(ජවුෆර්කාන්)
මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් මරණයට පත් වූවන් සිහිකිරීමේ පිංකම් මඩකලපුව දිස්ත්‍රික්කයේ නොයෙක් තැන්වල පැවැත්විණි.
මඩකලපුව දිස්ත්‍රික් විරැකියා උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති ටී.තිරුෂාන්ත්ගේ ප්‍රධාන්වයෙන් පැවැති පුණ්‍යානුමෝදනාවට උපාධීධාරීහු විශාල පිරිසක් එක් වූහ.
මෙහිදී මරණයට පත් වූවන් වෙනුවෙන් මලින් හා පහන් දල්වා උපහාර පුද කළ ඔවුහු විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වූහ.
මීතොටමුල්ලෙහි විපතට පත් සියලු දෙනාටම ඉක්මනින්ම සහන සැලසීමට රජය පියවර නොගතහොත් තමන් ඔවුන් වෙනුවෙන් උද්ඝෝෂණ සිදුකරන බවද රැකියා විරහිත උපාධිධරයෝ පැවසූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම ශ්‍රේෂ්ට මිනිස්සු. මරණය කොයි කාටත් එකයි.
ඔහොම සමගියෙන් හැමදාම ඉමු අපි ඔක්කොම ලක් මෑණිගේ නිර්මාණ. දෙමල මුස්ලිම් සිංහල එකට දැක්කම හරි සතුටක් දැනුන
අපේ රටේ උපාධිධාරීන් විරැකියාවෙන් පෙළෙද්දී ජනතාවට තියන ආදරය රජයේ රැකියාවක් කරද්දී නොමැතිකම තමයි ජනතාවට තිබෙන ප්‍රශ්නේ? මියගිය අය වෙනුවෙන් ප්රදර්ශනීය පින්කම් කරනවට වඩා, ජීවත් වෙලා ඉන්න අය පින් අතේ වැඩ කරගෙන, පින්වත්ව සිටිනවා නම්, රටට ගැලපෙන විදිහේ පින්වත් දේශපාලන නායකයින් පත්කරන්නත්, ප්‍රඥාව ඉබේටම පහල වෙයි. කොහොමත් මේ මිහිපිට අපායේ ජීවත් වෙන මිනිස්සුන්ට වඩා ඒ මියගිය මිනිස්සු වාසනාවන්තයි!!!!
මෙය හැමෝටම ආදර්ශයක් වේවා