කරවල තොගයක් තුළ සඟවා මරිජුවානා කිලෝ භාගයක් සහ මත් පෙති 600 ක් නීතිවිරෝධීව රැගෙන ඒමේ චෝදනා එල්ලවූ පුද්ගලයෙක් තමාව එම චෝදනාවලින් නිදහස් බව ඇසීමෙන් සතුටු කඳුළු වැගිරූ පුවතක් වාර්තා වෙයි.
තම ගමන් මල්ල තුළ සඟවා තිබූ බහරේන ඩිනාර් 15,000 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය ගැන තමා කිසිවක් නොදන්නා බව 30 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා පවසා ඇත. කරවල අසුරා තිබූ ප්ලාස්ටික් භාජනයක් තුළ සඟවා මරිජුවානා ග්‍රෑම් 349 ක් සහ මත්පෙති 600 ක් බහරේන ජාත්‍යන්තර තොටුපොළ හරහා රැගෙන එද්දී බලධාරීන් විසින් පුද්ගලයාව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය වසරේ සැප්තැම්බර් 6 වැනිදාය.
කෙසේ වෙතත් මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය චෝදනාවට වැරැදිකරු නොවන බව ඉහළ අපරාධ අධිකරණයේ විනිසුරුවරයා තීරණය කළේය.
“ප්ලාස්ටික් බඳුනක බහා මරිජුවානා ග්‍රෑම් 349 ක් සහ ෂාබු යනුවෙන් හැඳින්වෙන මත් පෙති 600 ක් රැගෙන එද්දී තමයි විත්තිකරුව අත්අඩංගුවට ගෙන තියෙන්නේ” යැයි උසාවි තීන්දුවේ දැක්වේ. “එහෙත් මත්ද්‍රව්‍ය චෝදනාවට ඔහුව වරදකරු කරන්න එය පමණක් ප්‍රමාණවත් නැහැ” “මේ චෝදනාවට වරදකරු කරන්න නම් තමන් රැගෙන යන්නේ මොනවාද? කියන එක ගැන විත්තිකරුට දැනීමක් තියෙන්න ඕනේ”
“මෙතැනදී ඔහු කිව්වා බහරේනයේ ඉන්න බංගලිදේශ ජාතිකයකුට දෙන්න කියලා තමන්ට ලබාදීපු එකක් බව” “තමන්ට වීසා එක විකුණපු බංගලිදේශයේ ඉන්න පුද්ගලයා මේ බඳුන ඔහුට දුන්නා කියලා ඔහු කිව්වා” “ඔහු කළේ තවත් කෙනෙකුට උදව්වක් විතරයි. මේ භාජනය ඇතුළේ මත්ද්‍රව්‍ය තියෙනවා කියලා ඔහු දැනගෙන හිටියේ නැහැ” “බහරේනයේ ඉන්න බංගලිදේශ ජාතිකයාගේ දුරකථන අංකය ඔහු බලධාරීන්ට ලබාදෙනවා. එම පුද්ගලයාව අත්අඩංගුවට ගන්න පරීක්ෂණ සිදුවෙනවා” යැයි එම නියෝගයේ වැඩි දුරටත් දැක්වේ.
2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
787
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මත්ද්‍රව්‍ය චෝදනාවෙන් ආසියානුවා නිදහස්