ලෝකයේ ලොකුම පිහිනුම් තටාකය ඇත්තේ හම්බන්තොටයි. මහින්ද රාජපක්ෂ ජනපති සමයේ හම්බන්තොට ඉදිකළ වරායට නැව් ගෙන එන එක ලොකු ප්‍රශ්නයක්. හම්බන්තොට පාරවල් නම් තියෙනවා. ඒත් ඇත්තේ පාරවල් පමණයි මිනිසුන් නෑ. කර්මාන්තත් නෑ. හම්බන්තොටට කර්මාන්තද වරායට නැව්ද ගෙන ඒමට කොහොමහරි උත්සාහ ගන්නවා. ඒ ටිකත් කරනවා. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපොළක් තියෙනවා. එම ගුවන්තොටුපළට ගුවන් යානා ගෙන ඒම හරියට සහරා කාන්තාරයට වැස්ස ගෙන එනවා වගේ වැඩක්.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් දැක්වූයේ ස්වාධීන රූපවාහිනියේ සාකච්ඡාවකට එක්වෙමිනි.
‘දැන් සමහරුන් කෑ ගහන්නේ දුටුගැමුණු රජ්ජුරුවන් අල්ලස් කොමිසමට ගෙනිච්චා වගෙයි. දැන් රජ කරන්නේ නීතිය බව ඔවුන්ට අමතකයි. හිටපු ජනපතිට අල්ලස් කොමිසමට එන්න කියා තිබුණේ ප්‍රකාශයක් ගන්න. වෙනදේකට නොවෙයි. ඉතින් ඇයි ඇවිත් ප්‍රකාශයක් දෙන්න බැරි?‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන රූපවාහිනියේ සත්‍යාගාරය වැඩසටහනට සහභාගී වෙමින් කීවේය.
රට බෙදීමට තමා උඩගෙඩි දෙන බවට නැගෙන චෝදනා අසත්‍ය බවත්, තමා එවැන්නකු නම් ප්‍රභාකරන් මේ රටේ පාලකයා ලෙස තමන් පත් කරගන්නා බවත්, නමුත් 2005 දී මහින්ද රාජපක්ෂ ප්‍රභාකරන් හා එක්ව තමා පරාජය කළ බවත්, ප්‍රභාකරන්ගෙන් පසු 2010 දී කේපී අල්ලා ගත් බවත් අගමැති අනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
(සම්පූර්ණ සත්‍යාගාරය වැඩසටහන පහත වීඩියෝවෙන්.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මොනවද කියලා මේ කතා නම්... (නි)
දෙවියෝ මේ රට තාමත් ආරක්ෂා කරනවා කියල තේරෙන්නේ, 2005 දී රනිල්ව ගෙදර යවපු එකෙනුයි, 2015 දී මහින්දව ගෙදර යවපු එකෙනුයි.......... දැන් ඕන ඔක්කොම හොරුන්ව ගෙදර යවන්න ෆොන්සේකා පාලනයක්. (ස)
දරිද්‍රතාවයේ පතුලටම ගිලිලා තිබුණු හම්බන්තොට වගේ අති දුෂ්කර ප්‍රදේශයකට ගුවන් තොටුපොල සහ වරාය වගේ සංවර්ධන ව්‍යපෘති කියන්නේ ශුෂ්ක ප්‍රදේශයකට වැටෙන පොළොව තෙමන මහා ආශීර්වාද වැස්සක් ම තමයි. මිස්ටර් බටලන්ද කුරුඳුවත්තේ නිසා නොදන්නවත් ඇතී හම්බන්තොට කියන්නේ පෙර රජ දවස සිට නැව් තොටක් පැවති ප්‍රදේශයක් බවත් එය හරහා ඓතිහාසික වෙළෙඳ මාර්ගයක් වැටි ඇතී බවත් අදටත් එය පවතින බවත්. ඒවගේම අපටම කියලා ජාත්‍යන්තර මට්ටමේ විකල්ප ගුවන්තොටක් නැති නිසා මත්තල හදන්න කලින් අපි ඉන්දියාවේ ගුවන්තොටකට ගෙවීම් කරගෙන ආපු බවත් දැන් මත්තල නිසා ඒ වියදම නැවතී ඇතී බවත් මත්තලට ගරහන ඔබ දන්නවාද මිස්ටර් බටලන්ද ? (ස)
අනේ! තවමත් මිනිස්සු ඇත්ත තේරුම්ගන්න බැරුව මහින්දට ආවඩනවා (නි)
ප්‍රභාකරන් මහින්දව විශ්වාස කළා ප්‍රභකරන්ට කෙලෙව්වා 2005 මිනිස්සු මහින්දව විශ්වාස කළා ජනතාවටත් කෙලෙව්වා හෙළඋරුමය බල කරපු නිසා තමය මහින්ද යුද්දය කළේ (බ)
හරි. ප්‍රභාකරනුයි මහින්දයි එකතුවෙලා ඔයා පැරැද්දුවා කියමුකෝ. ඔයයි, මෛත්‍රි මහත්තයයි, චන්ද්‍රිකායි එකතුවෙලා මහින්ද පැරැද්දුවානේ. ඉතින් දැන් ප්‍රශ්නයක් නැහැනේ (නි)
අපි නම් හිතන්නේ ඔබතුමා පැරදුනේ ජනමතය විසින් ප්‍රතික්ෂේප වුණ නිසා කියලයි (නි)
දැන් පරණ කතා වැඩක් නැහැ මහත්තයෝ (නි)
මතකද ප්‍රේමදාස යුගය? එතකොට ඔබ මොනවාද කිව්වේ? (නි)
අමතක නැත අපට බටලන්ද (නි)
දැන් මොනවා කිවුවත් අපිට අතීතය හොඳට මතකයි මහත්තයෝ (නි)
ශෙහාන්ට තේරුණු ඇත්ත මොකක්ද දන්නේ නැහැ. (නි)
