විනීතා එම් ගමගේ
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණ දඬුවම ලක්කර ඇති රැඳවියන්ට නව බන්ධනාගරයක් ඉදිකර එහි රඳවන්නැයි හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටියි.
එකී නව බන්ධනාගාරය තෝරා ගත් හුදකලා ප්‍රදේශයක ඉදිකර සියලූම සන්නිවේදන අවහිර වන අයුරින් සකස් කර විශේෂ කාර්ය බළකාය යටතේ දැඩි රැකවරණය සහිතව පවත්වාගෙන යා යුතු යැයි ද උන්වහන්සේ තම ලිපියෙන් යෝජනා කර ඇත.
කැබිනට් මණ්ඩලය මගින් ඒකමතිකව තීරණය කරන ලද මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය දිය යුතුය යන යෝජනාව කාලෝචිත වුවද ඇතැම් දේශීය හා විදේශීය ලෝකවාසින්ගෙන් එන තර්ජන ගර්ජන සුළුපටු නොවිය හැකි බැවින් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බව ද උන්වහන්සේ තම ලිපියෙන් පෙන්වා දෙති.
බුදුගල ජිනවංශ හිමියන් විසින් යවා ඇති එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.
‘‘නමගිය මත්දව්‍ය ජාවාරම්කාර මහ මොළකරුවන් විශාල ප්‍රමාණයකට බෝගම්බර බන්ධනාගාරයේ සුපිරි නවාතැන් පහසුකම් ලබාදී ඇතිබව ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.
මෙය ඉතාමත් බේදජනක ක්‍රියාවකි. ඒ හොරොයින් කිලෝ 104 සමඟ අත්අඩංගුවට පත් මොහොමඩ් සුසෙයි, මොහොමඩ් සාහිර් යන දෙදෙනාට පවුලේ සාමාජිකයන්ට බන්ධනාගාර නිළධාරින්ට සිටිය හැකි බංගලාවල පහසුකම් සහිතව රැඳී සිටීමට අවස්ථාව සලසා දී තිබුණේ කවුරුන්ද? ඒ බන්ධනාගාර නිලධාරින් මිසක් වෙන කවුරුත් නොවේ. දේශපාලන කේෂ්ත්‍රයට සමානව සේවය ගැන ද අප දැන් කණගාටු වන්නෙමු.
විශේෂයෙන් බන්ධනාගාර නිලධාරින් හා පොලිස් නිලධාරින් රජයේ ආරක්ෂක අංශ වෙත බඳවා ගන්නේ මෙරට සිටින බුද්ධි අංශ නිලධාරින් විසින් කරන පරීක්ෂණයකින් විධිමත් අධ්‍යාපන මට්ටමක් ඇති පිරිසකි.
එසේම මෙම නිලධාරින්ට මෙම කේෂ්ත්‍රය පිළිබඳව නිසි අවබෝධයක් ලබාදී බඳවා ගන්නා බවද සත්‍යයි. එමගින් රටේ නීතිය, මෙන්මඑම ආයතන වල නීතිය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දී ඇත. එවැනි තත්ත්වයක් තුළ ධනයට, බලයට ලොල් වී ඇතැම් නිලධාරින් සිදුකරන නොහොබිනා වැඩ නිසා රටේ ආරක්ෂාවට මෙන්ම සාමයට දැඩි තර්ජනයකට ලක් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ යෝජනාවක්. බන්ධනාගාර ප්‍රදේශය තුළ දුරකථන තරංග අක්‍රිය කල නොහැකිද? අ.පො.ස. විභාග ප්‍රදේශය තුළ කල හැකිදේ .
