(අජන්ත කුමාර අගලකඩ)
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් පුද්ගලයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය යොමුවී ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
ගතවූ කාලය තුල හෙරෝයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොග වශයෙන් දිගින් දිගටම හමුවීමත්, මත්ද්‍රව්‍ය වැරදිවලට සිරගත වූ පුද්ගලයන් බන්ධනාගාරගතව සිටිමින්ම මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීමත් සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මේ පිළිබඳව අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.
මේ අතර මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධව පුද්ගලයන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන ලෙස විවිධ සංවිධානවල නියෝජිතයන්ද ජනාධිපතිවරයාගේන් ඉල්ලීමක් කර ඇතැයි දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඬුවම කියන වචනය... දැනටත් තියෙනවා එය ක්‍රියාත්මක කරන දිනය කියන්න. ඉස්සර කාලේ රජ්ජුරුවෝ මරණිය දණ්ඩනය දුන්නේ සුළු වැරදිවලට... එ් කාලෙත් ලංකාව බුද්ධාගමේ රටක්... දැන් මේ හේතුව නිසානේ එල්ලුම් ගහ අයින් කෙරුවේ.. ඊට පසුඉඳන් ලංකාවේ වෙන දේවල්... දූෂණය, හොරකම්, මිනීමැරුම්, මේ සේරම වැඩියි. දඬුවම් නැති නිසා ආගම තමන්ගේ හිතින් ඇදහීම, රටේ නීතිය, ආගමට බලපාන්නේ නැහැ.
මත්ද්‍රව්‍ය උවදුර කියන්නේ අතිශයින්ම භයානක ත්රස්තවාදයක්... රට වනසන මේ අපරාධකරුවන්ට ඉතා ඉක්මනින්ම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයි. එය සමස්ත රටේත්, ජනයාගේත්, අනාගත පරපුරේත් යහපත පිණිස වේ.
ඒ පිනම ඇති නිවන් දකින්න
එක්කෝ ඔය කුඩු රජවරුගේ නඩු නො අසාම ඉන්න ඕනේ. හොඳට හිර ගෙවල් වල ඉඳගෙන සල්ලි බලෙන් තවත් කුඩු ප්‍රමෝෂන් කරනවා. ඒගොල්ලන්ට මරණ දඬුවම සුදුසුයි. මරණ දඬුවම නියම කරලා තියාගෙන ඉන්නවා කියන්නේ තවත් කුඩු කුඩු මයි!
මොනවා කීවත් ජනාධිපතිතුමා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේ නෑ.
අමනොඥ ක්‍රියාවක් තමයි මේ මරණ දඩුවම අහෝසී කිරිම. එදා පටන් බලයට පත් එකදු ජනාධිපතිවරයෙක්ටවත් මෙය නැවත ක්‍රියාත්මක කරන්න ධෛර්යක් හෝ එඩිතර බවක් තිබුණේ නැහැ. ඒ නිසා වර්ථමාන ජනාධිපතිවරයා හෝ මෙය ක්‍රියාවට නන්වන්නේ නම් ඔහු මේරටේ නීතිය හා සාමය ස්ථාපිත කරන්න ඉහල දායකත්වයක් සැපයු නායකයෙක් ලෙස ඉතිහාස ගතවනු ඇති අතර මරණ දඩුවම එය සියලුම වැරදිකරුවන්ට ලබාදිය යුතු බවටද අපගේ අදහසයී.
ජනාධිපතිතුමා මෙම තීරණයෙ ස්ථීරව සිට එය ක්‍රියාත්මක කලොත් මෙයට විරුද්ධව සිටින්නේ මැති ඇමැතිවරු.
ඉස්සර වගේ නෙවෙයි දැන් බොහොමයක් ගම් වල 16-20 වයසේ තරුණයින් බොහොමයක් ගංජා ,හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හමාරයි. ඉක්මනින් විනාශ නොකලොත් රටේ අනාගතයම අඳුරේ. මහනුවර නගරයේ පිහිටි පාසල් අවට බොහොමයක් සිසුන් දැනටමත් අනතුරේ වැටිලා .
අනේ මේ ඉන්න අවුරුද්දේ ඔන්න ඔය වැඩේවත් කරලා යන්න... අම්මපා ඒ ඇති අවුරුදු පහටම...
පුද්ගලයන් බන්ධනාගාරගතව සිටිමින්ම දුරකථන හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීමට සැලැස්වීම, පොලිසිය විසින් පිටත සිටින මේ ජාවාරම් කරුවන්ගේ ගෝලයන් අල්වා ගැනීමට කරන උපායක් වියහැකියි. අද පොලිසිය මේ මත්කුඩු විශාල තොග වශයෙන් අල්වා ඒවා භාවිතයෙන් ඉවත් කරමින් උතුම් මෙහෙවරක් ඉටු කරයි. ලංකාව වැනි කුඩා රටක දේශපාලන මැදිහත්වීම් නැතිනම්, පොලිසියට මේ වුවදුර සම්පූර්ණයෙන්ම පාලනය කරගත හැකි බව මගේ හැඟීමයි.
ඡන්දයක් ළඟ එනව වත්ද ? මොකද මිනිස්සු එක පයින් කැමතියි මරණීය දඬුවම එනවට . හැබැයි දේශපාලන කාරයෝ කැමැති නැහැ . හේතුව ඒ ගොල්ලන්ගෙ දහ ජරා වැඩ ඔක්කෝම කර ගන්නේ ඔය පාතාලයේ අයගෙන් සහ කුඩු කාරයින්ට කියල .
හෙට කියයි එහෙම දෙයක් කිව්වේ නෑ කියලා
ගංජා පමණක් නීතිගත කල යුතුයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිරගත කිරීම තනිකරම විහිළුවක්. ඔවුන් බන්ධනාගාරවල සිට වෙනදාට වඩා හොඳින් සිය ජාවාරම් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම කප්පම් ගැනීම් වැනි කටයුතු මෙහෙයෙවනවා. විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කාරණාව වන්නේ මෙවැනි අපරාධකරුවන් බන්ධනාගාරයේ සිටියදී වෙනත් සුළු වැරදි වලට බන්ධනාගාරගතව සිටින රැඳවියන් තම ජාවාරම් වලට පොළඹවාගැනීමයි. මරණ දඬුවම දීම තුලින් තව ජාවාරම්කරුවන් බිහිවීමත් බන්ධනාගාර තුල සිට මෙහෙයෙවන වෙනත් අපරාධත් ටික කලිකින් නිදහස් වීමෙන් පසුව නැවත මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීමත් යන සියළු කාරණා වලට ඉඩ ඇහිරීමට හැකියි. යම් දිනක මෙම යෝජනාව ක්‍රියාත්මක වුනොත් ඒ සමගම බාලවයස්කාර දරු දැරියන්ට ලිංගික අතවර කරන්නටත් මේ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන සලකා බැලීම මැනවි.
මෙතුමා කිවොත් දෙයක් කීවම තමයි. මතක නැද්ද කීවා වගේම අපේ රටේ පොලිතින් නැති කලා.
හිටපු අගමැති මුලින්ම.