙන හිටපු ඇමතිවරයෙක් කියලා තිබුණා එතුමාගේ ගමේ කවුද කිව්වාලු, "මහින්ද මහත්තයාට වැරදුනේ මෛත්‍රී මහත්තයට අගමැතිකම දුන්නේ නැති නිසා දැන් මෛත්‍රී මහත්තයට වරදින්නේ මහින්ද මහත්තයාට අගමැතිකම දෙන්නේ නැති නිසා" කියලා. (නදී)
අයියෝ යහපාල ලැජ්ජාවක් කියල ගෑවිලාවත් නැද්ද? (ස)