හම්බන්තොට මත්තල ඉදිවූ රාජපක්ෂ ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපල විවෘත කිරීමට ඇත්තේ තවත් දින 03කි. ගුවන්යානාවන්ට ආහාර සපයන විශේෂ රථ කේටරින් හයිලෝඩර් පටවාගත් රථ මත්තල ගුවන්තොට බලා ගමන්කලේ මේ අයුරිනි. මෙම දසුන ඡායාරෑපයට හසුකරගනු ලැබූවේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී කාර්මික දෝෂයක් සකසා ගැනීමට රථය නවතා ඇති අවස්ථාවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසකට කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද (දී)
දවසකට කොපමණ ආහාර ප්‍රමාණයක් අවශ්‍යද
සුද්දා දුන්නට පස්සේ අපිට හදක එකම ගුවන් තොටුපළ. (ත)
හලාල් යනු මුස්ලිම් කැමක් පමණක් නොවේ. තමන් කතාකරන වදන් පවා හලාල් වියයුතුයි. (නි)
මේවයේ ඇත්ත තේරෙන්නෙ නැති මෝඩයෝ තවමත් අපේ රටේ ඉන්නවනේ? (නි)
ආහාර සම්භන්දව වැඩි අවධානයක් යොමු කරන්න (දී)
හෙණ්ඩුවකුත් අරගෙන තමයි යන්න වෙන්නේ. මොකද එහේ අලි ඉන්නවලු. (නි)
මමත් එරංගගේ කතාව අනුමත කරනවා. (නි)
එක වාහනයක් මත්තලට ගෙනියන්න තව වාහනයක් නිකන් රස්තියාදු වෙනවා. (නි)
මේ කේටරින් වාහනයට එන්ජිමක් නැතුව ඇති. ඒකයි මෙහෙම ගෙනියනවා ඇත්තේ. (නි)
අයියො සැලරි, ලංකාවට ගුවන්තොටුපලවල් 2ක් මදි. සිංගපුරුවෙත් 2ක් තියනවා, නේපාලෙත් 3 ක් තියෙනවා, භූතානෙත් 3ක් තියෙනවා, මාලදිවයිනේත් 2 ක් තියෙනවා. තව 1ක් අනුරාධපුරේ හද
ලංකාසිරි, ගුවන තොටුපළ ඇතුළේ තියෙන වාහන ලියාපදිංචි කරලා නැති නිසා ඒවාට පාරේ යන්න තහනම්. ඒකයි මෙහෙම ගෙනියන්නේ. (නි)
ගුවන් යානාවේ ආහාර වල මොකාක් හරි ප්‍රමිතියක් තියෙනවාද (දී)
ලංකාසිරි, ගුවන් තොටුපල ඇතුළේ ධාවනය වන වාහන, මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන්නේ නැහැ. ඒ නිසා ඒවට පොදු පාරවල් වල ධාවනය තහනම්. (නි)
විතාරණ, ලෝකයේ ආගම් වලට වෙන් වුණ ගුවන් සේවාවල් නැහැ. ඒ නිසා සැම පුද්ගලයෙකුටම පරිභෝජනය කරන්න පුලුවක් ආහාර ලාබදෙන්නේ. මනෝ විකාරෙන් අදහස් පළකරන්න එපා. (නි)
අයියෝ සල්ලි.......... (ස)
හලාල් සහතිකය තියෙනවාද? (නි)
මොහොමඩ්, ස්ටැන්ලි ඔය දෙදෙනාගේ අදහස් වලට මම එකඟ වෙමි (ස)
මෙම රථයේ ISO සහතික තුනක් සහ HACCP යනුවෙන් තවත් සහතිකයක් තිබෙනවා. HACCP කියන්නේ ආහාර වල ආරක්ෂාව සම්බන්ධ ක්‍රමවේදයක් කියලා අන්තර්ජාලයෙන් දැක්කා. දැන් බය නැතිව මත්තලින් කන්න පුළුවන් නේද? (නි)
නැද්ද හලාල් කෑම එහෙම? (නි)
