විනීතා එම් ගමගේ
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී විපතට පත් ජනතාව වෙත බෙදිය යුතු ලිපි හා තැපැල් භාණ්ඩ සියල්ල කොලොන්නාව තැපැල් කාර්යාලයේ රඳවා ගෙන ඇතැයි වාර්තා වේ.
මීතොටමුල්ල කලාපයට ලිපි බෙදීම සඳහා තැපැල් කරුවන් දෙදෙනෙකු සිටින නමුත් ඔවුන් දෙදෙනා මේ දිනවල තැපැල් කාර්යාලයට වී සිටින බව ද විපතට පත් ප්රදේශයේ ජනතාව පවසති.
දේශිය ලිපි, විදේශිය ලිපි, ලියාපදිංචි තැපැල්, මෙන්ම පාර්සල් ද එහි තිනෙ බවත් ඔව්හු කියති.
විපතට පත් ජනතාව මේ වන විට රැඳී සිටින අවතැන් කඳවුරු වෙත ගොස් ලිපි ලබා දීමේ හැකියාව ඇතත් එවැක්නක් සිදු නොවන බව ද ඔව්හු පවසති.
මේ පිළිබඳව කොළොන්නව තැපැල් කාර්යාලයෙන් කළ විමසීමක දී එහි නිලධාරිකෙු සඳහන් කලේ ලිපි සියල්ල තැපැල් කාර්යාලයේ ඇති බැවින් හිමිකරුවන්ට පැමිණ ඒවා ලබා ගත හැකි බව ය..
එහෙත් රාජ්ය ආයතන වලට උපදෙස් දෙමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ සියලු රාජ්ය ආයතන මෙම වපතට පත් ජනතාව වෙනුවෙන්සේවා සැපයිය යුතු බව ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිපියේ හෝ පාර්සලයේ සඳහන් ලිපිනය ඇති නිවසට ගොස් ඒවා ලබා දීමේදී ඒවා නියම හිමිකරුට ලැබීම සහතික විය හැකි නමුත් "පිටරටකින් ආපු පාර්සලයක් " වැනි දෙයක් අවතැන් කඳවුරකට රැගෙන ගොස් නියම අයිතිකරු සොයා එය ලබාදීමට තැපැල් නිලධාරියාට හැකියාවක් නැති බව තේරුම් ගත යුතුයි .
අව්වේ කරවෙන්නේ නැතුව ෆැන් එකක් යටට වෙලා නිකම් ඉන්න ලැබිච්ච චාන්ස් එක නැති කරගන්නේ කවුද? කියල තියෙන හැටියට හැම කෙනාම තැපැල් කන්තෝරුවට ගිහින් 'මට ලියුම් තියෙනවද, මට ලියුම් තියෙනවද' කිය කියා කෙළවරක් නැතුව කරදර කරන්න පටන් ගත්තොත් සමහරවිට ස්ථානාධිපතිට හිතෙයි මේ ලියුම් ටික ගිහින් බෙදල දැම්ම නම් ලේසියි කියල.