වෛද්‍ය නිලංග සමරසිංහ පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය නිවාරණය හා යහපාලනය ඇති කිරීම සඳහා ඉටුකළ සේවය ඇගයීම සඳහා සමස්ථ ලංකා ධර්මපාල පදනම විසින් විද්‍යාකීර්ති දේශාභිමානි ලංකා පුත්‍ර යන ගෞරව නාමයෙන් උපහාර දැක්විණි.
ධර්මපාල පදනමේ උත්තරීතර අනුශාසක ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ඌව උඩුකිඳ පාර්ශවයේ මහානායක බොකන්ඔරුවේ ජිනානන්ද මහානායක හිමියෝ ඒ පිළිබඳ අක්ත පත්‍රය ධර්මපාල පදනමේ ඌව පළාත් මුලස්ථානය වන කැප්පැටිපොළ විඳුරපොළ ශ්‍රී පියතිස්ස පිරිවෙන් විද්‍යායතනයේදී ත්‍රෛයිනිකායික මහ සංඝරත්නය ඉදිරියේදී පිරිනැමුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්ම රාජ්‍යක් කරා යන්න, මතට තිත තියන්න කියා අහිංසකයන්ගේ ඡන්ද ගරාගෙන මහජන මුදල් පඩි,දීමනා අරගෙන අහිංසක වකුගඩු ලෙඩ්ඩු,යෝග භාවනා පුහුණු කරන්න කියල කාන්තාවෝ ඇතුළු පිරිස සහ අහිංසක දෙමළ දරුවන්ට සිංහල උගන්වන්න කියල නොයෙකුත් ව්‍යපෘති දමාගෙන සල්ලි ගරන ඇතැම් කාසාය සළු පිලි දවට ගෙන මුදල් ගරන පාපී අධර්මිෂ්ඨයන්ට වඩා ඔබතුමා ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයෙකි. (බ)
ඔබ තුමාට අපේද උපහාරය වේවා !! (අ)