මත්ද්‍රව්‍ය භාවිතය පැතිරී ඇත්තේ මධ්‍යම පාන්තික ස්ථර අතර නොව දෛනික යම් තරමකට ඉහල ආදායම් ලබන කණ්ඩායම් අතරේය. මේ පිරිස කවදත් කුමන හෝ ආකාරයේ මත්ද්‍රව්‍ය වලට ඉල්ලුමක් සහිත කණ්ඩායමකි. අන්තාරාදායක මත්ද්‍රව්‍ය නිවාරණ මණ්ඩලය 2017 දී පවසා සිටියේ රට තුල හෙරොයින් භාවිතා කරන්නන් 50,000 ක් පමණ සිටින බවත් වාර්ෂිකව 2500 ක් පමණ පිරිසක් පුනරුත්ථාපනය සඳහා යොමුවන බවත්ය. මේ සංඛ්‍යා වැඩි වී ඇති බවට වාර්තා වී නැත. එසේ නම් හොරොයින් කිලෝ ගණන් හමුවන්නේ කෙසේද?කිලෝ ගණන් තොග ලංකාවේ අලෙවිය සඳහා නොව වෙනත් රටවලට ප්‍රති අපනයනය සඳහා සූදානම් කළ ඒවා ය. ලංකාව හෙරොයින් නිපදවන රටක් නොවන අතර ලංකාව තුල ඇති 50,000 ක් තරම් වන කුඩා වෙළඳ පොලෙන් මහා ලාභයක් ලැබිය නොහැකි බවද කුඩු ජාවාරම් කරුවෝ දනිති. මේ අනුව මේ කිලෝ ගණන් හෙරොයින් මීට වඩා අධික ලාබ ලැබිය හැකි ලොකු රටවල් කරා ප්‍රති අපනයනය සඳහා සූදානම් කළ ඒවාය. ලංකාව හුවමාරු මධ්‍යස්ථානයක් පමණි. එනම් මේ පසුපස සිටින්නේ දේශපාලකයන් සය මහා පරිමාණ ව්‍යාපාරිකයන් බවයි
ඇමෙරිකාවේ එහෙම තමා කරලා තියෙන්නේ. කාටවත් බලන්නවත් දෙන්නේ නැහැ. එහෙම කරානම් හරියටම හරි.
අපේ රට ඇතුලත කොහේ තිබ්බත් වැඩක් නැහැ හිරේ සිටිමින් කුඩු බිස්නස් කරන්නේ නිලදාරීන්ගේ සහයෝගයෙන් සහ මරණිය දණ්ඩනය නියම කලත් ටික කලකින් එලියට එන්න පුළුවන් බව එක දන්නා නිසා, කරත යුත්තේ සහයෝගය දෙන නිලදාරීන් කොටුකරගන්න ගමන් මේ අයට නිතිය ක්‍රියාත්මක කිරීම.
මේ සිරකරුවන් හට වෙනම බන්ධනාගාරයක් ඇති කරන්නේනම් එම ස්ථානය සම්පුර්ණයෙන්ම නාගරික පෙදෙසකින් ඇතව හා කිසිදු දුරකථන ජාලයක් හා සම්බන්ද වීමට නොහැකි ලෙස මෙන්ම අභ්‍යන්තර පිවිසීමේ දොරටු කටයුතු විශේෂ කාර්ය බලකාය වෙත ලබා දී අභ්‍යන්තර පිවිසෙන බන්ධනාගාර නිලදාරීන් පවා රාජකාරියට ස්ථානයට ඇතුල් වීමේදී විශේෂ කාර්ය බලකා නිලදාරීන්ගේ අධික්ෂණය යටතේ ස්කැන් යන්ත්‍රයක් හරහා ගමන් කර රාජකාරියට වාර්තා කරන ආකාරට සැකසිය යුතුය. සියලුම සේවකයන්ගේ භෝජනාගාර මෙන් සිරකරුවන්ගේ භෝජනාගාර හා බාහිර පුද්ගලයන් හමුවන ස්ථාන ස්කැන් යන්ත්‍රයට පෙර ස්ථාපනය කල යුතු අතර සිරකරුවන් යලි අභ්‍යන්තර පිවිසීමේදේ ස්කැන් කල යුතුය . මෙය ප්‍රධාන දොරටුවෙන් අභ්‍යන්තරව පිහිටවිය යුතුය. ප්‍රධාන ඇතුල් වීමේ දොරටු සදහාද විශේෂ කාර්ය බලකාය නිලදාරීන් යොදවා ආරක්ෂාව ඇති කල යුතුය. කිසි විටක බන්ධනාගාර නිලදාරීන්ට රාජකාරී භාණ්ඩ හැර කිසිම ද්‍රව්‍යක් ඇතුලට ගෙනයාම තහනම් කල යුතුය. සියලු අභ්‍යන්තර සන්නිවේදන කටයුතු රේඩියෝ සන්නිවේදන මාර්ග හරහා පමණක් සිදුකල යුතුය නැතහොත් මේ සිදුවන කිසිම දෙයක් වැළකිය නොහැක ප්‍රදාන ඇතුල් වීමේ දොරටු සදහාද දුරකථන පහසුකම් ලබාදිය යුතුය
කාගෙ සල්ලි වලින්ද මේ අයට මාලිගාවල් හදන්න යන්නේ. මේකත් මේ දුප්පත් ජනතාවගේම මුදල් නේද ..???