මත්ද්‍රව්‍ය නිවාරණ සම්බන්ධ තොරතුරු පාසල් විෂයය මාලාවට එක් කිරිමට තිරණය කර ඇත. ඊට අමතරව සෑම පාසලකටම මත්ද්‍රව්‍ය නිවාරණ ශිෂ්‍ය සමිති බිහි කිරිමටත් යයි.
අධ්‍යාපන අමාත්‍යංශය හා එක් වී මෙම කාර්යයන් වහාම සිදු කිරිමට අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (23) පැවැති විශේෂ සාකච්ජාවක දී මෙම තිරණ ගත් බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පැවසීය.
පාසල් විෂය මාලාවට මෙය එක් කිරිමේදී පුරවැසි අධ්‍යාපනය හෝ සෞඛ්‍ය විෂයට අදාළ සිදු කිරිමටත් තිරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොඳ වැඩක් , මේ වැඩේ ඉක්මනට කලා නම් දරු පරපුර ගොඩක් බේරේ .. (ස)
හොඳ වැඩක්. පාසැල තුලින් තමයි හැමදේම පටන්ගන්න ඕනි ! ඒ වගේම මත්ද්‍රව්‍ය නිවාරණ සම්බන්ධ දැඩි නීති තියෙන්න ඕනි ! (ස)
ඔය සල්ලි කෝටි ගණන් හොරකම් කරපුවා, දුෂණ කරපුව,බල්ලට ගියාවේ. අපට අවශ්‍ය වෙන්නේ මත කුඩු උවදුරෙන් අපේ පරම්පරාව ගලවගන්නයි. පිට ගිය සල්ලි සත පහක්වත් ආපසු ලැබෙන්නේ නැති බව විශ්වාසයි. දැන්වත් හොරකම් පයිප්පෙ, දුෂණ පයිප්පෙ,මත්කුඩු පයිප්පෙ වහල මහා ජනතාවට සෙතක් කරන්න. ඔය හොරුන් දඩයම් කිරීමට තව අවුරුදු පනහක්වත් ගත වේවි! (අ)
ඔය මත කුඩු විකුණන ගෙන්වන උන් ටික අල්ලලා විනාශ කරලා දාන්නකො මේක නිකං පය බරවායට පිටකර බෙහෙත් බැඳ වගේ වැඩක් නේ. පාරේ කුඩු තියෙනවා සේල් සේල් කියල .ඉතින් කොහොමද නොදන්නා පොඩි උන් බේරාගන්නේ. මමනම් කියන්න විකුණන අයට අල්ලලා කුඩු පොවන්න ඕනේ. (ස)