පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පිරිසකට පිළියන්දලදී වෙඩි තැබූ බවට සැක කරන දෙදෙනකුගේ ඡායාරූප විමර්ශන කණ්ඩායම් විසින් පොලිස් චිත්‍ර ශිල්පියකු ලවා සිතුවම් කරනු ලැබ තිබේ.
වෙඩි තැබීම සඳහා භාවිතා කළ යතුරුපැදිය මැයි නව වැනි දා දෙල්ගොඩින් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනාගේ හැඩහුරුව ඔස්සේ මෙම සිතුවම් ඇඳ ඇතැයි පොලිසිය කියයි.
මෙම චිත්රවල සඳහන් පුද්ගලයන්ට සමාන හැඩරුව හා සමාන ලක්ෂණ ඇති පුද්ගලයන් සම්බන්ධ තොරතුරු ඇතොත් නුගේගොඩ පොලිස් අධිකාරීවරයාට හෝ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂට දැනුම් දෙනෙ ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලයි.
සාර්ථක තොරතුරුක් සපයන අයකුට විශේෂ මුදල් ත්‍යාගයක් පිරිනැමීමටද කටයුතු සලසා ඇත. දුරකතන අංක 0718-591641 හෝ 0112-852555 ඔස්සේ නුගේගොඩ පොලිස් අධිකාරී කාර්යාලයට නැතහොත් දුරකතන අංක 0718-591727, 0112-662323 හෝ 0112-6 855151 ඔස්සේ කොළඹ අපරාධ කොට්ඨාසයට මෙම පුද්ගලයන් සම්බන්ධ තොරතුරු දැනුම් දිය හැකිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන සහය ලබා ගැනීමට පෙර මත්ද්‍රව්‍ය අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ආ පසු ඔවුන්ට දෙන දඬුවම හරියට ක්‍රියාත්මක කරවන්න කටයුතු කරන්න. ජනතාවගෙන් උදවු ලබා ගෙන ඔවුන් අල්ලා සිර කළපසු ඔවුන් හිරගෙදර සිට ඒ ජනතාව ඝාතනය කරීමට කටයුතු කරනු ඇත. රටේ මෙවන් අපරාධකාරයන් ජනතා මුදලින් ජීවත් කරන එකෙන් කිසිම තේරුමක් නැත. මෙය ජනපතිතුමා ඇතුළු බලධාරීන් වටහා ගත යුතුය. වරදට දඬුවම තීරණය කළේ අද නොවේ. අතීතයේ දීය. ඒ අපරාධ පාලනය කිරීමට වෙන හැකියාවක් නැති නිසාවෙනි. අද සිදුවී ඇත්තේ රටේ බලා තණ්හාව නිසා අපරාධකරුවන් ආරක්ෂා කරීමට නායකයන් කටයුතු කරයි. හෙල්මට් එකක් නැති මිනිසාට දඩ ගසයි. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් .... ඒත් මේ මිනිස්සු හැදෙන්නේ නැති එකනේ පුදුමේ....
මිනිස් ලොව ආයුෂ අවසන් වීමට කාලය හරිවගේ...
මොන විදිහටද හිනාවෙන්න ඕනේ...? ලංකාවේ අලුත්ම, ජනප්‍රියම විහිළුව සහ වසරේ ජනප්‍රියම විහිළුව.... මේක තමයි.
ඇයි අල්ලලා දුන්නම හෙලිකොප්ටරයෙන් ගෙදරටම ගිහිල්ලා මොනවා කරන්නද?
මහජන සහාය කොච්චර ලැබුනත් වැඩක් නෑ, ආයුධ පෙන්නන්න අරන් යන්නේ නැතුව මේ වසංගතේ නැති කරන්න බෑ
පසුගිය කාලේ අල්ලපු කුඩු කන්ටේනර් ඒවා ගෙන්වු බලවත් පුද්ගලයන් අද නිදහසේ ඉන්නවා ඉතින් කොහොමද මහජනතාව ගෙන් කටක් අැරල තොරතුරු ඉල්ලන්නේ .ඔබ තුමන්ලාගැන අප විශ්වාසයක් නැත