මීතොටමුල්ල කුණුකන්ද පාමුල ඛේදවාචකයෙන් මිය ගිය ගණන 27 දක්වා ඉහළ ගොස් ඇතැයි යුද හමුදාව කියයි. අද රාත්‍රී 9.20 වන විට මිය ගිය 26 දෙනකුගේ සිරුරු සොයා ගෙන ඇති අතර තවත් පුද්ගලයකුගේ කකුලක් පමණක් සොයාගෙන තිබේ.
ඒ අනුව 27 දෙනකු මිය ගොස් ඇතැයි තහවුරු වී ඇති බව ආරක්ෂක අංශ කියයි.
මිය ගිය බවට තහවුරු වූ පිරිස අතර ළමයි හය දෙනෙක් ද සිටිති. තවත් බොහෝ දෙනෙක් අතුරුදන්ව සිටිති. අතුරුදන් වූ සංඛ්‍යාව කොපමණදැයි වගකිව යුතු ආයතන කිසිවක් තවමත් නිශ්චිතව ප්‍රකාශ කර නැත.
මීතොටමුල්ල කුණු කන්ද අසල ඛේදවාචකය සිදුවූයේ සිංහල අලුත් අවුරුදු දා දහවල් 2ට පමණය. සිද්ධියෙන් තුවාල ලැබූ 11 දෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති.
යුද හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සහ සහන සැලසීමේ කටයුතු කරති.
COMMENTS
මේක නම් පාලකයින් විසින් කරන ලද සමූහ ඝාතනයක් ලෙසයි මට නම් පෙනෙන්නෙ! පක්ෂ විපක්ෂ සෑම දෙනෙක්ම මෙම අවාසනාවන්ත සිද්ධියට වග කිවයුතුයි. කිසිවෙකුටවත් අත සෝදාගත නොහැකියි.
දැන් ඉතින් මේකටත් මේ ආණ්ඩුවට බනී...
හිටපු ජනපති ගෙනගිය වැඩ පිළිවෙල දිගටම කරගෙන ගියානම් මෙහෙම අපරාධයක් වෙන්නේ නැහැ
සිරගෙවල් වලට නෑගම් යන අර නායකයා කුණු කන්ද බලන්න ගිහින් නෑ නේද ? මම හිතන්නේ යා ගන්න බැරුව ඉන්නවා කියලයි
කුණු කන්ද අවට ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න.
මහජනතාවගේ සල්ලි වලින් කොටි ගණන් වටිනා වාහන ගන්නවා. ඔය එකෙක්ට ගන්න වහනෙකින් 40% ඉතුරු කරනම්, ඔක්කොම වාහන වලින් කීයක් ඉතුරුද? කසල ප්‍රතිචක්‍රීකරණ unit එකක් ගන්න පුළුවන්. එහෙම කරන්න හිතන උන් නෙවෙයි ඉන්නේ. ලොකු වාහන වලින් බැහැල, ආරක්ෂකයෝ පිරිවරාගෙන ගිහින් අහිංසක මිනිස්සුන්ට පොර talk දෙන උන්මත්තක දේශපලකොයෝ ඉන්න රටක් මේක.
මහජනතාවගේ සල්ලි වලින් කෝටි ගණන් වටිනා වාහන ගන්න මුන් කල් මරන්නෙ නෑ. ඒවගෙන් බැහැල ආරක්ෂකයෝ පිරිවරාගෙන ගිහින් පොර talk දීල මේ මිනිස්සුව රැවැට්ටුව. දැන් මොන ලබ්බක් කරත් වැඩක් තියේද. දැන් තමයි මුන්ට කමිටු දාන්නයි, කඩිනම් පියවර ගන්නයි මතක් වෙලා තියෙන්නේ. මෙහෙම කාලකන්නි දේශපාලකයෝ. මුන්ට සාප වෙන්න ඕන. මේ මිනිස්සු උද්ගෝෂණ කරද්දී ඒවාට ගහල හිරේ දැම්ම. දැන් තොපිල රත්තරන් වලින් ගෙවල් හදල දුන්නත්, ඒ අහිංසක ජීවිත දෙන්න පුලුවන්ද ? ඕකුන් වාහන වලට වියදම් කරන සල්ලි 30% අඩු කරනම් කසල ප්‍රතිචක්‍රීකරණ unit එකක් ගන්න තිබුන. පුදුම දුකක්, තරහක් තියෙන්නේ. ලංකාවේ දේශපාලකයෝ හිරිකිතයි. එක එකා දැන් බයිලා කියනවා අර කරන්න හිටිය මෙහෙම කරන්න හිටිය කියල. මුන්ට ඔය කරන්න හිටපුවට බිලි පූජාවක් නැතුව කරන්න බැරුව ඉන්න ඇත්තෙ. ඔකුන්ගේ පවුල් වල උනුත් කුනුවෙල මැරෙන්න ඕන.
