පාර්ලිමේන්තු සභා රැස්වීම් සජීවීව විකාශය කිරීම සඳහා විශේෂ රූපවාහිනී නාළිකාවක් මාස තුනක් ඇතුළත ආරම්භ කරන බව කථානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
එමෙන්ම අද සිට පාර්ලිමේන්තු සැසිවාර රූපවාහිනියේ චැනල් අයි නාළිකාව ඔස්සේ විකාශය කිරීමටද පියවර ගෙන ඇතැයි කථානායක කීය.
නමුත් මේ දිනවල පැවැත්වෙන සිම්බාබ්වේ, ශ්‍රී ලංකා හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලිය විකාශනය කිරීම අයි නාළිකාව ඔස්සේ සිදු කැරෙන බැවින් තරග පැවැත්වෙන දිනවල සජීව විකාශය සිදුනොවන බවත් එම දිනවල ජාතික රූපවාහිනියේ පාර්ලිමේන්තු සැසිවාර සජීවීව විකාශය කැරෙන බවත් කරු ජයසූරිය මහතා සඳහන් කළේය.
ව්‍යවස්ථා මණ්ඩලයේ රැස්වීම් ද සජීවීව විකාශය කිරීම සඳහා ද අවස්ථාවක් දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනාවක් ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරකාදියට තමා මේවා විකාශනය කරන්න ඕනා. (හේ)
පොඩි ළමුයින්ගෙත් ඔළුගෙඩි ටික අවුල් කරන්නයි ඒ හදන්නේ..? එදාවේල හොයාගෙන ජීවත්වෙන මිනිහට ..බෙල්ල වැළ දමාගන්න සිද්ධ වේවි ඒවා දැකලා ....? (හේ)
ජනතාව දැන ගනී මොකක්ද සිද්ධ වෙන්නේ කියලා එතකොට.(හේ)
වැඩිහිටියන්ට පමණයි! (නි)
හොඳ වැඩක් (ම)
ඔව් හොද වැඩක්....(හේ)
කරන්න හදන දේ හොඳයි.(හේ)
එතකොට ඡන්ද දායකයන්ටම පුළුවන් තමන්ගේ නියෝජිතයාගේ කෙරුවාව දෑහින්ම දැක බලාගන්න (හේ)