(නිමල කොඩිතුවක්කු)
මත්තල ගුවන්තොටුපළ කිසිසේත්ම ඉන්දියාවට විකිණීමක් සිදු නොවන බවත් එහි පාඩුව අවම කරගැනීම සඳහා ඉන්දියාව සමඟ ඒකාබද්ධ ව්‍යාපාරයක් සිදුකරගෙන යාමට පමණක් රජය සැලසුම් කර ඇති බවත් ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.
මත්තල ගුවන්තොටුපලේ පසුගිය වසරේ මාසික වියදම රුපියල් ලක්ෂ 2900ක් වුවත් එහි ආදායම රුපියල් ලක්ෂ 65ක් පමණක් බවත් මෙයට අමතරව ණය වාරික ලෙස වසරකට රුපියල් ලක්ෂ 17000ක් ගෙවීමට සිදුවී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ලාභයක් ලැබෙන මත්තල ගුවන්තොටුපලෙන් සිදුවන පාඩුවෙන් සියයට 70ක් ඉන්දියාවට දැරීමට සිදුවන පරිදි නව ගිවිසුමට එලැබෙන බවත් පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
‘‘ මත්තල ගුවන්තොටුපළ හදද්දී 2010 වසරේදී ඩොලර් මිලියන 190ක් චයිනා බැංකුවෙන් ණය අරන් තියෙනවා. මෙයට අමතරව ඒක හදපු සමාගමට ඩොලර් මිලියන 39.5ක් අමතරව වියදම් වෙලා තියෙනවා. ඩොලර් මිලියන 230ක විතර වියදමක් ඒ අනුව එම සමාගම දරලා තියෙනවා. අපේ රජය ඩොලර් මිලියන 20ක් පමණ යොදලා තියෙනවා. ඒ අනුව මත්තල ගුවන්තොටුපලේ සමස්ත වියදම ඩොලර් මිලියන 252ක් පමණ වනවා.
මේක හදන්න ගත්ත ණය වාරික 2015 ඉඳන් 2030 වෙනකම් අවුරුදු 15ක් ගෙවන්න ඕනෑ. මෙහි ඉදිකිරිම් කටයුතු සඳහා වසරකට කෝටි 170ක ණය ගෙවන්න ඕනෑ. 2015 ඉදන් 2018 වසර දක්වා අපි කෝටි 170 ඒවා තුනක් ගෙවලා තියෙනවා.
එහෙම හදපු මත්තල ගුවන්තොටුපලේ පසුගිය වසරේ මාසික ආදායම රුපියල් ලක්ෂ 65යි. මාසික වියදම රුපියල් ලක්ෂ 2900යි. ණය වාරික විදියට ලක්ෂ 17000ක් ගෙවන්න ඕනෑ. මේක අවුරුදු 15ක කාලයක් කරගෙන යන්න පුළුවන්ද?
මේක ඒකාබද්ධ ව්‍යාපාරයක් විදියට ලාභ ලබන තත්වයට ගේන්න අපි ටෙන්ඩර් කැඳෙවුවා. ඒ සඳහා යෝජනා 6 ක් ආවා. ඒ අතරින් ඉන්දියාවෙන් හොඳ යෝජනාවක් ආවා. ඒ අනුව ඉන්දියාවට කොටස් 70කුත් අපිට කොටස් 30කුත් එන විදියට සාකච්ඡා කළා.
ඉන්දියාව් සිවිල් ගුවන් සේවා අධිකාරිය ගිය සතියේ ඇවිත් මේ ගැන සාකච්ඡා කළා. මේ ගිවිසුම තවම අත්සන් කරලා නැහැ. මේ ව්‍යාපාරය කොහොමද කරගෙන යන්නේ කියලා අපි ගිවිසුමට ඇතුළත් කරනවා. කැබිනට් මණ්ඩලයටත් දාලා,
ඡායාරූප - ළහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා සුදු අලි අපිට අනවශ්‍ය දෙයක් තමයි.. නම වැටෙන්න ඕනෙ නිසා කොමිස් පාරකුත් ගහගෙන කලේ.
"මට මගේ නොවන… මගේම ශ්‍රී ලංකාවක් තිබුණා…." කියල තම අපි හැමෝටම කියන්න වෙන්නේ දවසක..
කිසිම සැලැස්මක් නැහැ. රට ගත්ත දවසේ ඉදල බැරි බැරියාව. රටම විකුණගෙන කන්නේ නැතුව කරන්න බැරිනම් කරගෙන හිටපු මිනිස්සුන්ටම දීලා ගියානම් මොකද?
ඔය කියන විදියට මත්තල ගුවන්තොටුපලින් වෙන්නේ පාඩුවක් නම් ඉන්දියාව සල්ලිදිලා ගන්නේ මොන අමරුවකටද . නි ඇමතියෝ ඔයා දක්ෂයෙක්නම් ඔක විකුන්නනේ නැතිව ලාභ ලබන ක්‍රමවේදයක් හදන්න පුළුවන්නේ. ඕක ඒකාබද්ධ ව්‍යාපාරයක් නම් ඉන්දියාව ඔයාලට සල්ලිදෙන්න ඕන නෑ. ඕකට අපිනම් කියන්නේ විකුණන් කෑම කියල. ඔයාල වැඩකරන්නේ ලොක්කගේ නායපත්තරයට බව රටමදන්නවා. ඔයාලා රට විකුණන් කාපු ඉතිහාසයේ ලොකුම ද්‍රෝහීන් වීම වලක්වන්න බැ . ඒවගේම මතකතියාගන්න මහජනතාව ඔයාලවගේ ද්‍රෝහීන් නැවත පාර්ලිමේන්තුවට පත්නොකරනබව.
මේ වගේ මෝඩ කතා අහල දැන් හොඳටම ඇතිවෙලා. දැන් කියන්නේ ඉන්දියාව කැමැත්තෙන් අපේ පාඩුවෙන් 70 % ක් අනුන්ගේ අමාරුවට ශෙයා කරනවා කියලද?
ඉන්දියාව අපිට පවු කියලා කරනවා ඇති. පාඩුව 70%ක් ගන්නවා කියල මිනිස්සු අන්දවන්නේ නැතිව ඉන්දියාවට 70%ක කොටස් දෙනවා කියන්න. ඒ වගේම තමයි ලාබ ලබද්දීත් ඉන්දියාවට 70%ක් ලැබෙනවා කියන්න. මිනිස්සු හැමෝම ඕක නොතේරෙන මෝඩයෝ නොවෙයි.
සම්පත් මයා, අමුඩය ඉදිරිපසින් මෙන්ම පසුපසින් ගැලවුවත් නිරුවත අඩුවැඩි වශයෙන් පෙනෙනවා. දෙගොල්ලම වුවමනාවටත් වඩා රට අගාධයට ගෙනගිය බව දැන මෙවැනි යෝජනා ඉදිරිපත් කරන්නේ ඇයි?
පර්ලිමෙන්ට් එකත් 10%ක් අපට තියාගෙන 90% තව කාට හරි යන විධියට ගිවිසුමක් ගහමු? 10%කුත් වැඩියි. 5%ක් ඇති.