(ටී.කේ.ජී.කපිල )
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට අද (16) අලුයම පැවති අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කළ බව කටුනායක ගුවන් තොටුපොළ රාජකාරී කළමනාකාරවරයා ප්‍රකාශ කළේය .
ඒ අනුව ඩුබායි සිට පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 226 දරණ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත අලුයම 4.35 ට ගොඩ බැස්සවීමට පැමිණියත් පැවති වැසි සහිත කාලගුණය නිසා මත්තල ගුවන් තොටුපොළට අලුයම 5.50 ට ගොඩ බස්වා තිබේ .
පසුව යළිත් එම ගුවන් යානය උදෑසන 7.07 ට මත්තල ගුවන් තොටුපොළෙන් පිටත්ව , උදෑසන 7.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි . එම ගුවන් යානය A- 330 එයා බස් වර්ගයේ යානයකි.
මෙම ගුවන් යානා දෙකේ සිටි ගුවන් මගීන් කිසිවෙකුත් මෙම ගුවන් යානා තුළින් මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා නොතිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තිබුණ නැත්තන් කොහොමහරි ගොඩබස්සනවනේ කටුනායකටම. රාජපක්ෂලා ගේ කුමන්ත්‍රණයක්.
ගිවිසුම ගැහුවට පස්සේ ගොඩ බැසීමේ ගාස්තුවෙන් 70% ඉන්දියාවට දෙමු.
ලොකු ජයග්‍රහණයක්
රනිල්ගේ ජයග්‍රහණයක්.
මේ ගුවන් තොටුපොල බ්‍රහ්මචාරී ම කරමුකො. එතකොට ඉඳල හිටලවත් නැවතුම්පොළක් වෙන්නේ නැහැ.
මත්තලට බානකොට කුරුල්ලෝ හිටියේ නැද්ද දන්නෑ... හදිසියේ බානකොට කුරුල්ලෝ නැතිවෙන්නයි අනිත් වෙලාවට කුරුල්ලෝ ඉන්නයි හේතුව රාජපක්ෂලාගේ ගේමක් වත්ද...?
ඉදල හිටලා හදිස්සියකට බාන්න අන්තර් ජාතික ගුවන් තොටුපොළක් .. කොහොමද මොලේ