චානක ලොස් ඇන්ජලිස්... නෑ, නෑ ආණ්ඩුවට බනින්නේ නෑ. මේ ආණ්ඩුව හරිම හොඳයි.
වෙල් යායවල් පුරන් වෙන්න දෙන්න එපා. එහෙම වුනාම තමයි මේවගේ සිද්ධි වෙන්නේ.
තාම පත්තරේ බලල නැතිව ඇති මගේ හිතේ......
රටේ දේශපාලකයොයි, රජයේ සේවකයෝයි වැඩියෙන් රට යන්නේ කසළ කලමණාකරණය කරන්න පුහුණුවීමට හා සමිමන්ත්‍රණ සඳහා පමණයි. මොකක්ද ඒකෙන් ඇති වැඩේ? රට සවාරි විතරයි. දැන් ඉතින් තත්ත්වේ විශ්ලේෂණය කරන්න කමිටු පත්කරයි. ඒ කටිටිය ආයෙත් රට රටවලට යවයි. ඔය නගර සභා, ප්‍රාදේශීය සභා මොනවද? කරන්නේ. ඉංජිනේරුවෝ මොනවද කරන්නේ? එහෙමත් නැත්නමි මොකවත් හරියට දන්නේනැති පරිපාලන සේවයේ පණ්ඩිතයෝ සමිබන්ධ වෙලා ඇති. අපේ රටේ බක පණ්ඩිතයෝ නැති වුනොත් මොනව හරි සංවර්ධනයක් ගැන හිතන්න පුළුවන්....
මෙතන සමහරු කෑ ගහනවා. දේශපාලකයන් බලන්න අවේ නැහැ කියා සමහරු පැමිණි දේශපාලකයින්ට දොස් පවරනවා. මෙහෙම වෙනකොට උදව්කරන්න සුදානම් අයත් එන්නේ නැහැ.
මේකට මේ ආණ්ඩුව විතරක් නෙමෙයි මේ දක්වා රට පාලනය කරපු හැම ආණ්ඩුවක්ම වග කියන්න ඕන. නමුත් මේ ආණ්ඩුවට වැඩි වගකීමක් තියනවා මොකද මෙයාලගේ එක ප්‍රධාන චන්ද පොරොන්දුවක් තමයි මේ කුණු ප්‍රශ්නය. එකිනෙකාට ඇගිල්ල දිගුකරන්නේ නැතුව අඩුම තරමින් දැන්වත් මේ ප්‍රශ්න විසදන්න උත්සහා කරනවානම් හොදයි. අපේ බොහොමයක් පාලකයෝ හැමදාමත් මොනා හරි ප්‍රශ්නයකදී කලේ බෝලේ පාස් කරපු එක සහ කරන එක විතරයි. විශේෂයෙන්ම මේ ආණ්ඩුව ඒකට ඉතාම දක්ෂයි. ඒකනේ මේ ප්‍රශ්නයටත් මහින්දට සහ ඝෝඨාභයට ඇඟිල්ල දික් කරන්නේ. මිනිස්සු එක රජයක් එපා කියලා නව රජයක් පත් කරගන්නේ වඩා හොඳ යමක් බලාපොරොත්තුවෙන්. පහුගිය රජයට බැරි උණානම් දැන් ඉන්න අය කරන්න ඕන. රටේ සිද්ධවෙන කිසිම දෙකින් පවතින ආණ්ඩුවකට ගැලවෙන්න බෑ.
චානක ඔයාලට හැමදේම ටික කලකින් අමතකවෙනවා නේද? දින 100 න් ඔක්කොම ප්‍රශ්න විසඳනවා කිව්වා අමතකද?
මේ ආණ්ඩුව විතරක් නෙමෙයි. මීට පෙර ආණ්ඩුත් මීට වගකිව යුතුයි. මේ කුණු කන්ද තියෙන්නේ අවුරුදු 45ක් තිස්සෙලු. ඉතින් මේ ආණ්ඩුව පත්වෙලා අවුරුදු 2යිනේ. පසුගිය ආණ්ඩුව කරපු හැම දෙයක්ම සල්ලිකාරයින්ට පමණයි.දුප්පතුන්ට කරපු දෙයක් නැහැ. හයි-වේ, ගුවන් පාලම් මේවා භුක්ති විඳින්නේ සල්ලිකාරයෝ විතරයි. මේ අපරාධයට ආණ්ඩු කීපයක්ම වගකිව යුතුයි.