රට තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව කාලීන දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික කරුණු ඇතුළත් ‘මෘතෘභූමියේ ගමනක අවසානය’ නම් වූ දේශන මාලාව අද (19) බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ ‘‘අපේ ගම’’ පරිශ‍්‍රයේදී ඇරඹිණි.
ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කර ඇති මෙහි පළමු දේශනය එහි නායක විමල් වීරවංශ මහතා සිදු කළේය.
මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, ලක්මව දියණියෝ සංවිධානයේ ජාතික සංවිධායිකා ප‍්‍රියංගා කොතලාවල, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී රොජර් සෙනෙවිරත්න, කඩුවෙල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහම්, විමල්ගේ හැකියාව, දක්ෂකම, දර්ශනය සහ අධිෂ්ඨානය ගැන ලියන්නත් ලැජ්ජයි මට. ඇමරිකාවට බැන බැන බිරිඳව හොර පාස්පෝර්ට් වලින් ඒ රටවලටම යවනවා. යුරෝපයට බැන බැන එහෙ ගිහිල්ලා ලංකාවේ ආණ්ඩුවට බනිනවා. එල්ලෙන්න වැල් නැහැ දැන්. (නි)
මොහුට සියල්ලම පෙනෙන්නේ කුමන්ත්‍රණ ලෙසයි. (නි)
විමල් වගේ අය තව දහදෙනෙක් හිටියා නම් ඇති මේ රට ගොඩගන්න (නි)
මම නම් මොහුට කැමති නැහැ (නි)
අලුත් ගමනක් අරඹමු ... කියලා නම දැම්මා නම් මීටවඩා හොඳයි නේද? (නි)
එතකොට අපිට විදේශ ගමන් බලපත්‍ර අරගෙන කොහේ යන්න වෙයිද දන්නේ නැහැ (නි)
දහස් ගණනින් රැස්වෙත්වා! (නි)
සූ ගාලා සෙනඟ හෝල් එකම පිරෙන්න. මාතෘ භුමියේ අවසානය කෙසේවෙතත් තමුන්ගේ දේශපාලනයේ අවසානය නම් ඉතාම ළඟ බව මුළු රටටම පෙනෙනවා දැන් හොඳටම. (නි)
විමල් මහත්තයෝ, මේ තරම් දේශද්‍රෝහීන් සිටින රටක් බේරාගන්න උත්සාහ කරන්න යන්න එපා. ඕනෑදෙයක් වුණාවේ කියලා අත්හැරලා දාන්න. යහපාලනයට රටේ ජනතාවගේ ධනය විතරක් නොවේ දේශයත් ගිලගන්න ඉඩ හරින්න. (නි)
මේ වගේ තව එක් කෙනෙක් හිටියා නම් කොහොමත් රටේ අවසානය තමයි. (නි)
මහතාණෙනි, ඔබේ උත්සාහයට අපේ සුබ පැතුම්! (නි)
මෙතුමාගේ සංකල්ප හොඳයි. නමුත් ක්‍රියාවෙන් නම් නම කැතකරගෙන ඉවරයි! (නි)
මෙම දේශනයේ මාතෘකාවට මම නම් කැමති නැහැ (නි)
විමල් සහෝදරයාට ජයවේවා! (නි)
ගමනක අවසානය වුවත් එය මාතෘ භූමියේ නොවේ (නි)
විමල්, ගම්මන්පිල සහ දිනේශ් වැන්නන් මඩේ සිටවූ ඉනි සේ හතර අතට නැමුනේ නැත. ඇමතිකම් හමුවේ කශේරු ස්ථම්භය උගස් තැබූවේ නැත. ඔබට සුබ පැතුම්! (නි)
ඔය දේශනා මාලාව අවසන් වෙන්නේ ජපානෙන්ද? නැතිනම් ඉතාලියෙන්ද? නැහැ මම අහන්නේ මේ පාවිච්චි කරන ගමන් බලපත්‍රය ගැන දැනගන්න (නි)
මහින්ද සමග විමල් ආණ්ඩුව තිබුනානම් රට අවසන්.දැන් අපිට අපේ රට තියෙනවා. (බ)
මාතෘ භුමියේ ගමනක ආරම්භයයි මේක. අවසන් ගමන් යමින් හිටියේ. යන්තම් බේරුනා ලංකාවේ මිනිසුන්ගේ වාසනාවට. (නි)
චින්තක, ඔයාට යමක් තේරුම්ගන්න ශක්තියක් නැද්ද? (නි)
අසුබවාදීව හිතන්න එපා (නි)
මොහු කෑගහන්නේ ඔහුගේ පැවැත්මට පමණි. අහගන ඉන්න තරුණ දේශපාලනයක් මොහු ළඟ නැත. කාලය කා දමන්ඩ එපා. (බ)
ලලිත්,එක එක රටවලට යන්න වෙන වෙනම පාස්පෝර්ට් ඕනෑ නැහැ (නි)
සමහරුන්ගේ දේශපාලන ගමනේ අවසානයේ ආරම්භයද කොහෙද (නි)
අසුබවාදී අරමුණකින් අරඹන වැඩක් කවදාද හරිගියේ? (නි)
