වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තීරණයට චන්ද්‍රිකා, රාජිත, අර්ජුන වැන්නවුන් මෙතරම් විරුද්ධ වුවත් හුරු පුරුදු පරිසරය හා නිදහස් සන්ධානයේ නායකයන් විසින් කළ බලකිරිම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමට තීරණය කළ බවත් පක්ෂය ඇතුළින් කරන බල කිරිම තදින් දැනුණු ජනපතිවරයා ගන්නට තිබු එකම විකල්ප තීරණය මෙය බවත් එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ලංකාදීප එසැණට පැවැසීය.
නිදහස් සන්ධානය එකට එකතු විම එක්සත් ජාතික පක්ෂයට විශාල තර්ජනයක් බවත් ජනවාරි 8 වැනිදා ජනතාව බලාපොරොත්තු වු වෙනසට මේ වන විට ජනතාවගේ එතරම් සතුටක් නොමැති බවත් මෙවර මැතිවරණය ලංකාවේ මෙතෙක් තිබූ අවිනිශ්චිතම මැතිවරණය විමට හැකි බවත් අත්තනායක මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් හිතා ගන්න බෑ දැන් මොකද වෙන්නේ කියලා.(හේ)
රබර් බෝලේ තොච්චර වතුරේ ගිල්වන්න හැදුවත් නැවත නැවත උඩ එනවා (නදී)
ඔබතුමා මහනුවර දිස්ත්‍රික්කයෙන් ඡන්දයට ඉදිරිපත් වන්න. එතකොට ජනතාවගේ සිතුම් පැතුම් තේරේවි. (නදී)
තිස්සට පිස්සු නැත්නම් ශෝක්.(නදී)
මොන බලපෑම් ආවත් කොන්ද කෙළින් තියාගෙන තීරණයක් ගතයුතුයි. නැත්නම් අන්තිමට වෙන්නේ නිකන්ම නිකන් අවලංගු කාසියක් වෙන එක විතරයි. (නි)
ඒක නම් සහතික ඇත්ත. (නි)
ඔබට මෙවර කීමට ඇත්ත මෙපමනද? (නි)
මහින්ද මහත්තයගේ ජයග්‍රහණය පිළිබඳ අපිට නම් කිසිම අවිනිශ්චිත බවක් නැත. (නි)
අනේ මගේ කට! (නි)
ආ ආ මේ මෙයානේ... මම මේ කල්පනා කර කර හිටියේ මෙයා කොහෙද කියලා... (නි)
මගේ මතකයේ තිබෙන මුල්ම මැතිවරණය 1960 මාර්තු මැතිවරණයයි. එතැන් සිට තිබුන මැතිවරණ අතරින් අවිනිස්ච්ත මැතිවරණයක් වුයේ 1965 මැතිවරණයයි. මැතිවරණ දිනට පසුදින උදෑසන 7 වනවිට කොළඹින් සැතපුම් හයකට එපිටින්වූ දෙහිවල නගරයෙහි ප්‍රදාන පක්ෂ දෙකේ ආදාරකරුවන් තෙවරක් මාරුවෙන් මාරුවට රතිංඥා පත්තු කළා. අවසානයෙහි එජාපය තවත් පක්ෂ හයක් සමග එකතුව පිහිටවූ රජය හත්හවුල නමින් ප්‍රකට වූවා. තිස්ස අත්තනායක මහතා කිවූ පරිද ඉන්පසු පැවැත්වෙන අවිනිස්චිතම මැතිවරණය මෙයයි. එමෙන්ම ඉතා සතුටින් කිව යුතුයි එදා මැතිවරණ හරිම සුන්දරයි. (නදී)
