‘18 වැනි සංශෝධනයට පූස් පැටව් වගේ අත උස්සපු, කැසිනෝ පනත සම්මත කරන විට පූස් පැටව් වගේ හිටපු බහුතර මන්ත්‍රීවරුන් ඉන්න පාර්ලිමේන්තුවක් තමයි අද ඇත්තේ. ඒ අයගෙන් තමයි 19 සම්මත කර ගන්න වෙන්නේ. එය සම්මතර කර ගැනීම සඳහා විවිධ දේවල් කරන්න සිද්ධ වුණා. හිටපු ඇමැතිවරුන්ට වාහන දෙකයි, රියැදුරුයි ඉන්ධන දීමනායි දෙන්න වුණා. එතැනින් නතර නොවී ජනවරමින් ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරුන්ට ඇමැති ධුර දෙන්න වුණා.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
‘අනුර යාපාගේ හා නිමල් සිරිපාලගේ මතය අපට වැදගත් නැහැ. අපට වැදගත් වන්නේ මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ අදහසයි. ඔහු ඒ සම්බන්ධයෙන් රටට ප්‍රකාශයක් කළ යුතුයි. චන්ද්‍රිකාත් මහින්දත් එකඟතාවය කඩා ඉතිහාසයේ කුණු කූඩයට ගිය නායකයන් වුණා. මෛත්‍රීපාල ජනාධිපතිවරයාත් කුණු කූඩය හිමි කර ගත යුතු නැහැ. 19 සම්මත කරීමට ඔහුගේ දායකත්වයක් ඕනෑ.
සමහරුන්ට පාර්ලිමේන්තුවේ තිබෙන්නේ මන්ත්‍රීකම් දෙකයි. කිසිදු ජන පදනමක් නැහැ. එවැනි කිසිදු බලයක් නැති කෙනෙක් 19 පරාජය කරනවා කියා කියන්නේ කොහොමද? 18ට පූස් පැටව් වගේ දෑත් ඔසවලු අය 19ටඑරෙහිව මහ හඩක් නගන්නේ කොහොමද? ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේසපාලකයෝ ඡන්දෙ ගත්තාට පස්සේ කරන්නේ පොරොන්දු වූ දේ නොවේ තමන්ට ඕන දේ ? දුප්පත් මිනිස්සු මේවා තෝරාගෙන ඡන්දෙ දිය යුතුය(.දිල්)
හා හා කට කට !!! මේක යහපාලනය කියා අමතකවුණාද? (නි)
කවදාද ආණ්ඩුවක් පිහිටුවන්නේ? (නි)
මෙතුමා විතරයි මෙහෙමවත් කතාකරන්නේ (නි)
දැන් එතකොට ජවිපෙ කියන්නේ ඉතාම හදිසියෙන් සම්මත කරගන්න යන, විධායක ජනාධිපතිගෙ බලතල ටික අගමැතිට දෙන්න යන මේ 19 හරි කියලද? අපිත් කැමතියි අත්තනෝමතික බලතල අඩුකරනවාට අද හරි. නමුත් ඒ කරන්න යන ක්‍රමවේදය හරිද? ඇත්තටම තේරෙන්නේ නැති නිසයි අහන්නේ. අපි හිතුවෙ ජවිපෙයි, හෙළ උරුමයයි එකම මතයේ කියලා. (නි)
හෙළ උරුමයයි, ජවිපෙයි ගැන විතරයි අපිට නම් විශ්වාසයක් දැනට ඉතුරුවෙලා තියෙන්නේ. ඇයි මේ දෙගොල්ලො එක මතයක නැත්තේ? (නි)
ඇයි මෙච්චර නීතිරීති කතාකරන ජවිපෙට මේ 19 න් කරන්න යන ව්‍යවස්ථා කුමන්ත්‍රණය නොපෙනෙන්නේ. ඒක මට ප්‍රශ්නයක්. චම්පික ඇමතිතුමා පැහැදිලි කළා වගේ අනුර මහත්තයාත් පැහැදිලි කරනවා නම් අපි කැමතියි. මොකද සාමාන්‍ය ජනයාට මේක තේරෙන්නෙ නැහැ, ඇයි ජවිපෙ මේ හදිසි 19 ට කැමැති කියලා (නි)
ජවිපෙ කැමතිද විධායක අගමැති කෙනෙක් බිහිවෙනවට? (නි)