අර මිලේනියම් සිටි කියල එකක් බොරුවට වටලලා එකේ තිබුන බෝම්බ ඔබතුමාට අටවන්න ගෙනාව කියල, ඔක්කොම එලි කරලා, ඊට පස්සේ කොටියෝ අපේ හමුදාවේ දක්ෂ නිලධාරියෝ එක වැලට මැරුව සිද්ධිය කාලේ ඔබතුමාගේ නම තියන අගමැති කෙනෙක් තමයි ලංකාවේ ඉඳල තියෙන්නේ ! (ස)
රවී, මොකද ඔය සීරුවෙන් වචන තෝරාගෙන ලිව්වේ. මෙහෙම ලියන්නවත් මාධ්‍ය නිදහස ඇතිවුණේ ඒ කාලේ. (නි)
අපේ අයගේ ඇස් ඇරෙන්න නැවතත් අතීතයට යන්න පුලුවන් නම් කියලා හිතෙනවා! අපි නම් රට හැරදා යන්නට තීරණය කරලා ඉවරයි. (නි)
සරත් නොදන්නවට 2015 දී මහින්දව ගෙදර යැවුණේ රට රකින දෙවියන්ගේ තාවකාලිකව දුබල වුණු වෙලාවකයි. එහෙම දේවල් 1977 සහ 2015 වගේ මෑත ඉතිහාසයේත් එමෙන් ම ඉතා ඈත ඉතිහාසයේත් වරින් වර සිදු වෙලා තියෙනවා. කොහොමත් සියල්ල වෙනස් වෙන ලොවක රට රකින දෙවියන්ගේ බලපරාක්‍රමයත් වරින් වර වෙනස් වෙනවා ඇති. (බ)
මෙන්න චේතිය රජ්ජුරුවෝ නුවන් නමින් ආයෙත් ඉපදිලෝ.. . ! රනිල්තුමා 2005 දී බලයට ආවනම් මීටත් වඩා හොඳට කොටි පරද්දන්න තිබුණය කියලා නූතන චේතිය අපිට කියනවෝ.. !(බ)
මං කිව්වේ අමන්දා එයා පිනා චාන්ස් අගමැති නිසා මිනිස්සු මේ කතා ඉවසනවාය කියලයි. කොහෙද මොඩරේටර් තුමාගේ යහපාලන කතුරට චාරයක් නැහැනේ. ඉතිං මේක නැවත නැවත කියන්න වෙනවා. (ස)
කවුරු මොන දේ කිව්වට් .ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඔය කියන මිනීමාරු ප්‍රබාකරන් එක්ක ගහපු ගිවිසුම හින්ද තමයි මහින්දට යුද්දේ ඉවර කරන්න පුළුවන් උනේ... දැන් කවුරු මොනවා කිව්වත් දුප්පත් අපිත් යුද්දෙට උපරිමෙන් උදව් කළාට කාටවත් ඒවා මතක නැහැ. අහිංසක වීරෝධාර රණවිරුවන් මතක නැහ. ඔක්කොම කලේ මහින්ද මහත්මයි ගොඨාභ මහත්තයි විතරි අනේ... කාටද මේවා කියන්නේ... (ස)
ප්‍රකාශයක් දෙන්න අල්ලස් කොමිසමට යන්න බැරි ඇයි? තාමත් ජනාදිපති කියලද දන්නේ නෑ හිතාගෙන ඉන්නේ. (ස)
අර අනුර කියන්නේ 2005 කෝටි 350 ක් දීල දිනුවේ කියල. එක තේරෙන්නේ නැති එක අපේ කරුමෙලු. මෙයාට තේරෙන්නේ නැහැ එදා මහින්ද පැරදුනානම් අද කොටි රජ කරනවා කියල. එඅහෙනම් තවමත් යුද්දේ ඉවර නැහැ. සමහරවිට ඔය කියන අනුරත් අද බෝම්බෙකට අහුවෙලා මැරිලා. (ස)
මිලේනියම් සිටි සිද්දිය මහා පාවාදීමක්. එ්කට අගමැති සම්පුර්ණයෙන් වග කියන්න ඕනේ. බුද්ධි අංශයේ කීදෙනෙක් කොටි මැරුවද. (ස)
සුමුදු හේවා මෙතන ලියන්නේ මාසේ පඩියටද? කමක්නැහැ ඉතින් යහපාලනයෙන් දානයක් දුන්න කියා හිතා ගමු. (ස)
මහින්ද ප්‍රබා එක්ක ඔයාව පරාජය කරේ නැත්නම් ප්‍රබා අදටත් යහතින් ඉන්නවා. (ස)
දන්නා අය දන්නවා යුද්ධය නතර කරන්න කිව්වේ කව්ද කියලා. ඒක අවසන් කරන්න මුල්වුණ කෙනත් කවුද කියලා දන්නා පිරිස දන්නවා. එහෙම අවසන්කළ යුද්ධයෙන් ලකුණු දාගන්න අය මේ රටේ ඉන්න ඔක්කොම දන්නවා.මිනිසුනේ, කිව්ව පමණින් හැම දෙයක්ම විශ්වාස නොකරන්න. සිහිබුද්ධිය ඇතුව හිතලා බලන්න. අපේ මිනිස්සු කැමති පපුවට ගහගෙන උස් හඬින් කතාකරන මිනිසුන්ට මිසක් බුද්ධියෙන් කතාකරන මිනිසුන්ට නොවන බව පැහැදිලියි (නි)
දැන් කවුරු කවුරුත් මැරිලා ඉපදිලා වගෙයි කතාකරන්නේ (නි)
රූපවතීට මොළයේ අමාරුවක්ද? මොළය පාවිච්චි කරලා හිතන්න. (නි)
අපි හැමදේම හොඳට මතක තියාගෙන ඉන්නේ (නි)
මගේ හිතට එන දේවල් මෙතන සඳහන් කරන්න අමාරුයි (නි)
එහෙම වුණ නිසා ශ්‍රී ලංකාව කියලා රටක් ඉතුරු වුණා කියලයි අපි නම් විශ්වාස කරන්නේ (නි)
මට නම් දුක හිතෙනවා අපේ මහත්තයා ගැන (නි)
එතකොට පැරදුන ඉතුරු ඡන්ද 28??? (ස)