ජනාදිපතිතුමා දන්නවා එතුමා වටා ඉන්න අනිත් මන්ත්‍රී වරුන්ට මේ පාර අත්වෙන ඉරණම සහ ඔවුන්ට තිබෙන ඡන්ද පදනම. නොවටිනා රුපියල් දහයේ කොලේට වඩා තඹ වලට විකුනන්න හරි තඹ සතේ වටිනවා කියල එතුමා දන්නවා (නදී)
මග සිටියොත් තෝ නසී. ගෙදර ගියොත් අඹු නසී. ජනාධිපතිතුමාට වෙලා තියෙන්නේ මේ ටික. (නදී)
කාට කොහොම උනත් ඔබට නම් අවිනිශ්චිතයි අත්තනායක මහත්තයෝ (නදී)
අර පහුගිය දවස්වල කරපු බොරු ප්‍රචාර අපට අමතකයි කියලද හිතුවේ. (නදී)
මේ ප්‍රධාන පක්ෂ දෙක හැරෙන්නට මිනිසුන් වෙනත් විකල්පයකට යායුතුයි (නි)
මම නම් නිශ්චිතව දන්නවා වෙන දේ (නි)
මෙතුමාගේ අතීත දේශපාලන කියුම් කෙරුම් වල තිබු ප්‍රෝඩාව එතුමාට පහළට ඇද දැමුවා. (නි)
තිස්ස අත්තනායකට ඒ ගැන අටුවා ටීකා කියන්න අමුතුවෙන් අවශ්‍ය නැහැනේ? (නි)
දේශපාලන වශයෙන් තමාගේ ගෙල තමාම සිඳගත් අයත් ඉන්නවනේ! (නි)
මටත් හිතෙනවා මෙතුමා කියන දේ නිවැරදියි කියලා (නි)
තමාගේ පක්ෂය බලය රැකගන්න රටට මොනවා වුණත් කමක් නැත. ඔය හැමෝම ජනතාව රවටනවා. මේ ක්‍රමය වෙනස් කරන්න පොරොන්දු දීලා ඒකමයි කරන්නේ. ජනතාව අපේ රට බේරාගන්න බුද්ධිමත්ව කතිරය ගසනු ඇතැයි සිතමි (නි)
මේ සැරේ මෙතුමා ඡන්දය ඉල්ලන්නෙ නැද්ද? (නි)
මේ තිස්ස අත්තනායක වගේ මිනිසුන් දේශපාලනය කරනවාට වඩා හොඳයි කුඹුරකට බැහැලා වල් පැල උදුරනවා නම්. මෙවෙනි පුද්ගලයන් දේශපාලනයේ යෙදෙමින් කරන්නේ බොරුව ඇත්ත කරමින් ඇත්ත බොරුව කරමින් එම පද්දතියම විනාස කිරීමයි. මොහු එදා කල හොර අත්සන් මගඩියට වෙනත් රටක නම් මෙලහකට එල්ලුම් ගහේ. මොවුන්ව දේශපාලනයෙන්ම තුරන් කර දමන්න බුද්දිමත් සියලු දෙනා පෙළ ගැසෙන්න. (නදී)
ඒ වගේම පක්ෂයක තියාගන්න බය හිතෙන මෙතෙක් පහල වූ භයංකර අවිනිශ්චිත පුද්ගලයාත් මොහුයි (නදී)
රටේ ජනතාව බුද්දිමත් උනොත් ජනවාරි 8 වෙනිදා වගේ විශාල ලේ වැගිරීමක් වලක්වා ගන්න පුළුවන් (නදී)
ලංකාවේ දේශපාලනය කියන්නේ පුදුමාකාර විහිළුවක්. හැමෝගෙම තියෙන්නේ බල තණ්හාව (නි)
ඔබතුමාගේ දේශපාලන අනාගතය අවිනිශ්චිත බව නම් අපි හොඳටම දන්නවා. (නි)