කමල් ඔයා දන්නවද? ශ්‍රීලන්කන් එකේ තියෙන කෑම වට්ටෝරුවේ "සියලුම කෑම වර්ග හලාල් යැය් සඳහන් කර ඇත. එම නිසා බය නැතිව හලාල් කෑම කන්න පුළුවන්.ලංකාව තුළ හලාල් නැති කලත් ජාත්‍යන්තරයට යවන සියලු දේවල් වලට හලාල් සහතිකය අනිවාර්යයි,
නියමයි කමල්. ඔබගේ විමසිල්මත්කම සහ දැනුවත් වීමේ කැමැත්ත ඉතා ඉහළයි. අපේ රටේ 20%ක් වත් ඔබ වැනි අය වෙනවා නම් රට අනිවාර්යයෙන් ආශ්චර්යමත් වේවි. අපේ බහුතරය අනුන්ගේ මනසින් ලෝකය දකින්න පෙළඹී සිටීම කනගාටුවට හේතුවක් . අපි කම්මැලියි. අපි ඒ නිසාම එසේ වී ඇත්තෙමු. (නි)
බඩ ගැස්තරයන්ට රටක දියුණුව දකින්න බැහැ. ඔවුන්ගේ බඩට වඩා හද කකියකවා, ඒකයි මේ රටේ සංවර්ධනයට අකුල් හෙලන්නෙ (නි)
රවී විජේසේකර, එහෙම වෙනවා නම් ගොඩක් හොදයි. (නි)
ලකා මාතාවට ආඩම්බර විය හැකියි (දී)
එරංග, ඉස්සරහට අපිට දකින්න ලැබෙන්නේ මන්දපෝෂණයෙන් පීඩිත බඩගෙඩි ඉදිරියට නෙරා ආ දරුවන්. (නි)
මොහමඩ්, ඔයාගේ කතාව ඇත්ත. ලංකාව ඇතුලේ ඉන්න සමහරු එළියේ තියෙන දේවල් දන්නේ නැහැ.හලාල් නැති කෑමක් ශ්‍රී ලංකන් වල නැහැ. (නි)
මේවායේ යථාර්ථය තේරුම්ගන්න බැරි මෝඩයෝ තවමත් අපේ රටේ ඉන්නවනේ? (නි)
පටන් ගන්නත් කලින් කාර්මික දෝෂද?(නි)
ලංකාවට ජාත්‍යන්කර ගුවන් තොටුපලවල් දෙකක් අවශ්‍ය නැහැ. කෝටි 2 ක ජනතාවට එක ගුවන් තොටුපොලක් ප්‍රමාණවත්. අවශ්‍ය දේට ප්‍රමුඛත්වය දෙනවා නම් ලංකාව මීට වඩා දියුණු වෙලා. (නි)
කමල්, මේ කෑම දෙන්නේ ගුවන් මගීන්ට සහ ගුවන්තොට පිටත්වීමේ පර්යන්තයේ තියෙන භෝජනාගාරවල. (නි)
මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය,අධිවේගී මාර්ග රට ගැන හැගීමක් නැති කට වාචාලයින්ට වටින්නේ නැති වුණාට රටේ ජනතාවට (අනාගත පරපුරට) මේවා වටිනවා. අපේ රටේ දේශීය චින්තනය ගරු කරන සිංහල බෞද්ධ ජාතික ඇඳුම අඳින නායකයෙක් බලයට පත්වුණාම ඒ මිනිහාට පුළුවන් තරම් ගහනවා. රටකට ගුවන් තොටුපළ ඒ රටේ සංචාරක දොරටුවයි. මේ වගේ පුළුවන් තරම් පහසුකම් සැළසීමෙන් සංචාරක ආකර්ශනය ළඟා කරගත හැකි වෙනවා. එපමණක් නොවෙයි, ගුවනින් බඩු ප්‍රවාහණය කිරීමත් හොඳ ආදායම් ලබාගත හැකි මාර්ගයක්. රටකට කිහිපයක් තිබීම අරුමයක් නොවේ. (නි)
ගුවන්තොටුපොළ, වරාය, අධිවේගී, විදුලි බලාගාර හදන්නේ ජනාධිපතිතුමා යනකොට වහල යන්න නොවෙයි. ඉදිරි පරපුර වෙනුවෙන් අවුරුදු 30 ක ශාපලත් මිනීමරු ත්‍රස්තවාදය නැත ිකළා. දැන් ඒව කාටවත් මතක නැහැ වගේ. (ස)
මොලේ අමාරුකාරයො වගේ අදහස් පළකරන්නේ නැතිව විමසිල්ලෙන් බලන්න. පැතුම්, හයිලෝඩර් එක ගෙනියන වාහනයේනේ කාර්මික දෝශය තියෙන්නේ. (නි)