1992 පසු මේ රටේ ඉපදුන හැම පුරවැසියෙක්ටම අද වෙනකොට යන්තන් අවුරුදු 22 කි. මෙහි අදහස් දක්වන අවුරුදු 18-22 අතර අයට දැකල තියෙන අත්විදල තියන සිද්ධීන්ගෙන් මතක තියෙන්නේ 2003 මෙහාට උන දේවල් විතරයි. එතකොට මේ 2002 ඉදන් මොනවද මෙයාල දැක්කේ.....ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උනන්දුවක් රට මෙහෙයවපු එක.....2002 ඉදන් 2015 ට අවුරුදු 13 එකම දිගට එකම දේ දැක්ක ඕනම කෙනෙකුට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උන්දුව එපා වුණා.....අාන්ඩු විරෝධී ඕනෑම කටකතාවක් ඇත්ත විදියට පිළිගන්න මානසික වටපිටාවක් එයාලගේ මනස තුල නිර්මාණය වුණා. හැබැයි මේ රටේ එක දේසපාලන පක්ෂයක් 83 ජුලි කලබලය මැද නොපවත්තපු එක ගැන, රටට එකෙන් උන විනාසය ගන, එක දේසපාලන පක්ෂයක් රටේ කෝටි ගණනක රාජ්‍ය දේපල විනාශ කරපු එක ගැන, මේ රටේ 71000 සිංහල තරුණයෝ මරපු එක ගැන.....කළු බළලුන්ගේ මරණ බයට මිරිකිලා 90 දශක අග බාගයේදී කැලෑ දරුවෝ හන්ගන් හිටපු ඒකගැන අවුරුදු 18-25 අතරේ අයවත් දන්නවද.....මේ ටික ගැන දන්නා මිනිස්සු දැන් බොරුවට කෑගහන අවුරුදු 2 කේ අාණ්ඩුවේදී මේ රටේ අභ්‍යන්තර භූමියේ දේශසිමා නිර්මාණය කරන්න සාම ගිවිසුම් ගහපු....යුද්දේ යනකොට කිලිනොච්චි කියල මැදවච්චි සහ අලිමංකඩ කියල පාමංකඩ යනව කියපු අයට ඡන්දේ දෙන්නේ නැහැ....එක තමයි සැබෑව (බ)
අනේ සුනිමල්, තවමත් මොළේ පෑදෙන්නේ නැත්තේ මොකද(දිල්)
හොඳයි. අපි මෙහෙම කියමු. මේ රටේ තිබුන යුද්ධය අවසන්කළේ රනිල්.චන්ද්‍රිකා මහත්මිය ඒකට පදනම දාලා දුන්නා. මේ රටේ සියලු සංවර්ධන වැඩ කළේත් එයාලා. නැත්නම් අපි තවම ලයිට් නැතුව කරුවලේ,කාපට් නැති පාරවල් වල යනවා. යුද්ධයෙන් කොල්ලෝ මැරෙනවා.මහින්ද අවුරුදු 10 ක්ම මොකුත්ම කළේ නැහැ. දැන් හරිද? (නි)
රන්ජනී නෝනා , සුමුදු හේවා වැනි මේ රටට ආදරය ඇති, ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන් අය ඉඳීම රටේ වාසනාවක්. ඒ වගේම ඔබතුමිය කියනවා, සුමුදු හේවා මාස් පඩිකාරයෙක් කියලා. මම හිතන්නේ සුමුදු හේවාට අවශ්‍ය ලොකුම සම්මානය ඔබතුමිය නොදැන හෝ ලබා දී ඇත. සුමුදු හේවා මහතාණෙනි, මගෙන් උණුසුම් සුබ පැතුම්! (නි)
රන්ජනී,මම මගේ රටට ආදරෙයි රංජනී. මේ වෙලාවේ රට වෙනුවෙන් මට කළ හැකි දේ කරන්න කාගෙන්වත් මාස් පඩිවත් වෙනත් වරදානවත් ඕනෑ නැහැ. කොහොමත් අතීතයේත් සිංහලයෝ රට රැකගැනීමට කැපවුණේ මාසේ පඩියට නම් නෙමෙයි කියලා ඔයාලා වුණත් මතක තියාගන්න වටිනවා. (නි)
කට ඉබේම කුණු වෙන බොරු කියන්න එපා. (බ)
පරණ පිනක් හිසේ කඩාගෙන වැටිලා.රට දෙකඩ කරන්නට අගමැති පුටුවට වීලා. බටහිරයන් හට උවමනා විදියට වැඩ කරලා. බටලන්දය දොඩවනවා උගේ විනාශය ලංවීලා (අ)
රන්ජනී අක්කේ, මොකද නිකම් මහින්ද භීතිකාව තදවෙලා වගේ වටේට අරියාදු කරන්නේ? සුමුදු මහත්තයා ලියන ඒවට ඔයාට කට උත්තරත් නැති හින්දද නිකං මේ කියවන්නේ ? (නි)
රනිල්ව පරද්දන්න ප්‍රභාකරන්ගේ සහය මොකටද? කොහොමටත් රනිල් කියන්නේ ජනතාවට එපාම උනු කෙනෙක්නේ. ඇත්ත කතාවනම් මෙයා චන්ද්‍රිකා, මෛත්‍රීත් එක්ක එක්කහුවෙලා ප්‍රභාගෙයි (ටීඑන්ඒ එක) හකීම්ගෙයි උදවු ඇතිව මහින්දව පරද්දපු එකයි. මෙයාල දැනටත් වැඩිහරියක් කරන්නේ ඒගොල්ලන්ගේ ඕනා එපාකම් විතරනේ. (ස)
නීරෝ, හිටපු ජනපතිතුමා කළ ලොකුම වැරැද්ද මේ වගේ ගුණ මකු මිනිස්සු ඉන්නා රටකට සාමය උදා කරලා දීම පිණිස තමන්ගේත් තම ආදරණීයයන්ගේත් ජීවිත පරදුවට තැබීමයි කියලා මෙතන සමහරුන්ගේ අදහස් දැක්කම හිතෙනවා. හැබැයි එතුමා යන යන තැන රොද බඳින රටට ආදරේ කරන කෘතවේදී ජනතාව නම් එතුමන්ගෙන් රටට වුණු සේවය කවදාවත් අමතක කරන්නේ නැහැ. එතුමන්ගේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන අතරේ අද එතුමන්ට කෙනෙහිලිකම් කරන සහ එතුමන්ට අපහාස කරන අයට ඉතිහාසයේ කුණුබක්කිය නොවැරදීම හිමි වෙනු ඇත. (ස)
