පාර්ලිමේන්තුව එහි අවසන් දින කිහිපයට ළඟා වී ඇති බැවින් අලුත් පනත් ගෙන ඒමෙන් එහි කාලය තවදුරටත් දිර්ඝ කිරීමට අපේක්ෂා නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අඟහරුවාදා සවස අරලියගහ මන්දිරයේ දී අන්තර්ජාතික ජනමාධ්‍ය සංවිධාන නියෝජිත පිරිසක් හමුවේ කියා සිටියේය.
දින සියයකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට පොරොන්දු වූ තොරතුරු දැනගැනීමේ පනත මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවත් එය ඉදිරි මහ මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අගමැති සඳහන් කළේය.
මාධ්‍ය නිදහස තහවුරු කැරෙන නිතිමය ක්‍රියාමාර්ග ගන්නවා. රජය ප්‍රතිපත්තියක් ලෙස ජනමාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුත් පනතක් ගෙන ඒම තම රජයේ අපේක්ෂාව බවත් මෙතෙක් රට ඇතුළේ ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී ප්‍රශ්න පමණක් නොව විදේශීය ත්‍රස්තවාදී සංවිධාන ලංකාව තම ක්ෂේම භූමියක් ලෙස පවත්වාගෙන යාම වැළැක්වීමේ නීති රීති ද ඊට ඇතුළත් කරන බවත් අගැමති කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ඉන්නවානේ කටු කන අය! (අ)
රටේ සුබ අනාගතය ඔබ අතය (ම)
මාධ්‍ය නිදහස තහවුරු කරන ක්‍රමය මෙයාගෙ ‘‘19‘‘ හොදින් සටහන්ව තිබුණා (ම)
සුබ අනාගතය මහින්ද අතේ! (නි)
පාර්ලිමේන්තුව විසුරවීම හොදයි. අනවශ්‍ය පුද්ගලයින්ට නාම යෝජනා දෙන්න එපා.(හේ)
කාගේ කාගේත් ආයු කාලය වේගයෙන් ගෙවී යනවා .(කේ)
ලංකාවේ මෙතෙක් බිහි වුණ නායකයන් ගෙන් වැඩිම විස්වාසයක් තැබිය හැකි අවංකම නායකයා මෙතුමාය. (ම)
"ගහපු පදේකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ" කියනවාලු (ම)
ඔබයි අපේ අනාගත අගමැති! (නි)
ඔබ රටට වාසනාවන්! (නි)