නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න හම්බන්තොට වරායේදී ලංකාදීප මාධ්‍යවේදි රොෂාන් දිලීප් කුමාරට පහරදීම ගැන සොයා බලන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලේ විමර්ශන කටයුතු දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එෆ්.යු ප්‍රනාන්දු මහතාට යොමු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන බවත් මාධ්‍යවේදියකුට තබා සාමාන්‍ය පුද්ගලයකුටවත් පහර දීමට නාවික හමුදාපතිට බලයක් නැතැයි ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගේ අම්මගෙන් පේන ඇසීමේ අලුත්ම ආකාරය (ර)
කලකොලහලයක් තියෙන තැනකට හමුදාව යොදවන්නේ කිසියම් රාජකාරියකට. එම කණ්ඩායම කියන සෑම දෙයක්ම නියෝගයන්. ඒ වෙලාවේ සියලු දෙනාට පසුපසට යන්නට කීමත් එවැනි නියෝගයක්. එම නියෝගයත් සැමදෙනාටම පොදුයි.අර කියන්න වගේ නිතිය ඉදිරියේ මෙන්ම මෙම නියෝගයත් එතන සිටි සියලුදෙනාම පිළිපැදිය යුතු වෙනවා. මම අහවල කියා ඒ නියෝගය කඩකිරීමේ වරදට කන රත් කර ගැනීම නොවෙයි වෙඩි තැබීමයි දියයුතු දඬුවම. (ර)
සාධාරණය ඉෂ්ට විය යුතුයි (ර)
ලලිත් මහත්තයෝ, එතකොට රතු පස්වල තිබුනේ මොනවගේ ප්‍රශ්නයක්ද? (නි)
හමුදාව යොදවන්නේ යම් රාජකාරියකට නම් එයට කිසිම කෙනෙකුට බාධාකළ නොහැකි විය යුතුය. (නි)
මොනවා හොයන්නද, ගැහිල්ල සාධාරණ ඇති (නි)
අන්න හරි ලලිත් (නි)
රාජ්‍ය සේවය කරන නිලධාරීන් අපහසුතාවයකට පත්වන අයුරින් කටයුතු කරන්න මාධ්‍යවේදීන්ට අවසර නැහැ. ආරක්ෂක බැරියර් කඩාගෙන වර්ජකයන් ගියා කියලා වාර්තාකරණයේ යෙදෙන අයත් එම වැරැද්ද කරන්න ඕනෑද? වාර්තාකරු වර්ජකයෙක් නොවෙයි නම් ආරක්ෂක බැරියර් ඉක්මවා නොගොස් මෙපිට ඉඳ වාර්තාකළ යුතුයි. (නි)
අදහස් වල හැටියට සමහරු රතුපස්වල වෙඩි තැබීමත් අනුමත කරනවා වගෙයි (නි)
රොහාන්, ප්‍රශ්නය නාවික හමුදාපති නොවෙයි කාට වුණත් රාජ්‍ය බලය යොදා තව කෙනෙකුට පහර දෙන්න පුලුවන්ද කියන එක. පොලිස් නිලධාරියෙක් ඔබ මාර්ග නීති කඩ කළා කියා ඔබට කණේ පහරක් දුන්නොත් ඔබ ඔය වගේ ප්‍රකාශයක් කරනවද? උත්තර දෙන්න (නි)
ලලිත්, ඔයාගේ කතාව මම අගයකරනවා (නි)
අපි බලමු සාධාරණය ඉෂ්ටවෙයිද කියලා (නි)
බණ්ඩාරට මම ඊයේ උත්තර දුන්නා. එක්නැලිගොඩ සහ ලසන්ත වික්‍රමතුංගගේ මරණයන් ගැන ඔයා මොනවද කියන්නේ? දෙන්න උත්තර. (නි)
මම පත්තරෙන් දකිනකම් හිතාගෙන හිටියේ, ඒ චණ්ඩියෙක් කියලා (නි)
ලොව ඕනෑම රටක වරායට ඇතුළුවිමට ඕනෑම පුද්ගලයෙකුට ප්‍රවේශපතක් අවශ්‍යයි නේද? (නි)
අපි බලමු දැන් සියලු දෙනාම දුටු දෙයක් යහපාලන අධිකරණය දකින්නේ කෙසේද කියා (නි)
මොනවා හොයන්නද? කාලය නාස්ති කරන්න එපා.(හේ)
නාවික හමුදාපති ගැන මොනවා හොයන්නද ? සොයා බැලිය යුතේ මාධ්‍යවේදියා ගැන. මේ පුද්ගලයා ජනමාධ්‍යවේදීයෙක් නොමෙයි මොකද මෙය විතරද එතන හිටපු ජනමාධ්‍යවේදීන් එ අයට නාවික හමුදාව පහර දීමක් කර නැනේද ?මේ පුද්ගලයා ඔනෙකමින් මේ දේ කරගෙන තියෙන බව පැහෑදිලීයි (ර)