ඔබ පික්පොකට් ගැහුවා අගමැති කම (ස)
ලීල්, ඔයා එජාපෙ දාහත් අවුරුදු ශාපයත්, එජාපෙ සහ ජවිපෙ නිසා රටට අහිමිවුණු තරුණ ජීවිත ගැනත් මේ ෆේස්බුක් බබාලට මතක්කරලා දුන් එක හොඳයි. ඔන්න මම මේකට සුනාමි සහන මණ්ඩල සහ කොටි සමඟ ගිවිසුම් යනාදිය ගැනත් ඌන පූරණයක් එක්කරනවා. (නි)
ඔය දේ රටේ බයියාලට නොතේරෙන එකනේ කරුමේ මහින්ද 2005 දී කොටින්ට කෝටි 350ක් දුන්නා. ඉදිරියේදී ඔක්කොම එලි වේවි ! (ස)
හැමදේම කළේ කවුද? මහින්ද. මහින්ද.මහින්ද. අනේ මට නම් පිස්සු වගෙයි යාළුවනේ! (නි)
මහින්ද මහත්තයා අවුරුදු 30 කටත් වැඩියෙන් ජනාධිපතිවරු හතර දෙනෙකුටත් බැරිවුනා යුද්දේ ඉවර කරලා රටට සාමය ගේනවා. එක තමන්ගේ නමට ලියා ගන්න හදන්න මිනිස්සු යුද්දේ කරනකොට වචනයකින්වත් සහයෝගය දුන්නේ නැහැ. (ර)
නීරෝ, හිටපු ජනපතිතුමා කළ ලොකුම වැරැද්ද මේ වගේ ගුණ මකු මිනිස්සු ඉන්නා රටකට සාමය උදා කරලා දීම පිණිස තමන්ගේත් තම ආදරණීයයන්ගේත් ජීවිත පරදුවට තැබීමයි කියලා මෙතන සමහරුන්ගේ අදහස් දැක්කම හිතෙනවා. හැබැයි එතුමා යන යන තැන රොද බඳින රටට ආදරේ කරන කෘතවේදී ජනතාව නම් එතුමන්ගෙන් රටට වුණු සේවය කවදාවත් අමතක කරන්නේ නැහැ. එතුමන්ගේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන අතරේ අද එතුමන්ට කෙනෙහිලිකම් කරන සහ එතුමන්ට අපහාස කරන අයට ඉතිහාසයේ කුණුබක්කිය නොවැරදීම හිමි වෙනු ඇත. (ර)
ලක්මාල්, සුමුදු ඔබ දෙදෙනාම හරි. (ර)
ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වනවිට රට වෙනුවෙන් විදුලි පුටුවට වුණත් යන්න සූදානම් යැයි පැවසූ අයට අල්ලස් කොමිසම ප්‍රශ්නයක් ඇසුවාම ඊට උත්තරයක් දෙන්න බැරිවීම එම ජනතාවටම ද්‍රෝහි වීමක් විදුලි පුටු වීරයා අල්ලස් කොමිසමට බයයි ඕකනේ බොරුව කියන්නේ !(ස)
ලීල් ඔයාගේ කටේ මසුරන් දාන්න ඕනෑ. මම කියන්නේ නැහැ වැරදි නොවුනා කියලා. එත් හුගක් හොද දේවල් උන එක පිළිගන්න කවුරුත් කැමති නැහැ. (ර)
ලක්මාල් ඔයාට මගේ ප්‍රණාමය. (ස)
කන්ඩ ඕනේ උනාම කබරගොයත් තලගොයා කරනවා කියන්නේ මේවට තමා. 2010යෙ එලියට බැහැල මම UNP කියලා කියන්න බැරි 2015 වෙනකම් කුණු කානු වලට වෙලා හැංගිලා ආප්ප වෙලාව එනකම් හිටපු සැබෑ දේශප්‍රේමීන් දැන් මීඩියා එකේ දාන ලොකු ටෝක්ස් දැක්කහම තමයි හීනා යන්නේ (ස)
මගේ අම්මෝ, මෙන්න මැදවච්චිය, කිලිනොච්චිය, අලිමංකඩ, පාමංකඩ ඔක්කොම බ්‍රේස්ලට් එකක පැටලිලා. බටලන්ද විතරයි තාම එලියට ආවේ නැත්තේ. දොන් ජුවන් ධර්මපාල කියන්නේ නිකන්ද. (ස)
හුඟ කාලෙකට පස්සේ ඔබතුමා හොඳ කතාවක් කරලා තියෙන්නේ... (නි)
අනේ මේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නවද? මටත් හොඳට මතක තියනවා තමා අගමැතිව සිටි කාලෙක උතුරට දුවගෙන ගිහින්. ප්‍රභාකරන්ට දෙකට නැවිලා එයාගේ පදේට නැටුවා. ඒ 9 මාර්ගය ඇරලා දුන්න. කොටි සේරම කොළඹට ඇවිත් අස්සක් මුල්ලක් නෑර කඳවුරු බැදගෙන හැමතැනම බෝම්බ ගැහුවෙයි, කොළඹට ගහන්න උඩින් ආවෙයි එදා තමන් උන්ට සූප්පුවෙන් කිරි පොවපු නිසයි,,,, අද. කාටත් බැන බැනා රජ කරන්න රටක් මහින්දලා ඉතුරු කලා. රටට ඒ ටිකම ඇති වෙන මොනවා නැතත් ....? (ස)
මෙවැනි උගත් බුද්ධිමත් කතාවක් කරන්න වෙන දේශපාලකයෙක් ලංකාවේ නැත.රනිල් මැතිඳුනි, ඔබට සහ රටට ජය! (නි)
පුදුමාකාර කතාවක්නේ රනිල් මහත්තයා මේ කියන්නේ? (නි)
ඒකනේ සංජය! මේ කතාවත් හරියට මෙන්න එක්කෙනෙක් මට පිටිපස්සෙන් ඇවිල්ලා පිහියෙන් අනින්න හදනවෝ කියලා අර කව්දෝ මෑතකදී පාර්ලිමේන්තුවේදී කළ කෑගැහිල්ල වගේනෙ. (නි)
