මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් විපතට පත්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට අද (17) පෙරවරුවේ එහි ගිය නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, පොලිස්පති පූජිත් ජයසුන්දර හා හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යන මහත්වරුන්ට ප්‍රදේශවාසීහු හූ කියමින් විරෝධය පළ කළහ.
ප්‍රදේශවාසීන්ගේ විරෝධය මැද ඔවුහු තම තමන් පැමිණි රථ වාහනවලට නැගී පිටත්ව ගියහ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි).






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජා නැතිව දැන්මොකට යනවද? වෙච්චදේ බලන්න. වෙන්න කලින් ඒ මිනිස්සු මේ උදවියගේ පස්සෙන්ම ආවත් ගණන් ගත්තෙ නැහැ සතේකට. ඔය ගමන එදා ගිහින් බැලුවනම් අද මෙහෙම යන්න වෙන්නේ නැහැ නේද? ඒ ගියත් හූ හඬ වෙනුවට ඔල්වරසන් හඬ මැද්දෙන් යන්න තිබුන නේද?
අපිම පත් කළා අපේම පාලකයින් අනේ මන්ද?
දැන් හූ කිව්වට තව සති දෙකකින් විතර මීතොටමුල්ලේ කට්ටියයි, අරනායක කට්ටියයි, සාලාවේ කට්ටියයි, තාමත් සුනාමි සහනාධාර ලැබෙනකන් බලන් ඉන්න කට්ටියයි, රතුපස්වල කට්ටියයි, ඔක්කොමල හුරේ දාගෙන මිනීමරුවන්, හොරුන් රජ කරවන්නට මැයි 1 වෙනිදා පෝලිමට යාවි...
කොළඹ ලස්සන කරන්න කියා මීතොටමුල්ලට ගෙනත් කුණු ගොඩකරා. නගර සංවර්ධනය කල යුත්තේ ඒ පිලිබඳ විශේෂඥ දැනුම ඇති උගතුන්ය. නූගතුන් ඒවායේ පෙරමග ගත් විට සිදුවන්නේ විනාශයක්මය. බැමි කඩා දමා ටයිල් ඇල්ලු පමණින් නගරයක් සංවර්ධනය වේ කියන දැක්ම ඇති අයයි අභාග්‍යකට අප රටේ පෙරමග ගත්තේ. මේ අහිංසකයන්ගේ මරණ වලට වග කිව යුත්තේ ඔවුන්ය.
කෝ අපේ මහ රජා? වෙනදටනම් හැමතැනම රිංගනවා.
හිටපු ආරක්ෂක ලේකම්ට ඇමරිකාවේ විශ්ව විද්‍යාලයකින් නගර අලංකාරකරණය පිලිබඳ උපාධියක් ඇති නිසා කොළඹ නගරය මනරම් නගරයක් කල බව මිනිස්සු උදම් ඇනුවත් අද තත්වය ඉතා සෝචනීයයි.. ඉදිරියේදී තව තවත් සෝචනීය තත්වයන්ට අහිංසක මිනිස්සු බිලිවීම අනිවාර්යයි.. තක්කඩි දේශපාලකයෝ උන්ට බලය තියෙද්දී කරන බලු වැඩ නතර කිරීමට දීන රටවැසියන්ට පුළුවන්කම තිබුණත්.. රට ගැන නොහිතා පුද්ගලයන් වන්දනා කිරීම මේ සියල්ලට හේතුවයි...
මිනී ටික ගොඩ ගන්න ආවේ හමුදාවයි පොලිසියයි. ඒවායේ ප්‍රධානීන් වෙච්චි හමුදාපතිටයි, පොලිස්පතිටයි හූ කියනවා නම් මේ අයගේ තරම හිතාගත හැකියි. මරණය පෙනි පෙනිත් ඔය කුණු ගොඩ අස්සෙම හිටියෙ නිකමට නෙමෙයි. ඒ කුණු ගොඩ උන්ගෙත් ආදායම් මාර්ගය වෙලා තිබුණු හින්දයි. කෙසේවෙතත් ජනතාව වෙනුවෙන් ආ සාගලට ස්තූති කළ යුතුයි..
