(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ සජීවී දරු උපත් ලක්‍ෂයකට මාතෘ මරණ 30ත් 34ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති, විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය සනත් ලැනරෝල් මහතා පැවසීය.
මෙරට වාර්ෂිකව දරු උපත් ලක්‍ෂ තුනක් පමණ සිදුවන අතර වසරකට මාතෘ මරණ 120ත් 130ත් අතර සංඛ්‍යාවක් සිදුවන බව වෛද්‍යවරයා කීවේය.
මෙරට සජීවී දරු උපත් ලක්‍ෂයකට සිදුවන මාතෘ මරණ සංඛ්‍යාව 2030 වසර වන විට 16 දක්වා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඉලක්කයක් ලබාදී ඇතැයි ද මහාචාර්ය සනත් ලැනරෝල් මහතා ප්‍රකාශ කළේය.
දරු ප්‍රසූතියේදී ඇතිවන සංකූලතා නිසා සිදුවන මාතෘ මරණ ප්‍රමාණය අඩුකරගැනීමේ පියවරක් ලෙස මාතෘ මරණ පිළිබද රහසිගත දත්ත විශ්ලේෂණය කිරීමේ නව වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය මගින් හඳුන්වා දුන් අතර එම අවස්ථාවට එක්වෙමින් ලැනරෝල් මහතා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ සිදුවන මාතෘ මරණවලට හේතු විශ්ලේෂණය කිරීම සඳහා මෙරට භාවිතා වන්නේ වසර 35ක් පැරණි ක්‍රමවේදයක් බවත්, වසර 10ක් තිස්සේ මෙරට සිදුවන මාතෘ මරණ සංඛ්‍යාව එකම සීමාවක පවතින බවත් කී වෛද්‍යවරයා එම මරණ සංඛ්‍යාව අඩුකරගැනීමේ අරමුණින් නව විශ්ලේෂණ ක්‍රමවේදයක් හඳුන්වාදීමට තීරණය කළ බව සඳහන් කළේය.
මාතෘ මරණ පිළිබඳ රහසිගත දත්ත විශ්ලේෂණ ක්‍රමවේදය හඳුන්වාදීම පවුල් සෞඛ්‍ය කාර්යාංශයේදී අද (10) සිදුකෙරිණි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල් ගුණවර්ධන මහතාගේ සහ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය වෛද්‍ය සුසී පෙරේරා මහත්මිගේ ප්‍රධානත්වයෙන් මෙම කාර්යය සිදුකෙරිණි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මාතෘ මරණ ගැන රහසිගත දත්ත විශ්ලේෂණය කිරීමේ අලුත් වැඩක්