රනිල්ගේ කටට බ්‍රේක් නෑ (අ)
සංජය සමඟ මම එකඟවෙමි (නි)
දැන් ඉතින් ඕවට අපි මොනවා කරන්නද? (නි)
නායකයන් ලොකු දේවල් කරනකොට වරදින තැන් තිබෙනවා. ඇමෙරිකාව කළ ඉරාක සටන නිසා විනාශවුණ මුදල් හා මිනිස් ජීවිත කොපමණද? ඕනෑම කෙනෙකුට වරදිනවා. මහින්ද කළදේවල අගය කවදාහරි අවබෝධවෙයි. (නි)
මහින්ද රටට කළදේවල් මොනවාද? ඔබතුමා රටට කළදේවල් මොනවාද? ජනතාව එ්ක හොඳට දන්නවා. මහින්ද කිසිම අවස්ථාවක රට ජාතිය පාවාදුන්නේ නැහැ. ඒ කාලයේ රටේ සංවර්ධනය බලාගෙන සිටියදි ඉහළ තලයකට පැමිණියා. හීනයක් වු අධිවේගය අලුත් වරායක් ගුවන් තොටක් පරිඝණක දැණුම ආදී සැම අංශයකම දීර්ඝ දියුණුවක් ලැබුවා. පසුගිය වසර කීපය ලංකාව කඩිගුලක් ඇවිස්සිලා මෙන් තිබුනේ. (නි)
අන්ධ භක්තික මිනිස්සු.රටට හෙනගැහුවත් කමක් නෑ නේද? (අ)
ඕක ඔලුවෙන් ඊටගේන කිවත් ජනතාව පිලිගන්නා දෙයක්ද තොප්පිගල වනාන්තරයක්නේද අලිමංකඩ පාමංකඩ 2001 දෙනවා කිව බ්ලෙස්සෙට් හෙක දෙනවද අපි එක්සත් ජතික පක්ෂ විරෝදී නෙමේ රනිල් රවී විරෝධි පමණි තමන්ට ජනාධිපති ඡන්දෙට ඉදිරිපත් වෙන්ඩ බැරීව පස්සෙන් ගලා අගමැති වුන කෙනෙක්ට කොමද නැවතත් ඡන්දේය දෙන්නේ රනිල් ගිය දවස තමා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්නේ (අ)
දිනේෂ් , බටලන්ද නොවෙයි අධ්‍යාපනයට වුණේ මොකක්ද කියලා දන්නවද? (නි)
ප්‍රභාකරන් සමග එක්වෙලා ඔබව පරාජය කරලා නැවතුනේ නැහැ. ශ්‍රී ලංකා දේශපාලන කඩ ඉම තුළ රට බෙදීම හා ප්‍රබාකරන් යන සාධක දෙකම අනාගත ශ්‍රී ලංකාව තුළින් ඉවත් කළා. තව පොඩ්ඩෙන් ඔබ ආවනම් ප්‍රභාකරන් යුවරජ කෙනෙක්. (අ)
මෙවැනි බුද්ධිමත් සංවාදයක් සම්පුර්ණයෙන් අසන්න සැළැස්වීම ගැන ලංකාදීපයට ස්තුතියි! (නි)
ඔයා කිලිනොච්චි කියලා මැදවචිචි නේ යන්නේ. අලිමංකඩ කියලා පාමංකඩටනේ යන්නේ. තොප්පිගල කියන්නේ විසාල කැලෑවක්. චුයින්ගම් එකකුයි බ්රේස්ලට් එකකුයි ඕනෙද? (අ)
මහින් ද කරපු විනාශයට වඩා මහින් ද කරපු සේවය ගෝඩාක් ලොකුයි, මොකද වසරකට මිනි 4000ක් මැරුණු රටක් අවුරුදු 6ක් මිනි කදුගොඩ නොගහ තිබුනා හැබැයි රනිල් කරපු සේවයට වඩා රනිල් කරපු විනාශය ගෝඩාක් ලොකුයි, 89 තරුණයන් ඝාතන, 2002 රට පාවදුන් ගිවිසුම තුලින් නොවේ සහ ස්විස් රටවල් ඊලමට යම්පිලිගැනිමක් ලබාදීම, මිලේනියම් සිටී පාවාදීම (අ)
අවුරුදු ගණනාවක් දේශපාලනය කළා, රට වෙනුවෙන් මොනවද මෙය කරලා තියෙන්නේ? (අ)
රේණුගේ කටට මසුරං දාන්න ඕනෑ. අපිව තම්බන්න ඔය ලුණු, ගොරකා, කොත්තමල්ලි මදි. (නි)
ගියදේට යන්න අරින්න මහත්තයෝ (නි)
අනේ ! අපි මෝඩයෝ නෙමෙයි මහත්තයෝ (නි)
ලංකාවේ ඉන්න ගොඩක් ගුණමකු මිනිසුන්ට මහින්ද කළ දේ මතක නැහැ. අද කොළඹ මෙහෙම වැඩට ඇවිල්ලා හවසට විශ්වාසෙට ගෙදර යන්න පුළුවන් යුගයක් තියෙන්නේ එතුමා හින්දා. මොන වැරදි තිබුනත් ඒ මතකය මට නම් අමතක කරන්න බැහැ! (නි)
ඉක්මන් තීරණයක් නොගත්තොත් රට ඉවරයි මහත්වරුනේ. ඒක මතක තියාගන්න. (නි)
ඒ පාර නම් ජනතාවට වැරදුනේ නැහැ මේ පාර වැරදුනාට! (නි)
රටේ අවාසනාවට හැමෝටම එතුමාගේ කතාව තේරෙන්නේ නැත. (නි)
රනිල් මැතිතුමනි, ඔබගේ ශ්‍රේෂ්ට නායකත්වය, මගේ රටට මහත් වාසනාවක්, බොරුවෙන් රට නොමග යවන අය ගැන නොසිතා, ඔබගේ ජාත්‍යන්තර සම්බන්ද කම් තුලින් මෛතරී ජනාදිපති සමග ඔබගේ පාලන කාලය තුල මගේ රත්රන් ශ්‍රී ලංකාව ,ජාති,ආගම් බේද වලින් තොරව මුළු ලොවටම ආදර්ශවත් ශ්‍රේෂ්ට ශ්‍රී ලංකික ජාතියක් බවට පත් කරන්න.මගෙත් සාමය අගයනය ශ්‍රී ලංකික ජාතියේ එකම අදිටනයි .
