(රංජන් කස්තුරි)
මීතොටමුල්ල කුණු කන්දෙන් අනාගතයේ සිදු විය හැකි විපත් අවමකර ගැනීම සඳහා කෙටිකාලීන විසඳුමක් ලෙස කන්දේ පදනම සවිමත් කර පොලිතින් වලින් වසා දමන්න‘යි ශ්‍රි ලංකාවට පැමිණි ජපාන විශේෂඥ පිරිස ජනාධිපතිවරයාට බාරදී තිබෙන වාර්තාවේ සඳහන්වේ. ඉදිරි වර්ෂා කාලයට පෙර මෙය කළ යුතු බවත්, එම කසල කන්දක හැඩයට නිර්මාණය කර ගුරුත්වාකර්ෂණයට අනුකූල ලෙස සම්පාදනය කිරිම යෝග්‍ය බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මීතොටමුල්ල කසල කන්ද කඩිවැටීමට හේතු වු කාරණා සොයා බැලීමට පැමිණි ජපාන විශේෂඥ කණ්ඩායමේ වාර්තාව අද (24) පෙරවරුවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දෙනු ලැබිණ.
ජපාන විශේෂඥ කණ්ඩායමේ ප්‍රධානී මිට්සුට්ක් නමාහටා මහතා විසින් එම වාර්තාව ජනාධිපතිවරයා වෙත බාරදීමෙන් අනතුරුව ජපාන විශේෂඥ කණ්ඩායම එහි නිර්දේශ පිළිබඳ ජනාධිපතිවරයාට පැහැදිලි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපන් ජාතිකයන්ට ලංකාවට යන්න සුදුසු නැහැ කියල වෙනම වාර්තාවකුත් හදයි. ඕකෙන් වෙන්නේ ලංකාවට එන විදේශිකයන් අඩු වෙන එක....
මෙම කුණු කන්ද ජලයට ආවරණ කිරීමෙන් එහි මීතේන් වායුව රත්වීම නිසා නැවතත් පුපුරායාමට ඇති ඉඩකඩ බොහෝය.
විශේසඥයන් කියල තිබුන මේක කන්දේ බර වැඩිවීම නිසා අනික් ප්‍රදේශ ඉලිප්පීමෙන් සිදුවුණ දෙයක් කියල. මේ වාර්තාවෙන් කීය වෙන්නේ වෙනස් දෙයක්. මේ කියන්නේ කන්ද අසමතුලිතව ගොඩ නැගීම හා කන්දේ පදනම් ශක්තිමත් නොවීම ගැන නේද? කලින් මතය හරි නම් සිගිරි ගල පාමුල ප්‍රදේශත් ඉලිප්පෙන්න ඕන නේද, මුහුද අයිනේ ලොකු ගොඩ නැගිලි ඉදිකරනකොට මුහුද ගොඩට එන්න ඕන නේද කියල හිතෙන කොට මේ ජපාන වාර්තාව හරි කියල හිතෙනවා.
මෙච්චර විපතක් වුනාට පස්සෙත් ඇයි තවත් තාවකාලික විසදුම් වලට යන්නේ, තවමත් නැද්ද මේකට ස්ථිරසාර වැඩ පිළිවෙලක්.
නියමයි. මේක tourism promote කරන්න ගන්න පුළුවන් ලෝකෙම උසම කුණු කන්ද තියෙන්නේ ලංකාවේ කියල. ගානකුත් හම්බුකරන්න පුළුවන්.
කන්ද මොන ආකාරයට හැඩ ගැසුවත් කුණු කන්ද කුණු කන්දමනේ. හැඩය වෙනස් උනාට ගඳේ වෙනසක් වෙන්න බැහැනේ.