අපි බලමු “හලාල්” “හරාම්” කියන්නේ මොකක්ද කියලා. “හලාල්” යනු හොඳ,උචිත,අනුමත වගේම “හරාම්” යනු නොකළ යුතු, වැළකිය යුතු වශයෙන් සඳහන් කළ හැකිය. ඉස්ලාම් ධර්මයේ “පව්”සහ “පින්” ගැන කතා කිරීමේදී ඉහත වචන භාවිතවුවත්, බුදුදහමට අනුව “පව්” “පින්” යන වචනය අර්ථ දැක්වීමේදී සත්ව ඝාතන අනුමත නොකිරීම තුළ “හලාල්” යන වචනය “පින්” සමඟ නොගැළපෙන බව වැටහෙනු ඇත. ඒ අනුව වඩාත් ගැළපෙන වචන දෙක වනුයේ ඉහත සඳහන් පරිදි වේ. ඒ අනුව ඉස්ලාම් ධර්මය අදහන අයට ශුද්ධ වූ කුරානයේ සඳහන් පරිදි මහන්සියෙන් තොර ධනය,හෘදශාක්ෂියට විරුද්ධ වින්දනය,යුක්තිධර්මයෙන් තොර ව්‍යාපාර, කැපවීමෙන් තොර ආගම,මාංශ වර්ග ආහාරයේදී ආගමනුකුලව දිවි තොර නොකළ නියමිත මාංශවර්ග වලට පටහැණි මාංශ ආහාරයට ගැනීම“හරාම්”යන වචනයෙන් හඳුන්වනු ලබයි. (නි)
ශ්රී ලංකාවට දෙවි පිහිටයි! (නි)
මෙම පින්තුරයේ දිස්වෙන ශ්‍රි ලංකන් ආහාර සපයන රථය පරණ ලොරි රථයකි. (නි)
ගමේ අය දියුණු වෙනවාට නගරයේ අය කැමති නැහැ. මේවා දිහා සුභවාදීව බලන්න පුරුදු වෙන්න (නි)
ඉස්ලාම් ධර්මය සහ හලාල් හරාම් ගැන ලංකාවේ ඉන්න සියලු දෙනාට වටහා දුන් බොදු බල සේනාවට මගේ උත්තමාචාරය. (නි)
ස්ටැන්ලි, දැන් ලංකාවේ හැමෝම ඉස්ලාම් ධර්මය ගැන දන්නවා. දැන් ලංකාවේ හැමතනම් මිනීමැරුම්,ස්ත්‍රී දුෂණ,කොල්ල කෑම, ආදී සියලු දේවල් වලට සම්බන්ධ වන්නේ සිංහල කට්ටිය පමණයි. මුස්ලිම් හෝ ද්‍රවිඩ ජනතාව තමාගේ ධර්මය අනුව ජීවත් වන නිසා දවසින් දවස ඒ අයට දියුණුවක් තියෙනවා. අපේ අය අතර එකමුතුවක් හෝ දියුණුවක් නැත්තේ ධර්මය අනුව ජීවත් නොවන නිසා. (නි)
අපි යම් දෙයක් දිහා වැරදි ඇහැකින් බැලුවොත් ඒකේ තියෙන සාධාරණත්වය වටහාගන්න නොහැකි වේවි. (නි)
කටුනායකට දවසකට ප්ලේන් කීයද එන්නේ ? මත්තල ගැන මොන කතාද , අපරාදේ සල්ලි (ස)
මොකද කියන්නේ කට්ටිය (දී)
කවුරුවත් නොදැක්ක දෙයකුත් මේකේ තියෙනවා. (නි)
නියම සිහලයෙක් රටේ නායකයා වුණහම අපේ කලු සුද්දන්ට හරිම අමාරුයි. සුද්දා දීල ගිය ඍන මානසිකත්වය නිසා සෑම දෙයක් ම පෙනෙන්නේ වැරදියට. රට වැසියන් හැටියට අපෙන් රටට වියයුතු දේ ඉටුකරමු. (නි)
කාටද ආඩම්බර දැන් (දී)
ස්ටැන්ලි, ඔබ බුද්ධිගෝචරව ඔය ප්‍රශ්ණය දෙස බැලුවත් අපේ සමහරක් ඇත්තන්ගේ බුද්ධියේ බෙලහීනත්වය හේතුකොට ගෙන ඔබ ප්‍රකාශ කරන ලද දෙය පවා වටහාගැනීමට නොහැකි වීම ඇත්තටම කණගාටුවට කරුණකි. (නි)
ඇයි කටුනායක ඒවා ගෙන්වන්නේ ? මත්තලට ඕවා ගන්න මුදල් ගිඟ වෙලාද ? (ස)