අනේ නැහැ අමන්දා, මිනිස්සු මේ කතාව ඉවසනවා. (නි)
ඔව් රනිල් මහත්මයා , එසේ නොවී ඔබතුමා එදා ජනපති උනානම් අද වෙනකොට මේ මව්බූමිය බෙදී වෙන්වී යන්න තිබුණා . දෙවියෝ මේ රට තවමත් ආරක්ෂා කරනවා කියන්න හොදම සාක්ෂිය තමයි ඔබේ ඒ පරාජය . බුද්දි අංශය අමු අමුවේ පාවාදී කොටි හමුදාවට පශ්චාත් බාගය පෙන්වන තැනට පත්කොරපු ඔබතුමාගේ කාලය අපිට අමතක නැහැ (අ)
මහත්තයෝ, 88-89 කාලය අමතකද? මහින්ද කළ ලොකුම වැරැද්ද ඒ සම්බන්ධ අය හිරගෙදර යවපු නැති එක කියලයි මට නම් හිතෙන්නේ (නි)
මෙහෙය මාරයි, රට හමාරයි... (නි)
මම යු එන් පි කියන්න තියා කට අරින්නවත් මිනිසුන්ට යුද්ධයෙන් පසුව නිදහසක් තිබුනාද යවර්? රජයේ ප්‍රශස්ති ගීතයක් ඇරෙන්න මිනිසුන්ට තමාගේ ස්වාධීන දේශපාලන මතයක් කියන්න ඉඩදුන්නාද ? මෙතනම අපි ලිව්වේ කොච්ච්චර සීරුවෙන් වචන තෝරාගෙනද? දැන් බලන්න වෙනස. ඕනෑ කෙනෙකුට විවේචන ලියන්න පුළුවන්. (නි)
අගමැතිතුමනි, හොරුන්ට වංචාකාරයන්ට නීතිමය දඬුවම් දීම කඩිනම් කරන්න. (නි)
ඒ 9 පාර ඇරපු නිසා තමයි එල්ටීටීඊ එකේ දියවීම ආරම්ඹ උනේ. යුද්දයක් තුලම ඉපදී යුද්දය හැර වෙන් කිසි දෙයක් නොදුටු දමිල තරුණයන් එල්ටීටීඊ හැරදමා පිටරටවලට යාමටත් , එල්ටීටීඊ ය පාවාදීමත් පටන් ගත්තා . ප්‍රභාකරන් ගේ සගයින් ,නායකයින් සිංහල නායකයින් සමග ඩීල් පටන් ගත්තා .කැලේ දුක් විදිනවට වඩා සුරසැප විඳින ලෝකයක් ඇතිබව සන්නද්ද නායකයින් අත්දුටුවා . කොහොමත් යුද්දයකින් එල්ටීටීඊ එකට ඊලමක් පිහිටවන්න බැරිබව අවදාරණය උනේ ඒ නිසයි . සටන් විරාමය කාලේදී අපේ හමුදා නායකයින් එල්ටීටීඊ එකත් එක්ක සමීපව හිතවත්වී එල්ටීටීඊ එකේ ඇත්ත තත්වය , අවි බලය ගැන දැනගත්ත නිසා ප්‍රබාකරන් පුම්බා තිබූ බොරු බිල්ලගෙ හුලන් බස්සන්නට හමුදාවට හැකි උනා . (ර)
ඔබ තුමා රට දෙකඩ කිරීමට ගිවිසුම් ගැහුවා.එයින් ඔවුන් හිතේ හැටියට යුද මෙහෙයුම් සපුරා ගත්තා.මේවා මිනිස්සුන්ට මතකයි.අනුර ඔයාට පුළුවන්නේ සාක්කිත් එක්ක ඔප්පු කරන්න හිටපු ජනපති තුමා කෝටි 350ක් දුන්න කියලා.අපි නම් දන්නා හැටියට ලක් ඉතිහාසයේ ජනපති කෙනෙක් හැටියට නෙවෙයි කොන්ද පන ඇති නිර්භීත නායකයෙක් හැටියට එතුමා රන් අකුරින් ලියවිලා ඉවරයි.දේශයට ජාතියට ආදරය කරන නායකයෙක් ඉන්නවනම් ඔහු මහින්දයි.මහින්ද විතරමයි. (අ)
දුටුගැමුණු රජ්ජුරුවන්ගෙන් පස්සේ රට එක්සේසත් කළේ මහින්ද මහත්තයා බව අපි වගේම එහෙනම් දන්නවා. කට බොරු කිව්වත් බැරි වීමෙන් හරි ඔහුගේ දිවට ඉඳහිටලා ඇත්තත් කියවෙනවා එහෙනම්. (ර)
මං කිව්වේ අමන්දා, මිනිස්සුන්ට ඔහුගේ කතාව හොඳටම තේරුණත් ඔහුගේ වාසනාවට මිනිස්සු අගමැති නේදැයි කියලා අනුකම්පාවෙන් මේ කතාව ඉවසනවා කියලයි. (ර)
ඒ ගැන අපි හොඳට දන්නවා අවන්ති. අපේ මුල්ගම ඔය නායකයාගේ ප්‍රදේශයෙමයි. අපි දන්නවා ඉස්සර හිටියේ කොහොමද බලයට පත්වුණ පසු කොහොමද කියලා. ඒවා මෙතන ලියන තරම් පහත් මට්ටමක අපි නැහැ. (නි)
මෙයාගේ කතා වලට රැවටෙන මිනිස්සු තවත් ඉන්නවනේ. (ස)