රටේ ජනතාව මෝඩයෝ කියලා හිතාගෙන කරන බොළඳ ක්‍රියාවක් ලෙසයි මම මෙය දකින්නේ. කොයි කාගේත් කෙරුවාව ගැන රටේ ජනතාව හොඳින් හඳුනාගෙන තිබෙන බව පසුගිය මැතිවරණ වල ප්‍රතිඵල වලින් පැහැදිලිවුවා. ඉදිරි මැතිවරණයකදී ලැබෙන ප්‍රතිඵලය තවත් වෙනස් වෙන්න ඉඩ තිබෙනවා. ඒක මේ වගේ බොරුවලින් රැවටුණු ජනතාවගේ ප්‍රතිඵලය නොවෙන්න පුළුවන්. (නි)
අපි පතනවා හොරුන්ගේ සහ කම්බ හොරුන්ගේ අවසානය වේවා කියලා (නි)
සන්ධානෙට එකතු නොවුනානම් ඔබේ දේශපාලන ගමන අවසන්වී බොහෝ කල් ඔබව ළංකරගත් නිසා අපරාදේ මහින්ද මහතාගේ ගමන අතරමග. (බ)
මෙයා කියපු හැටියට දැන් මහින්ද විදුලි පුටුවේ අලුවෙලා. දැන්වත් කට වහනවා නම් හොඳයි. (නි)
අර හදල දුන්න ගෙවල් වලට සල්ලි දීලම ඕක පටන් ගත්තනම් තමා හොද (බ)
විමල්ගේ හැකියාව, දක්ෂකම, දර්ශනය සහ අධිෂ්ඨානය විශිෂ්ටයි. කුහකයෝ අපහාස කළාට දැනට රටේ සිටින ජනතාව වැඩියෙන්ම ආදරය කරන නායකයෙක්. මනාප ප්‍රතිපල වලින් එක හැමදාම ඔප්පු වෙනවා. රටේම මනාප තරගයක් රනිල්, සිරිසේන, විමල් අතර තිබ්බොත් දැන ගන්න පුළුවන් කවුද වැඩියෙන්ම ජනප්‍රිය කියල. (බ)
විමල් හිතන්නේ රටේ ඔක්කොම තණකොළ කන අය කියල. පැටිකිරිය දන්නා හැමෝම දන්නවා එයා කව්ද කියල.. ඉස්සෙල්ල තමන් ආදර්ශමත් චරිතයක් වෙන්න බලන්න..(බ)
කියන්නේ දේ හරිද නැද්ද කියල තේරෙන්න හරියට මොලයක් තියෙන්න ඕනේ. මොලේ උඩ ඉඳගෙන ඉන්න අයට එ්ක තේරෙන්න නැහැ. (බ)
දේශන තියන්න මෙයා මහාචර්යවරයෙක්ද? තමන් දන්නේ නැහැ තමන් මොනවද කරන්නේ කියලා (බ)
විමල් ට බනින අය ජාතික මතය කියන්නේ මොකද්ද කියන්නේ කියල හොයල බලන්න...කොච්චර බැන්නත් යුද්ද කළ රට මතය හදන්න ඔබ කළ දේවල් අනර්ඝයි...(බ)
දහම් විමල්ට කිව්වා නම් එයාගේ පක්ෂෙන් ඡන්දෙ ඉල්ලන්න කියල අපිට බලා ගන්න තිබුන එයාගේ ජනප්‍රියකම. (බ)
ඔයාලත් එදා යුද්ධය දිනීමෙන් පසු පවුල්වාදය තර නොකර පිස්සු නටන්නේ නැතුව ,එකම නීතියක් යටතේ කාටත් සාමයෙන් ජීවත්විය හැකි රටක් හැදුවා නම් අද මේ රට විදෙස් අතකොළුවක් වන්නේ නැත. අද රටට වෙන විනාශයට ඔබත් වගකිව යුතුය. මාතෘ භූමියේ අවසානය කියන එක මුලට අපේ වරද නිසා කියලා දැම්මොත් වඩාත් හොඳයි නේද? (නි)
මම නම් කියන්නේ ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර වල ඉරණම යන්න මෙතුමාට වඩා සුදුසු මාතෘකාවක් (බ)
අන්න අරහේ සීපා අත්සන් කරනවා. කෝ මෙයා දැන් එකට කතාවක් නැද්ද? (බ)
මේ තරම් බුද්ධිමතා මොකද 9 පන්තියෙන් උඩට යන්න බැරිවුනේ ?කොටු පනින උදවියට ගෙවල් දීලා නඩු ළග නිසා අවසානය ළගයි තමා. (බ)
ඕවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට. (නි)
කාගේ අවසානයද කියලා අපි බලමුකෝ (නි)
මාතෘභූමියේ අවසානය ප්‍රාර්ථනා කරන විමල් වීරවංශ රටේ වීරවංශය ලියලා ඉවරයිද? (ර)
නිකන් ජනතාව අන්දවන්නේ නැතිව ඉන්න. (ර)
මේ කරන කියන දේවල් වල හැටියට "විමල් සහෝදරයාගේ දේශපාලන ගමනක අවසානය" කියලා දැම්මා නම් කාටත් පහසුවෙන් තේරුම් ගන්න තිබුණා.දිවංගත බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ජීවිතය අලලා නිපදවූ "ගමනක අවසානය" චිත්‍රපටිය නොතිබුණා නම් මෙයාලගේ රැස්වීම් වලට හුළං තමා... (නි)
මෙයා ගැන අපි කතාකරන්න කැමති නැහැ (නි)
සුබ පැතුම් ඔබට (බ)
මාතෘ භුමියේ ගමනක අවසානය සිදුවෙනවා තමයි නුසුදුස්සන් දේශපාලනයට ආවහම (නි)
පව් කියලා හිතෙනවා (නි)