නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කරන දේශපාලනඥයන්ට තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (9) ජාඇළ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට එක්වෙමින් පැවසීය.
විදේශ රටවලින් ලංකාවට එවන භාණ්ඩ සම්න්ධ වගකීම් දරන රජයේ දෙපාර්තමේන්තු දෙකක නිලධාරීන් පිරිසක් දීර්ඝකාලීනව සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයිද ජනපති එහිදී කීවේය.
අතුරලියේ රතන හිමි, රාජිත සේනාරත්න, ජෝන් අමරතුංග, ජෝෂප් මයිකල් පෙරේරා, ඒ.එච්.එම්.පවුසි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන හිටපු පාර්ලිමේන්තු මැති ඇමැතිවරු රැසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම වගකීමෙන් කියන්නේ ....මම ඉතා පැහැදිලිව කියනවා.....ඔබ තුමාව ජනාධිපති කරවන්න දගලපු අපිට වහ කන්න සිද්ද වෙනවා කියලද?(ම)
සුදෙල්මි.මටනම් තවත් කියන්න,ලියන්න දෙයක් ඉතිරි කරලා නැහැ.විශ්වාසය කියන එක බින්දුවටම බස්ස ගත්තා.(ම)
ජනාධිපති වෙලා රාජපක්ෂලාගේ කෙනෙකුට ලේකම් තනතුර දෙනකොටම මට හිතුන රටට විනාසයක් අත ලගයි කියලා.ඒක අද සත්‍ය වෙලා.(ම)
ඔය වැඩේ හරිම හොදයි. හැබයි ඔය ඔක්කෝගේම ආදර්ශය හරිම වැදගත්. පුළුවන්නම් ඔය ඉහල සිට පහල ස්තරය දක්වා රජයේ ආයතන වල නිළධාරීන් තම තමන්ගේ උස්සව අවස්ථාවල මතින් තොරව උස්සව පවත්වල පෙන්නන්නකෝ.(මගුල් අවමගුල්).. එවිට රටටම ආදර්ශයක්වේවී. (ර)
අපි බලාපොරොත්තු වුණ යහපත් පාලනය හීනයක්.. මෙතුමාත් මහින්ද මහත්තය වගේම ජනතාව ගොනාට අන්දනවා ... අපේ සිහින ය සිහනයක්ම පමණයි (ම)
ඉස්සල්ලා ඔය උපදේශකට දඩුවම් දෙන්න වචන විතරක් මදි (ම)
මම වගකීමෙන් කියන්නේ ...........(ම)
මම ඉතා පැහැදිලිව කියනවා.........(ම)
දැන් ඔබ විශ්වාසය කඩලා අවසානයි . ඔබ මොනවා කිව්වත් අපි පිළිගන්න නෑ (ම)
ක්‍රියාවෙන් මෙතෙක් කිසිම දෙයක් කරලා නැහැ. කතාව විතරයි. (ර)
කතාව දෝලාවෙන් . ගමන පයින් (ම)
අපි ඔබව විශ්වාස කරනවා (නි)
මෙතුමා කියන ඒවා මේ රටේ එකම එක මිනිහෙක්වත් විශ්වාස කරන්නේ නැහැ. ඒක රටකට හොඳ දෙයක් නෙවෙයි.(ම)
මහත්තයෝ අද හෙට දුමින්දටත් නාමයෝජනා දුන්නහම ඔබතුමා කියනදේම කරන දේසපාලුවෙක් කියල අපි පිළිගන්නම් (බ)
ස්ථිරෙටම දැනගෙන පසුව රටටම දැනගන්න කියන්න ඒ කවුද කියලා (නි)
අපිට දැන් අවශ්‍ය වැඩ වැඩ වැඩ... (නි)