(ෂේන් සෙනෙවිරත්න සහ යොහාන් භාසුර)
මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියන එක බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පමණක් නොව පාසල්වලත් අද වන විට සිදු වෙන බවබෞද්ධ හා පාලි විශ්ව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නෙලුවේ සුමනවංශ හිමියෝ පැවැසූහ.
මෙයින් පිළිබිඹු වන්නේ මුළු සමාජයම පරිහානියට පත් වී තිබෙන බව යැයිද අප ප්‍රයත්නයන් දරන්නේ මේ සමාජය යහපත් පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරන සමාජයක් බිහි කිරීමට බව ද උප කුලපති මහාචාර්ය නෙලුවේ සුමනවංශ හිමියෝ පැවසීය .
විශ්වවිද්‍යාලය තුළ විනය කඩකළ ශිෂ්‍යයන්ට එරෙහිව ගත යුතු විනයානුකූල පියවර අප ගන්නවා . මේ වන විටත් ශිෂ්‍යයන් 30 කගේ පන්ති තාවකාලිකව තහනම් කොට තිබෙනවා .
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ඉදිරි කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් මහනාහිමිවරුන්ගෙන් කරුණු දැන ගැනීමටයි අප අද මෙහි පැමිණියේ .
අප මේ ආකාරයට මහනාහිමිවරුන් සිවු නම හමුවි අවශ්‍ය උපදෙස් ලබාගෙන ඉතා ඉක්මනින් විශ්වවිද්‍යාලය ආරම්භ කරන්න කියලයි මහනාහිමිවරුන් අපට උපදෙස් දුන්නේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසස් අධ්‍යාපනය ලැබීම සඳහා විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන සිසුන් සිසුවියන් පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් ඊට වගකිව යුතු වුන්ගේ ශිෂ්‍ය භාවය මුලුමනින්ම අහෝසි කිරීමට පියවර ගත යුතුයි...
විනය තකා පියවර ගැනීමට උන්නාන්සේ දක්ෂයි.
මෙච්චර දෙයක් දැනගෙනත් ඇයි මාධ්‍යයකින් ඕවා එළියට දානකම් ඇස්කන් පියාගෙන හිටියේ...? තමන්ට බලයක් තිබුණේම නැද්ද? කොයි දේටත් වගේ... ඇයි දැන් ඒකටත් මහනායකවරු පස්සේ යන්නේ?