ලස්සනට ඇති ගුවන්තොටුපල (දී)
මමනම් ඒ ක්‍රියාවට කැමති (දී)
නව දිල්ලියෙන් සපයන යෝගට් වලට හලාල් තිබේද? (නි)
රජීව, ගන්නා ණය ගෙවන්නෙ රටේ නායකයගේ සල්ලි වලින් නම් අපිටත් කිසිම ප්‍රශ්නයක් නැහැ. (නි)
රජීව, ඔබේ අදහස නිවැරදියි. මේ රටේ ඉන්න සමහර මිනිස්සුන්ට මේවා දරා ගන්න බැහැ. හදවත එතරම් කුහකයි. මෙවැනි දියුණුවක් රට තුළ ඇතිකළ සියලු දෙනාටම අනාගත පරපුර වෙනුවෙන් මගේ ප්‍රණාමය. (නි)
ජයවේවා
අර ලස්ස ඡායාරූප ටිකකුත් එක්ක ගුවන්තොටුපොල ගැන තිබුණ ප්‍රවෘත්තිය කොහේද ? මම මගේ ඕස්ට්‍රේලියා යාලුවන්ට ඒක පෙන්නන් ආසාවෙන් හිටියේ. (ස)
සුභපැතුම්...සුභපැතුම්... (දී)
මේක හරියට කකුල් හොදට තියාගෙන කරපිටින් යනවා වගේ වැඩක්නේ. මේ වාහන ඇයි තව වාහනයක පටවගෙන යන්නේ. (ස)
ජනාධිපතිතුමා ජපානේ ඉදන් එන්නේ මත්තලට බොරුනම් බලන්නකෝ. (ස)
මිනිසුන්ට කන්න නැතිව දියුණුව මොකටද? ගුවනින් බඩු ගෙනියන්න පුළුවන් උනාට, ලාභ නෑ කියල දන්නැද්ද? අපි රට දියුණුවෙනවට කැමති, ඒත් දියුණුව වෙන්න ඕනි, රට වැසියා බඩගින්නේ ඉඳල නෙවෙයි (ස)
ජයවේවා..ජයවේවා.. (දී)
මෙවැනි දේ දුටුවම සතුටු නේන ඕන මන්ද රටේ සංවර්ධනය වුනහම රටේ පුරවැසියන් හැටියට ජනාධිපතිතුමාට සියලු ශක්තිය පතමු. (ස)
මත්තලට එන අයට කුරහං සමග මි කිරි කෑමට දුන්නොත් එයාලා සතුටු වෙයි නේද? (නි)
කරුණාකර යමක් දෙස සුභවාදී ඇසින් බැලීමට පුරුදු වන්න. (නි)
රජීව, ඔබ මට ලියන්න දෙයක් ඉතුරු කරලා නැහැනේ. (නි)
ශ්රී ලංකන් එයා ලයින්ස් වලදී ආගමික හේතු මත හලාල් ආහාර ලබාගැනීමේ පහසුව ලබාදී තිබේම අගේ කළ යුතුයි. ශ්‍රී ලංකාව මුස්ලිම් රටක් නොවුණත් ඉස්ලාම් ආගමිකයින්ගේ ඇදැහිල්ල ඔවුන්ට සීමා කරගනිමින් භාවිතා කිරීම පිළිබද අකමැත්තක් බෞද්ධයන්ගේ නැහැ. මේ නිදහස මුස්ලිම් පාලනයක් තිබෙන රටවල තිබෙනවාදැයි අපේ මුස්ලිම් සහෝදරවරු තම තම ණැන පමණින් විමසා බලනවා නම් හොදයි. පිරිත් නූලක් දැක්කත් බෙල්ල කපන්න හදන රටවල් වලට වඩා මේ රට උතුම් නැද්ද? කෙසේ වෙතත් මෙය බෞද්ධ රටක් බව ද්වේශයෙන් හෝ වෛරයෙන් තොරත පිළිගත යුතුයි. (නි)
එරංග, රටක් දියුණූ වෙනවා කියන්නේ බඩ ගැන හිතන්න කියන එක නෙමෙයි. (නි)
මොහොමඩ් ෆසාල්, මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඇමරිකාවෙ සහ යුරෝපයේත් ගුවන් සේවා වල කෑම හලාල් ද? (නි)
මම දන්න විදියට ශ්‍රී ලංකන් වල හලාල් විතරක් නොවේ, හින්දු, යුදෙව් ආදී ලෙස ආහාර ලබාගත හැකියි. උඩදී බඩගින්නේ තියන්න පුළුවන්ද? (නි)