2009 යුද්ධය දිනුවට පස්සේ ජනතාව මහින්දට 2010 කළගුණ සළකලා ඡන්දය දුන්නා. ඊටපස්සේ රට පවූලේ බුදලයක් කරගෙන සෙල්ලම් කළා. විදුලි පුටුවට යන්න පුළුවන් කෙනා අල්ලස් කොමිසමට යවන්න ගෝලයෝ බය මොකද? (නි)
අනේ ඔව් සරත්, හිටපු ජනපතිතුමා රට කොටි ත්‍රස්තවාදයෙන් මුදාගෙන ඉදිරිය බලාගෙන රටේ මතු දියුණුවට වැඩ කළා මිසක් එතුමාගේ පාලන කාලයට පෙරාතුව රටේ තරුණ ජීවිත නිකරුණේ වනසපු, කොටි සමග හොර ගිවිසුම් ගැසූ, කොටින් වෙනුවෙන් සුනාමි සහන මණ්ඩල ගෙනාපු, පොදු දේපල වැනසූ සහ පොදු දේපල තුට්ටු දෙකට පෞද්ගලික අංශයට විකුණපු සහ සතොස ගිලපු උදවියට දඬුවම් කරන්න ගියේ නැහැ. අන්තිමට දැන් ඒක එතුමාටම පාරාවළල්ලක් වෙලා මේ හොර තක්කඩි මිනීමරුවෝ ඔක්කොම සුදු රෙදි ඇඳගෙන අවි අමෝරාගෙන රට වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පරදුවට තැබූ එතුමන් පස්සේ එළවනවා. මේ අවනඩු දෙයියොම බලා ගන්න ඕනේ ! (ස)
රනිල් අස්සන් කරපු සටන් විරාම ගිවිසුම නිසා තමයි එල්.ටි.ටි.ඊ සංවිධානය දෙකට කැඩුනේ. පැහැදිලිවම ප්‍රභාකරන්ට උවමනාවක් තිබුනා රනිල් බලයට එන එක වලක්වන්න. හැබැයි රනිල් 2005 බලයට ආවත් ප්‍රභාකරන්ට ගැලවීමක් වෙන්නේ නැහැ.මහින්ද කරපු දේම රනිල්ට මීට වඩා අවම හානියකින් කර ගන්න තිබුනා. (ර)
මේක පුදුම කතාවක්නේ! දැන් මොකක්ද මේකේ ඇත්ත කතාව? මට නම් මහින්ද කළර සේවය පෙනෙන්න තියනවා.අපි ඒවා පරිහරණය කරනවා. මොවුන් කළදේවල් මොනවද දන්නේ නැහැ. මහින්ද වැරදි කරන්න ඇති. අපි නැහැ කියන්නේ නැහැ (නි)
අවසන් රංගනය ලෙස මහ දවල් මිනී මරා , කුඩු කන්ටේනර ගනන් ගෙන්වුවෝ දිනක් හෝ රිමාන්ඩ් කිරීමට නොහැකි නීති පද්ධතිය විසින් , ලිත් පනස් දහසක් මුද්‍රණය කිරීම වෙනුවෙන් මිනිසුන් සිරගත කෙරෙති. තකහනියේ ගොම්මනේ පවා මහමග වැනිව ජනපතිවරු දිව්රුම් දෙද්දී, සතොස පමණක් නොව, අධිකරණද දිවා රෑ දෙකෙහි විවෘතව නඩු අසා තීන්දු දෙති. චක්‍රලේඛ හා ආරම්භක උත්සව වල හැරුණු කොට, ප්ලේන්ටියෙන් හා අප්පයෙන් ඔබ්බට ගිය සහනයක් සොයා ගැනීමට නැති. අඩ වියදමකින් නිම කරන බවට උදම් අනා.. අතරමග නවතා දැමු කඩතොළු වූ මාර්ග පද්ධතියද , “ජනපති උපදෙසින් කඩිනම් කර” විවෘත කළ පැරණි ව්‍යාපෘතිද හැර, අලුතින් සිදු කළ සංවර්ධනයක් නැති. ලැම්බෝගිනි මාධ්‍ය සංදර්ශන හැරුණු කොට, ඇල්ලු දුෂිතයෙක් සොරෙක් නැති. ග්‍රෑම් 5 ට මරණ දඩුවම ලැබෙද්දී, කුඩු රජවරු කති බොති. කේපීලා , සුදා ලා සිටි ලෙසටම සිටිති. (බ) ඉන්දියානු රෝ ලා නොමැතිව, මුල්‍ය වන්චවක්වක් .. බ්‍රිතාන්‍ය විශේස්ග්න්ඥ න් නොමැතිව අල්ලස් පැමිණිල්ලක්වත් විභාග කරගන්නට ආණ්ඩුවට හයියක් නැති. ඇමෙරිකානු පදයට නටන ඉන්දියාවට “ලොකු අය්යා..” කියමින් දෙකට නැමී ගොට්ට අල්ලනවාට වඩා ජනපතිට කල හැක්කක් නැති. අවසන නැටු පදයකුත් නැති. බෙරේ පලුවකුත් නැති. අවසාන වශයෙන් කිව යුත්තේ එදා අලුත් පරපුරේ මනුවර්ණ ලා කී කතාව 100% ක් සත්‍ය බවය. ඔවුන් වැන්නවුන් මේ ‘කාලකන්නි ඩිස්නි ලන්තයට’ ජාතක කළ දෙමාපියන් , උපන් ගෙයිහිම ඔවුන්ව මරා දැම්මානම් ... “අපේ රට” මේ විලිලැජ්ජා නැති අසරණ ධීන තත්වයට පත් වන්නේ නැත.