ජනතාවට අවශ්‍ය වෙලා තිබුණේ ඡන්දයක් නෙමෙයි. ඡන්ද ක්‍රමයේ වෙනසක්. අපෙන් ඡනදෙ අරන් දිනලා ගිය අයට ජනතාවගේ අවශ්‍යතාවය වැදගත් නෑ. ඔවුන්ට වුවමනා ඔවුන්ගේ මඩිය තර කරගන්ටයි. නැවතත් හොරු, තක්කඩි, මැරවරයෝ ටික රජ වෙයි. ජනතාවට පිරිසිඳු හුළං ටිකත් නැති වෙයි. 1977 ට පෙර තිබූ ලංතාවේ ප්‍රජාතන්ත්‍රවාදයටවත් යන්නට ඇයි මේ ජනතාවට වුවමනාවක් නැත්තේ. ලංතාවේ මිනිසුන්ට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ද පුද්ගලවාදයක් ද යන්න නම් මට අපැහැදිලි යි. කෙසේ වෙතත් මෙවර මැතිවරණයෙන් පෙර මැතිවරණයන්ට වඩා විශාල රැවටීමකට දැනටමත් අසුවී ඇති බව නම් පැහැදිලිය. දූෂිතයන් රටක් පාලනය කරන ලෝකයේ එකම රට ලංකාවයි. මෙය වටහා දීම ජනමාධයයේ වගකීමකි. (නදී)
දුෂණ චෝදනා තියෙන,කුඩු විකුනපු ,මිනීමරු ,එතනෝල් ,මෙගා ඩීල් අයට මෛත්‍රී මහත්තය මේ පාර නාම යෝජනා දෙන්නේ නැහැල්ලුනේ. ඒ ගොල්ලෝ වෙනම මහින්ද මහත්තයත් එක්ක ඉල්ලන එක සාදාරනයි. මොකද මේ හොරුන්ට පාර්ලිමෙන්තුවට රිංගුවේ නැත්තම් හිර ගේ තමයි. (නදී)
මහින්ද මහත්තයා මේ පාරත් පැරදුනොත් අපි කොහොම හරි බස්නාහිර මහා ඇමති කරමු. (නදී)
මෙයාට වැරදිලා. ජනතාවගේ සිතුම් පැතුම් මෙයා ඔතරම් හඳුනනවා නම් එක්සත් ජාතික පක්ෂයේ ලේකම් කම දාල යනවද එම වෙලාවේ. මේ තීරණය ගත්තේ ජනාධිපති තුමාද, සන්ධානේ ලේකම්තුමාද කියල විමසා බලල මේ වගේ ප්‍රකාශ කලොත් නේද හොඳ. නැත්නම් ඔබතුමාගේ ප්‍රකාශ අර හොර අත්සන් ගොඩටම වැටේවි නේද? (නදී)
මහින්දගේ ලනුව උගුරටම ගිල්ලා මෛත්‍රී , දැන් ඔබට වෙලා තියෙන්නේ ,මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී ..යන දෙයමයි ....(ම)
දේශපාලනය කලකිරුණු සමාජයක් එක්ක ඡන්දය කරන්න වැඩක් නැහැ. එක්කෙනෙක් වත් විශ්වාස කරන්න බැහැ. අපි ඡන්දේ දුන්නේ ඇයි කියලා හිතෙනවා. (ම)
තිස්සගේ ඔපීනියන් අරං මහින්ද එක සැරයක් ඇන ගත්තා.දැන් චුට්ටක් සද්දේ වහලා ඉන්නවද තිස්ස. (බ)
දිසා අපි බලමු කව්ද අන්තිමට අනාගන්නේ කියලා. මෛත්‍රී හීන් නුලෙන් වැඩේ ගෙනියන හොඳ බුද්ධිමතෙක්. මහින්දට හැරෙන්නවත් බැහැ.(ම)
මෛත්‍රි මහත්තයගේ කණ්ඩායම සන්ධානෙන් ඉදිරිපත් නොකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විතරක් තරඟ කලොත් මොකක් වෙයිද? (ම)
අයියෝ තිස්ස............. (ම)
මාරයි (බ)
අවිනිශ්චිත නැහැ. මහින්ද එනවම තමයි (බ)
තිස්ස තිස්ස මේ මෝඩ කතාව හැර වෙනත් මෝඩ කතා තියේද?(බ)