ක්‍රීඩා අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ලක් කරමින් අද (5) පාර්ලිමේන්තුව රැස්ව සිටි අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා බුරුත අත්තක් සභාගත කළේය.
හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩාවට වඩා සිදුකළේ වෙනත් කටයුතු බවත් එම සමයේ කළුවර, බුරුත ආදී ලී පැටවූ ආකාරය පිළිබඳ තමාට සාක්කි ඇති බවත් කියමින් ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සභාවේ සිටින්නන්ගේ දැන ගැනීම පිණිස බුරුත අත්ත සභාගත කරන බව කියා සිටියේය.
මේ අතර සෙනසුරාදා (3) පාර්ලිමේන්තු පාරේ පැවැති උද්ඝෝෂණයකට පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට කඳුළු ගෑස් එල්ලවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එහිදී අදහස් දැක්වූ කථානායක කරු ජයසූරිය කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමා සොයා බැලූ බවත් උසාවි නියෝග කඩ කිරීම හේතුවෙන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදුවී ඇති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරකද හැමෝටම හරියන්න ව්‍යාඝ්‍රා පෙත්තක් සභාගත කළානම් (බ)
මටනම් සභාගත කරවන්න හිතෙන දේ මෙතන ලියන්න බැහැ (ර)
නිතිය කඩන්නේ මන්ත්‍රීවරුන් ඇමතිලද සාමාන්‍ය ජනතාවද කවුරු උනත් කමක් නැහැ නිතිය ක්‍රියාත්මක වෙන්නේ ඕනේ සමානව නිතිය නමන්නේ නැතුව එතකොට තම රටක් විනයක් ඇතුව පාලනය කරන්න පුළුවන් වෙන්නේ. (ර)
හොඳ උත්තර තියනවා නේද? හැබැයි ඒක ප්‍රශ්නයට නියම උත්තරය නම් නොවෙයි. කියන්න කණගාටුයි මෙහෙම උත්තර දීමෙන් පේල් වෙලා ගෙදරට වෙලා ඉන්න වෙයි, (බ)
මන්ත්‍රීවරුන්ට කඳුළු ගෑස් එල්ලවීම සමබන්ධයෙන් අගමැතිගෙන් කනගාටු, නමුත් පාරේ යන අහිංසක මිනිස්සුන්ට එල්ල්වෙන්න එකට කිසිම කනගාටුත් නැහැ (ර)
මහජනයා මේ අයව ප්‍රතික්ෂේප කරන කාලය වැඩි ඈතක නැහැ (ර)
දැන් මොකද්ද නටන නාඩගම. (ර)
පුහුල් හොරා කරෙන් දැනේ කියුව වගේ බුරුත ගෙනල්ල තියෙන්නේ මහින්දානන්ද නොවෙයිනේ.(ම)
බුරුතු අත්තක් ගෙනත් තියන්නේ කොහොමද? (ර)
මොනවද මේ කරන නාඩගං.නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැතිව.පාර්ලිමේන්තුව හෑල්ලු කර කර මිනිස්සුන්ගෙ ප්‍රශ්න යටගගහ, මැතිවරණ කල්දදා කෝලං කර කර ඉන්නවා.ඕවගෙන් හොරු අහු වෙන්නෙත් නෑ, රටේ ප්‍රශ්න විසඳෙන්නෙත් නෑ. (ර)
මේ ඔක්කොම කරන්නේ අපිව ගොනාට ඇන්දීමයි (ම)
මේක තමයි අප පැතුව සන්හිදියවෙන් පිරිපුන් සුපිරි යහපාලනය. 2015 ලංකාවේ හිටපු ලක්ෂ 65 ක මෝඩයින්ට යහපතක්ම වේවා.!!! (බ)