ප්‍රනාන්දු මහතානි, එහෙම කියන එක ඒ තරම් හරි මදි නේද? යහපාලනය කියන්නෙ කට වහගෙන ඉන්න එක නෙමෙයි. වැරුද්ද දුටු තැන හේතු සහිතව එය විවේචනය කිරීමට අයිතියක් ඇති නිදහස් පාලන තන්ත්‍රයක් කියන එකයි. කිසිම කරුණකදී 100% එකඟතාවය ගන්න බැහැ. සංවාද තර්ක විතර්ක කරලා වැරදි පෙන්නලා රටට හොඳම දෙය සම්මත කරගැනීමයි කළයුත්තේ. එය අගය කිරීමට පුරුදු වෙන්න (නි)
පැන පැන ඡන්ද එකතු කර කර එක එක කතා කියනවට වඩා දුන් පොරොන්දු ඉටුකර ඡන්දයත් තිබ්බා නම් ජනතාවට හොඳ ආණ්ඩුවක් පත්කරගන්න පුළුවන්නේ (නි)
ජවිපෙවත් මේ වෙලාවේ නිවැරදි තීරණයක් ගත්තොත් අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් (නි)
රටේ ව්‍යවස්ථාව කියන්නෙ රටේ අනාගතය. එය කඩදාසිය ළිපේ දැම්මා වගේ ඉක්මනට වෙනස් කරන්න ගිහින් අමාරුවෙ වැටෙනවට වැඩිය හොඳයි හොඳට අධ්‍යනය කරලා වාද විවාද කරන්න කාලය දීලා රටට හොඳම එක සම්මත කරගන්න එක. හැබැයි ඉතින් ඕක පස්ස ගහන අයගේ මොන යටි අරමුණු තියෙනවද, ඉක්මන් කරන අයගේ මොන යටි අරමුණු තියෙනවද කියලා නම් අපි දන්නෙ නැහැ. (නි)
හෙළ උරුමයයි, ජවිපෙයි එකතුවෙලා මේ වෙලාවෙ සටන කරන්න. රටට යහපතක් වෙයි කියලා හිතෙනවා. එහෙම නැත්නම් වෙන්නේ " ඌරො කැකුණ තලනකොට හබන් කුකුළන්ට මඟුල්" වගේ වැඩක් (නි)
පහුගිය කම්බා හොරුන්ව අල්ලන එක වළක්වන මේ රජයේ අය ඉන්නවා නම් තරාතිරම කුමක් වුවත් ඒ දේශද්‍රෝහීන්ව රටට හෙළිකරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ජනතාව වශයෙන් ඡන්දෙට කලින් අපිව ඒ ගැන දැනුවත් කරන්න. හොරකම් කළා වගේම වරදක් තමයි හොරුන්ව සිතාමතාම රැකීම. (නි)
ජවිපෙ කියන විදියට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා රට ගෙනියන්න අමාරුයි නේද? එහෙම වුණොත් කිසිම තීරණයක් ගන්න බැහැ. කඹ ඇද ඇද ඉඳියි කට්ටිය. මේ නිසා මම නම් හිතන්නේ විධායක ජනාධිපතිගේ අත්තනෝමතික බලතල කැපීම තමයි වඩාත් ප්‍රායෝගික වෙන්නේ. (නි)
විධායක ජනාධිපතිතුමා මේ ගැන කෙළින් උත්තරයක් දෙනවා නම් හොඳයි තමයි. එතුමාටනේ විධායක බලතල අදටත් තියෙන්නේ. එතුමාගේ භුමිකාව මීට වඩා ප්‍රබල වියයුතුයි. (නි)
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන ජවිපෙ අදහසට වඩා විධායක ජනාධිපතිගේ අත්තනෝමතික බලතල කැපීම කියන හෙළ උරුමයේ අදහසට මම ගරු කරනවා. මේක අහෝසි කළොත් රට මහා අවුලකට යනවා. ජාතිවාදින් නැගිටින‍්නේ එතකොටයි. කාගෙහරි අතේ 'කොන්ට්‍රෝල් එක' තියෙන්න ඕනෑ. (නි)
