මත්තේගොඩ කුඩමාදුව මාර්ගය යතුරු පැදි අමතර කොටස් අලෙවිසැළක අද (9) දහවල් ඇතිවූ ගින්න මත්තේගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන්ගේ හා සෙබළුන්ගේ මැදිහත්විම නිසා ගින්න පැතිරීයාම පාලනය කිරීමට හැකිවූ බව පොලිසිය කියයි.
ගින්න නිසා වෙළඳසළේ ඉදිරි කොටසේ තිබූ යතුරු පැදිවල එන්ජින් ඇතුළු අමතර කොටස් විනාශ වී ඇති අතර ගිනිගත් වෙළඳසළ ආසන්නයේ තිබූ ගෑස් අලෙවිසලේ දොරවල් කඩා ගෑස් සිලින්ඩර් ඉවත් කිරීමට හමුදාව සමත්විය.
දෙසියයකට ආසන්න හමුදා භට පිරිසක් ගින්න නිවීම සදහා මැදිහත්වූ අතර හමුදා කඳවුරේ වසා දමා තිබූ ගේට්ටුවක් විවෘත කර ජලය, වැලි, පස් ආදිය යොදා ගනීමින් ප‍්‍රදේශවාසීන්ගේ සහයද ඇතිව විනාඩි විසි පහකින් පමණ ගින්න නිවීමට හැකිවූ බව කියති.
වීඩියෝ හා ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් සාර්ථක ලෙස යුද්ධයක් අවසන්කර පන්නරයක් ලබා ඇති අපේ හමුදා පුතුන් ඕනෑම ආපදාවකදී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත්වීම අප කවුරුත් කෘතඥතාපුර්වකව අගය කළයුතුයි (නි)