ඔබතුමා කොහොමද ඕක හරියටම කියන්නේ? (නි)
බොහෝ දෙනාගේ අදහස් අනුව අප තේරුම් ගතයුතු දෙයක් ඇත. යුද ජයග්‍රහණය රාජපක්ෂ පවුලටවත්, සරත් ෆොන්සේකා මහතාටවත්, වෙනත් කෙනෙකුටවත් එහි අයිතිය ලබා දිය යුතු නැත. එය ශ්‍රී ලංකික ජනතාවගේ ජයග්‍රහණයක් සහ අයිතියක් විය යුතුය. මහවැලි ව්‍යාපාරය ජේ. ආර්.ජයවර්ධන මහතාගේ බුදලයේ අයිතියක්ද නොවිය යුතුය.එයද තමන්ගේ වැටුපට වගකීම ඉටු කිරීමකි. ඇත්තවශයෙන්ම යුධජයක්ග්‍රහණයේ සැබෑ අයිතියේ හිමිකරුවන් විය යුත්තේ සටනේදී මිය ගිය විරෝදාර සෙබළුන් සහ මියගිය සිවිල් ජනතාවත්, සටනේදී අතපය අහිමි කරගත් සෙබළුනුත්,උන්හිටිතැන් අහිමිකරගත් ජනතාවත්ය. මේඅනුව අද ජනතාව සිතිය යුත්තේ ඉතිහාසය පසුපස යනවාට වඩා අනාගත ආර්ථිකය දියුණුකර ගැනීමටය. ක්‍රි.ව.1948 සිට මේ වෙනකම් ඒ.ජා. පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන් මඟින් සිදුවුනේ කැරලි සහ යුධ ඇතිවීමත්,ජීවත්වීමේ අපහසු තාවය නිසා වහල්කමට විදේශ රැකියාවලටයාමත්, මන්දපෝෂණය ඉහල යාමත්,සිතා ගැනීමට නොහැකි අන්දමින් පාලනය තුළ වංචාව දුෂණය රජ කිරීම සහ දහසකුත් ප්‍රශ්න ඇතිවීමය. මේ අනුව ගරු අගමැතිතුමාගේ මේප්‍රකාශය තුළ තේරුම් ගත හැකි පරිදි හැම පක්ෂයකම එකමුතුවකින් ඉදිරියටයාමේ තත්ත්වයක් ගොඩනඟා ගෙන අත්හදා බැලීම යුගයේ අවශ්‍යතාවයක් වශයෙන් සිතිය හැකිය. (බ)
නටන්න බැරි කෙනාට පොළව ඇදයි කියලා කතාවක් කියනවනේ මහත්තයෝ (දිල්)
අනුර මෙයා මේ කියන දේ අපිට තේරෙනවා,ඔය සල්ලි දීපු කතාව අවුරුදු ගාණක් තිස්සේ කියනවනේ ඒක අපි ඔප්පු වුණොත් බලමුකෝ (දිල්)
අනේ මන්දා මෙහෙම එක්කනෙක්නේ අගමැති වෙලා ඉන්නේ.තමන්ගේ දුර්වලකම් වලට අනුන්ට ඇගිල්ල දික් කරන එක වැරදි (බ)
රනිල් මහත්මයා තමයි ,කොටි සංවිධානය දෙකඩ කලේ. අනේ හාමදුරුවනේ අපට මතක නැති වුණා නේද? (අ)
තොප්පිගල මහ කැලයක්නේ. එ්ක මොනා කරන්නද (බ)
කොටින්ගෙන් කරුණා අම්මාන්ව වෙන් කළෛ් රනිල්ගේ මොලයෙන් ,මේක තමා හැමෝම දන්නා සත්‍ය, ප්‍රභාකරන් රනිල්ට බයයි කියල එකේ දේශපාලන වැඩසටහනකදී කියල තිබ්බා (බ)
රනිල් තමයි පිල්ලයාන් ප්‍රබකරන්ගෙන් බින්දවල ආණ්ඩුව පැත්තට ගත්තේ. එකෙන් තමයි කොටි රහස් ලැබිල ත්‍රිවිද හමුදාවට රට බේරගන්න ලැබුනේ. මහින්ද තල්ලු වෙලා ගියා යුද්දෙට. දෙවියෝ නායකයෝ පත් කරන්නේ උවමනා වෙලාවට හොඳම දේ කරන්න. දැන් මෛත්‍රි ගෙයි රනිල්ගේයි වෙලාව රටට පිරිසිදු නායකත්වයක් දීල නීතියට තැන දීල ලංකාව දිදුලන්න (අ)
අනේ මාලක, එක ඉබේ වුණ දෙයක් කියලයි අපි නම් හිතන්නේ (නි)
අද නොව හෙට දකින නායකයා (නි)
මම මේ නොදන්නා හින්දයි අහන්නේ. තොප්පිගල කියන්නේ විශාල වනයක් කියලා කිවුවෙ කවුද? (නි)
2005 දී මොන ක්‍රමයකින් හෝ මහින්ද මහතා පත්වූ නිසා යුද්ධය අවසාන කිරීමට අවශ්‍ය දේශපාලන නායකත්වය ලැබුන බව කිවයුතුය. නැත්නම් කොටි සංවිධානය ඇතිතරම් සාම ගිවිසුම කඩකරමින් සිටිය යුගයක් තිබුණා. මිලේනියම් සිටි හෙළිදරව්ව නිසා අපේ රහස් ඔත්තු සේවාව සෑහෙ අඩපන වුණා. කෙසේ නමුත් ඔබතුමා මහජන මුදල් හොරකම් කර නැති බව නම් කිවයුතුය. (නි)
රෝසි, මේ ලෝකයේ කිසිම දෙයක් ඉබේ වෙන්නේ නැහැ. අපිට පෙනෙන ලෝකයට වඩා නොපෙනන දේ වැඩියි. මම හිතනවා හුඟක් දෙනෙක් බුද්ධිමත්. ඒ නිසා කරුණු කාරණා පහදා දුන්නොත් වටහාගනී කියලා (නි)