(තරිඳු ජයවර්ධන)
මීතොටමුල්ල කුණු කන්දේ ඇති වූ ගින්නක් පැය හයක මෙහෙයුමකින් පසු මීට ටික වේලාවකට පෙර නිමා දැමූ බව කොළඹ මහ නගර සභාවේ ආරංචි මාර්ග කියයි.
ගින්න නිවීම සඳහා ගිනි නිවන ඒකක හතරකින් සහභාගී වී තිබේ.
කණු කන්ද මුදුනේ හටගත් ගින්නෙන් නැඟි දුමෙන් ප්‍රදේශයම වැසී ගිය බවත්, ඉන් පිටවූ දුමෙන් සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් ඇති වෙතියි බියට පත්වී සිටින බවත් ප්‍රදේශවාසීහු කියති.
මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරන ලෙස අවස්ථා ගණනාවකදී ප්‍රදේශවාසීහු උත්සාහ කළහ. දේශපාලන කඹ ඇදිල්ලක් නිසා කුණු කන්ද ඉවත් කිරීමට නොහැකි වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ කුණු ටික දාගන්න තෙනක් හොයා ගන්න බැරි ආණ්ඩුවක් . මේ කන්ද ඇමතිවරු කී දෙනකුට අයිතිද .
ගිනි නිවන හමුදාවට රුපියල් ලක්ෂ ගණනක් ගෙවා මොකොද ගින්න නිවා දැමුවේ ? කුණු කන්ද මුළුමනින්ම පිච්චෙන්න ඇරියා නම් කුණු කන්දේ ප්‍රශ්නයත් එතැනින්ම ඉවරයි නේ !