"සමහරුන්ට පාර්ලිමේන්තුවේ තිබෙන්නේ මන්ත්‍රීකම් දෙකයි. කිසිදු ජන පදනමක් නැහැ." කියන කතාව ජවිපෙ නායකයෙකුට කියන්න තරම් වන කතාවක් නෙමෙයි. අපි ජවිපෙන් මීට වඩා තර්කානුකූල හා වැදගත් කතායි බලාපොරොත්තු වුණේ. මේ කියමනෙන් ඔබ ගැන ඇති විශ්වාසයේ කිසියම් අඩුවක් මගේ හිතේ නම් වුණා. (නි)
ඔබතුමා හිතන පතන පිළිතුරක් ලබාගන්ට නම් කලක් ගතවෙයි. (ම)
ලොක්කා. මේ අහන්නට. ඔබතුමා හිතන පතන පිළිතුරක් ලබාගන්ට නම් කලක් ගතවෙයි. (ම)
ඔබලාගේ කැපවීම ගැන අපි ලාංකියන් වසයෙන් සතුටුවෙමු. එත් මේ බඩගොස්තරවාදී දෙශපාලනයෙන් රට මුදාගන්නේ කවදද? (ර)
අපි ඔබ සමගයි. (ර)
දන්නෝ දනිති කිව්වලු. (ර)
ඔබ තුමා හිතල බලලා වැඩ කරනවා කියලා අපි දන්නවා (දී)
මෛත්‍රී මොනවා කියන්නද.? (ර)
ඔබතුමා හිතන පතන පිළිතුරක් ලබාගන්ට නම් කලක් ගතවෙයි. (ර)
එතොකොට ජවිපෙට තියෙන ජන පදනම මොකද්ද.? ආසන කීයද ? 17, 18, 19 නැතිව ඔක්කොටම එකතුවෙලා අලුත්ම එකක් හදන්න බැරිද ? මටනම් හිතෙන්නේ හැමෝටම පුළුවන් කතාව විතරයි. කාටවත් උවමනාවක් නෑ රට හදන්න. (ර)
සිරිසේන කඩෙත් විස්වාස නැනේ ,(දී)
දැන් මෙයාල කතාකරන්නේ හැමෝම වරදියි .අපි විතරයි හරි වගේනේ.මිනිසු මැරිලා ඉපදිලා නැහැ.(දී)
අනේ ඇත්තට මෙහෙමත් දේවල් කිවුවලු! (නි)
අනුර සහෝදරයා ඔයාල අපිට බන දෙසන්නේ සියල්ල දත්,දෙසපාලනයේ ඇට්ටර වෙච්ච,තෙම්පරාදු වෙච්ච බක පණ්ඩිතයෝ වගේ. නමුත් අපේරටේ දේසපාලුවෝ ගැන ඔයාල අයන්න ආයන්නවත් දන්නැති බව දැන් කාටකාටත් තේරුම් යනවා. එක හොරෙක්ව පන්නන්න තමුන්නාන්සේලා ගත්තේ ඒ හොරත් සමග වසර ගණනාවක් මීක් නැතිව එක පතේ කාපු කෙනෙක්ව. (ස)
හැරෙන කොට අපි දන්නවා පැලේ මොන පැත්තද කන්න හදන්නේ කියල. ( දී)
ජාතික සභාවේදී ගන්න හොඳ පිළිතුරක් (නි)
හෙළ උරුමයේ ජන පදනම ගැන අපිට ප්‍රශ්නයක් නැහැ..එය දැන් නාමික පක්ෂයක් පමණයි..නමුත් ඒකට සමච්චල් කරන ඔබ තුමන්ලාගේ ජන පදනම ගැනනම් අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා..ඔබලාට ආසන කියක් තියෙනවද.. ඒවා ඔබල ජනතා විමුක්ති පෙරමුණේ නමින් දිනා ගත් ආසනද නැත්නම් ජෙනරාල්ට පින් සිද්ධ වෙන්න ගොඩ දා ගත්තු ආසනද? (දී)
අනුර කුමාර කියන්නේ ජේවීපී එකත් විනාශ කරපු කෙනෙක්. මිනිසුන්ව නොමග යවන එකයි කරන්නේ.පුලුවන්නම් පෙන්නන්න පළාත් සභා ඉවත් කරලා.කවුරු කලත්,කවදා කලත් ව්‍යවස්ථා වෙනසක් කළයුත්තේ රටේ ඒකීය භාවය සහ ආරක්ෂාව සුරක්ෂිත වන ලෙසයි.(අ)
විධායක සභාවේ දී අහන්න බයද ? (ර)
තමන්ගේ රට ගැන ජාතිය ගැන නොහිතන ඒ ගැන කතා නොකරන ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුවක් පිහිටවන්නනම් තව කල් යයි. (බ)