රවීන් නිකම් බොරුවවට ඒ මිනිස්සුන්ට අපහස කරන්න එපා මේ ආණ්ඩූවත් ඇවිල්ලා දැන් අවුරුදු දෙකකට වැඩියි. තාම බැරි වුනා අඩුතරමේ ප්රශ්නය විසදනවා තියා ඒකට ප්‍රෙව්ශයක් හොයා ගන්න .
මෙච්චර වද විදගෙන මොකට උදව් කරන්න යනවද , ඇමති ,පොලිස් පති, හමුදා පති ගියේ උදව් කරන්න ,කුණු ගොඩ අස්සේ ඉදපු කුණු පනුවෝ වගේ හූ කිව්වම ප්‍රශ්නේ විසදෙනවද ,
නුගත්කමේ තරම ප්‍රශ්නයක් වුනහම ප්රශ්නය ඒ අන්දමින් බලල එකට ප්‍රයෝගික විසඳුම් හොයන්න සහය දක්වනවා වෙනුවට නරි වගේ හු කීමෙන් පලක් තියෙනවද...?
දැන් අඬනවා මැරුන අය වෙනුවෙන්
කෝ අර සාරියක් පටලවාගෙන චන්ඩිකම් පෙන්න පෙන්න දුවන ඔය පළාතට අදිගෘහිත ඇතින්නි ?
බොරුවීරයන් නිසා දුක් විදින්නේ අහිංසකයන් එනිසා හු කියන නරි ගැන නොසිතා ගතයුතු නිවැරදි තීන්දු ගන්න හැමදාම බොරු වීරයන් හිටිය විදුම් දන්නා අය නැහැ රජය වගකීම ගන්න බොරු කියල අහිංසකයන් රවටල බේරෙන්න ඉඩදෙන්න බැහැ මහින්ද මහත්තය බොරු කතා කියලජනතාව රවටනවා හැමදාම කලේ ඒකමි රාජපක්ෂ මහත්තයෝ බොරු එපා
මිලානෝ දන්නා රෙද්ද
නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, පොලිස්පති පූජිත් ජයසුන්දර හා හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යන මහත්වරුන්ට ප්‍රදේශවාසීහු හූ කියපු එක නීච ක්‍රියාවක්. මේ සියලු දෙනාම විපතට පත් වූ අයට උදවු කිරීමට කටයුතු යොදා තිබියදී මෙසේ හැසිරීමෙන් පෙනෙන්නේ මේ අය මොන විදියේ පුරවැසියන්ද කියන එකයි.
චෝදනා කරනවා මිසක් දවසකට එකතුවෙන අති මහත්වූ කුණුවලට දැනට මොකද කරන්නේ කියල කවුරුවත් තාම කීවේ නැහැනේ. ප්‍රතිචක්‍රීකරණ කතාව පස්සේ, එතකන් එකතුවෙන කුණු වලට මොකද කරන්නේ?
මට තියෙන ප්‍රස්නේ කුණු කන්දට අදාළ කරන ඇමතිවරයා කව්ද යන්නයි. ඇයි මේ පොලිසිය බාර ඇමතිවරයා එන්නේ. මුලින් අවේ පොලිස්පති. ඕකට ඕනේ පරිසර ඇමති මෛත්‍රීපාල සිරිසේන, බස්නාහිර මෙගා පොලිෂ් ඇමති p රණවක , බස්නාහිර මහා ඇමති ඉසුර දෙවප්ප්රිය. පහුගිය කාලේ එංගලන්තයෙන් සමාගමක් ඇවිල්ල තියෙනවා නිකන් කරන්න. හැබැයි කියල තියෙනවා කාටවත් කොමිස් දෙන්නේ නැ කියල ඉතින් p රණවක කැමති වෙලා නැ. මුන්ට කොමිස් නැත්නම් මුකුත් කරන්න දෙන්නේ නැ.
එදා වගේ සාගලට කරන්න තිබුනේ පොලීස්පති එතන්ට යැවල, දුරකතනයෙන් කතාකරන්න තිබුන.
කවුරුන්ද මේවට වග කියන්නේ ?
හු කියපු අය මෝඩ එවුන්