අංකුඹුර නගරයේ පවත්වාගෙන යන මත්පැන් අලෙවිහලකට එරෙහිව ප්‍රදේශයේ මහා සංඝරත්නය සමඟ සිය ගණනක් ජනතාව අංකුඹුර පූජාපිටිය මාර්ගය අවහිර කරමින් අද විරෝධතාවක් කළහ..
අංකුඹුර නගරයේ බොධීන් වහන්සේ අභියසට රැස්වූ භික්ෂූන් වහන්සේ සහ ප්‍රදේශයේ ජනතාව සිය ගණනක් විරෝධතා පුවරු රැගෙන පෙළපාලියෙන් පැමිණ මත්පැන්හල ඉදිරිපිටදී අංකුඹුර පූජාපිටිය මාර්ගය හරස් කර සිය විරෝධතාවය පැවැත්වූහ.
විරෝධතාවයට එක් වූ පිරිස් සදහන් කළේ මෙම මත්පැන්හලට ප්‍රදේශයේ ජනතාවගේ දැඩි විරෝධයක් පවතිද්දීත් එයට බලපත්‍ර ලබා දී ඇති බවට දැන ගන්නට ඇති බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොබී ඉන්නවලකො! (අ)
නිතිවිරෝධී කස්සිප්පු විකුණන එක නතරකරන්න ජනතාවාදී රජය විසින් ගමටත් දැන් රට බීමහල් ලබාදෙනවා.දෙසපාලුවන්ට සහ ඔවුන්ගේ හෙන්චයියයන්ටයි රටේ බොහොමයක් මත්පැන්හල්වල අයිතිය තියෙන්නේ. මේවගේ දේවල් කරලා තමයි ඔවුන් තම සුඛවිහරණය සකසන්නේ.ජනතාවට සේවය කරන්න කියල ඡන්දෙ අරගෙන ,ඔවුන් කරන්නෙම රට කන එක විතරයි. ලංකාවේ ඉන්න 80% මෝඩ මිනිස්සු , එකයි මේ ජාවාරම් කාර දෙස්පලුවන්ට මනාප දීලා පාර්ලිමේන්තුවට යවන්නේ. දැන් වත් මේ නුගත් දේශපාලුවන්ට පාර්ලිමේන්තුවේ දොරවල් වහන්න කටයුතු කරමු.(අ)
උද්ඝෝෂණ කර හෝ මෙය නතර කළයුතුයි. එදිනෙදා කුලියක් කරන අය ගෙදර අය අමතකකොට ඒ දවස් කුලියම බීමට වියදම් කරන යුගයක්. මෙය නතර කරන්නජනතාව පෙළගැසිය යුතුයි. (නි)
එතකොට ඔය පළාතේ අයට බොන්න මත්පැන් පිටින් ගෙනෙන්න වෙනවානේ.
කෝ බලමු බලන්න දැන් යහපාලන ආණ්ඩුවේ "මත්විරෝධී" ප්‍රතිපතිය ක්‍රියාත්මක වෙන හැටි (නි)
මම දන්නවා මේ වගේ විරෝධතා පසුපස ප්‍රාදේශීය හොර අරක්කු මුදලාලිලාත් ඉන්නවා. ඒ අයට ව්‍යාපාර වැඩි කරගන්න ඕනෑ මත්පැන්හල් වහලා (නි)
නියමයි නියමයි. (ර)
හිතේ අමාරුවකට හීන් අඩියක්වත් ගහන්න තැනක් නැහැනේ. ඔයින් මෙයින් සියදිවි නසාගැනීම් වැඩිවේවි. (නි)
එදාවේල හම්බ කරන මිනිස්සු බාර් එකට ගිහින් බාගයක් අරගෙන එතනම කටේ හලාගෙන වඩේ එකක් කාලා යන එක සහ ඔවුන්ගේ ඇඳුම් දැක්කම හිතෙනවා ඔවුන් වැඩ කරන්නෙම බොන්න විතරක් කියලා. (නි)
මෙන්න නියම සාධාරණ විරෝධතා! (නි)
අපි පුංචි කාලේ මත්පැන්හල් තිබුනේ නගරයේ විතරයි. දැන් දැන් ජනතාවගේ යහපත තකා අඩියක් අඩියක් ගානේ අපේ දේශප්‍රේමී දේශපාලකයන්ගේ පිහිටෙන් පවත්වාගෙන යනවා. ඉතින් ඇයි මේ විරෝධය පාන්නේ? (නි)
බයවෙන්න එපා. මත්විරෝධය සඳහා වූ ඉන්ටර්නැෂනල් කප් ගහලා ඉන්න අපේ නායකයෝ ඕකට විසඳුමක් දෙයි (නි)
90% මත්පැන්හල් අයිති දේශපාලුවන්ට. මේවා කොච්චර උද්ඝෝෂණ කළත් වහන්න පුළුවන් දේවල් නෙමෙයි. මොළයක් තියන ජාතියක් නෙමෙයි සිංහල ජාතිය. ඒකයි අවුරුදු 5 කට වාරයක් ගහන කතිරේ වටිනාකම දන්නේ නැත්තේ. (නි)
මිනිස්සු මේවගේ නීතිය අතට අරන් වෑඩ කරන එකෙන් පෙන්නුම් කරන්නෙ , මේ රටේ තීයෙන ඉතා දුර්වල රාජ්ය පාලනයයි.. ප්‍රාදේශීය මට්ටමේ ඉදන් අමාත්යාන්ශ මට්ටම දක්වා තියෙන්නෙ ඉතාම දුර්වල, මන්දගාමී සේවයක්. (ර)
දැන් කවුද ඕක ආරම්භ කළේ? ඔය විරෝධය කරන අයගේ සල්ලි වලින්ද බොන්න කැමති අය බොන්නේ? (නි)