හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමකට විකිණිමට යතියිද එම සේවයකන් වරාය අධිකාරීයට බදවා ගත යුතුයිද ඉල්ලා එහි සේවක කමිටුව ආරම්භ කළ වැඩ වර්ජනය හා සත්‍යග්‍රහය අද (13) දින වන විටත් හත් වැනි දිනයටත් පැවැත්විණි.
වර්ජනය උදුවප් පුර පොහෝ දිනයේ දී මාගම්පුර වරායේ ප්‍රධාන පිවිසුම අසලදි සීල සමාදන් වුහ. සාධාරණ ඉල්ලීමට සහය නොදී පන්න පන්නා අමානුෂික ලෙස අපට පහර දුන් සියලු දෙනාට මෛත්‍රීය පැතු බව මාගම්පුර සේවක කමිටුවේ උප සභාපති අයි.කේ.ඕමේෂ් මහතා පැවසීය.
'අපි සියලු දෙනා එක්ව මේ ස්ථානයේදීම අධිෂ්ඨාන පහන් පුජාවකුත් පැවැත්වුවා. හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා වරාය ඇමැති සමඟ කරන ලද සාකච්ජාවක් අනුව 14 වැනි දා වරාය ඇමැති අර්ජුන රණතුංග මහතා සමඟ සාකච්ඡා කිරිමට නියෝජිතයින් සිව් දෙනෙකුට කොළඹට කැඳවා තිබෙනවා.'



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්සකටවත් පන්සල් නොගිය කට්ටිය අට සිල් අරගෙන. මේ විදියට දොරටු අවහිර කරගෙන සිල් ගන්නවා දැක්කම අපිට ලොකු කළකිරීමක් ඇති වන්නේ. (නි)
මාර වැඩක්නේ.,උද්ඝෝෂණ කරන කොට 1000 විතර හිටිය,,,සිල් ගන්නකොට 25 දෙනෙක්වත් නැහැනේ..(ම)
මාධ්‍ය වලට පේන්න සිල් ගන්නවා .... (ම)
මේ විදිහට ආගමට නිගරු කරනවානම් අපිට හිතාගන්න පුළුවන් මෙයාල නටන නාඩගම. (ම)
ලෝකේ රවට්ටන්න නාඩගමක්, මෙයාලගේ ඇති සීලයක් නෑ. (හේ)
දස සිල් අරගෙන සෝවන් වෙන්න.(හේ)
වෙන්න යන දේ තේරුම් ගිහින් සුදානම් වෙනවා වගේ? (හේ)
ඇත්තටම අපේ රට ගැන මට දුකයි . උද්ඝෝෂණ සහ වැඩ වර්ජන කියන්නේ සේවයට වාර්තා නොකර සිටීමයි ..(හේ)
අනේ මෙහෙමත් විහිළු! (නි)
පෝයට උපාසක, අනිත් දවස් වලට ආලවක. (නි)
නේවි එකෙන් කෑවට පස්සේ, අනිත්‍ය මෙනෙහි වෙන්න ඇති. (නි)
අර මාධ්‍යවේදියා ඇවිල්ලා නැද්ද? එයාට සිල් එපාද? අනවශ්‍ය තැන් වල හිටියහම ඇමතියෙක් වුණත් දඬුවම් විඳින්න ඕනෑ (නි)
සිල් ගත්තට මේ එක් කෙනෙක්වත් සිල් රකින්නේ නැහැ (නි)
අටසිල්ද බොරුසිල්ද දන්නෙ නැහැ ගත්තේ? (නි)
මෛත්‍රීය පැතූ එක නම් ඉතාම අගය කළයුතුයි. එත් ඒ අය ළඟ "මෛත්‍රිය" නැත්නම් ඒ වගේම මෛත්‍රිය කරන්නේ නැත්නම් ඒ අයට වෙන දේ ඒ අයම හිත ගත්තාවේ. (නි)
බලු වලිගය උණ පුරුකේ දැම්මත් ඇද ඇරෙන්නේ නැහැ. රටට කරපු මේ අපකීර්තියට සහ පාඩුවට මේ අයට උපරිම දඬුවම් දියයුතුයි. (නි)
මේ වැඩකට නැති අය මහණ කරලා අලුතින් උගත් උපාධිධාරී ළමයි කණ්ඩායමක් ගත්තා නම් නේද හොඳ? උපාධිය අරන් කිරි පට්ටිවල වැඩකරන අයත් ඉන්න එකේ මේ වැඩකට නැති අය එළවා දමමු (නි)
මහ කකුළුවා ගිය විදියටම තමයි පැටවුත් යන්නේ. ඔක්කොම වහගන්න ආගමත් විකුණාගෙන කන්න හදන්න නම් එපා (නි)
ක්‍රෝධය තණ්හාව කේන්තිය හිතේ තියාගෙන කාගෙන් හරි පළිගැනීමේ චේතනාවෙන් සිල් සමාදන් වුණාට වැඩක් නැහැ. නමුත් ලැබෙන විශේෂ අාහාර පාන සැළකිලි නිසා වරදක් අතහරින්න හිත දෙන්නේ නැහැ. ඇත්තටම අපේ රට ගැන මට දුකයි (නි)
අටසිල් දෙන්න අා හාමුදුරුවෝ කෝ කියලා බැලුවේ. රාවණා බලයෙන්ද ආවේ? (නි)
අනේ මෙහෙමත් නාඩගම්. කාව රවට්ටන්නද හදන්නේ? මේවගේ බොරු සෝභන දාලා. (බ)
අන්තිම පලිහ ආගම තමයි.ආගම විකුණන් කන සමාජයක් අපට දැන් තියෙන්නේ. (බ)
අපේ හාමුදුරුවනේ බලන්න මගේ උන් ටික සිල් ගන්න හැටි (බ)
අන්න නාවික හමුදාවේ හෝ ගාලා වරායේ වැඩ. දැන් ඉතින් සිල් රෙද්ද පිටින්ම කැලේ වදින්නයි තියෙන්නේ. (නි)
කපන්න බැරි අත ඉබිනවා කියන්නේ මේකට තම විරෝදය දක්වන්න හැමෝටම පුළුවන් නමුත් බලහත් කාරයෙන් තර්ජනයෙන් කිසිම දෙයක් ලබාගන්න බැහැ අද මේ උතුම් උදුවප් පුර පොහෝ දිනයේ එය තේරුම්ගන්න.(හේ)