(ඇන්ටන් විජේරත්න මහනුවර සිට) - ජූනි මස 26 දිනට යෙදෙන ජාත්‍යන්තර අමද්‍යප දිනයට සමගාමීව මහනුවර උසස් බාලිකා විදුහලේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය සංවිධානය කරන මත් නිවාරණ වැඩසටහන මහනුවර ඇඩික් ආයතනයේ ප‍්‍රධාන දේශක ඉන්දික රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජූනි 23 දින උදේ 9.00ට විදුහල් ප‍්‍රධාන ශාලාවේ දී පැවැත්වීමට යයි.
විදුහල්පතිනි එම්.අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත සංගම් භාර හිරන්ති හිග්ගොඩ මහත්මිය ඇතුළු මත් නිවාරණ කමිටුව සංව්ධානය කරන මෙම වැඩසටහනට පිළිමතලාව අලදුවක කනිෂ්ඨ විදුහලේ සිසුන් ඇතුළු ආරාධිත පාසල් රැසක් සහභාගි වනු ඇත. ලෝක අමද්‍යප දිනයට පූර්වගාමී ව පවත්වන ලද චිත‍්‍ර හා පෝස්ටර් තරගයේ ජයග‍්‍රාහිකාවන්ට තිළිණ හා සහතික ප‍්‍රදානය ද සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිස්සු වැඩ නැතිව ඉස්සෙල්ලම ඉස්කාගාර වහල දාන්න බොරුවට මතට තිත කිය කියා ඉන්නෙ නැතුව (නදී)
රටේ ලොකු ලොක්කන්ට මතට තිත සමරන්න වෙන්න ඇති ලක්ෂ නවයේ බ්‍රැන්ඩි බෝතල් ගෙනල්ල තියෙන්නේ.(නදී)
මත් නිවාරණය සඳහා ප්‍රථමයෙන්ම දේශපාලුවන් දැනුවත් කල යුතුයැයි විශ්වාස කරමි. (නදී)
මත්පැන් බාවිතා නොකරන අයට නම්බු නාමයක් ලබාදෙන රජයේ වැඩ පිළිවෙලක් ආරම්බ කරන්න. මේ සදහා හැදුනුම්පතක් ලබාදී ඔවුනට ප්‍රථම අවස්ථාව ලබාදෙන්න. අපේ ජනාධිපතිතුමාගේ අවදානයට යොමුවේවා .මේ රට මත් රකුසාගෙන් බේරාගමු කෝ. (නදී)