මැති ඇමතිවරුන්ට ජනතාවට සේවය කිරීම සඳහා පහසුකම් අවශ්‍ය බවත් ඔවුන්ට එවැනි පහසුකම් ලබාදෙන විට විපක්ෂයේ අය බොරු විවේචන කරමින් ජනතා ප්‍රසාදය ලබාගැනීමට උත්සාහ කරන බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පැවසීය.
අද විපක්ෂයේ සිටින අය ආණ්ඩු පක්ෂයේ සිටිය දී හිරිකිතකින් තොරව එම වරප්‍රසාද භුක්ති විඳි බව කී ප්‍රධාන අමාත්‍යවරයා අපේ රටේ දේශපාලකයින්ගෙන් බහුතරයකට බලය තිබෙන විට මොළයත්, මොළය තිබෙන විට බලයත් නැති බවද සඳහන් කළේය.
පසුගියදා බියගම ප්‍රාදේශීය සභා බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමේදී ඇතිවූ සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළ සංවර්ධන කටයුතු පක්ෂයේ අයටම විවෘත කරන්න ලැබීම ගැන ඒකාබද්ධ විපක්ෂය සමග සිටින නගර හා ප්‍රාදේශීය සභා මල්ලිලාත් අයියලාත් සතුටු විය යුතු බවත් ඒවා විවෘත කිරීමට තමාට සහ ෆයිසර් මුස්තාපා ඇමතිවරයාට අයිතියක් ඇති බවත්ය.
ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මේ බව පැවසුවේ කොළඹ 07, ශ්‍රාවස්තියේ ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුව නැතුව...ඔතනට ආවේ සැප විදින්නනේ.....සැප වාහන ගෙවල් වරප්‍රසාද,රට සවාරි,තව මොනවද අප්පා අඩු. (බ)
දුක් විඳගෙන අතේ වියදමින් ජනතා සේවයට කැමති අය පමණක් මින් පසු පාර්ලිමේන්තු යවන්න නීති සංශෝධනය කරමු. (බ)
එතකොට මුන්ව පත්කර ඔතනට එවුපු අහිංසක මහජනතාවට පහසුකම් අවශ්‍ය නැතිද? කාටද මේ දුක කියන්නේ ? (බ)
එනකොට නම් ආවේ පොළොන්නරුවේ ඉඳලා රට පාලනය කරනවා කියල. දැන් රොත්ත බුරුත්තම කොළඹට වෙලා සැප ඉල්ලනවා. (බ)
යම පාලනයේ තවත් සමාජ සත්කාරයක්!! (බ)
මහා ඉහළින් ඉටුකරන ජනතා සේවයට ජනතා උපහාරය ළඟදීම ලබාදෙනවා (නි)
හොඳක් නම් නොවේවා මොවුන්ට! මහජන මුදල් කාබාසිනියා කරන මොවුන් ගැන ඇත්තේ පුදුම තරහක් (නි)
කිත්සිරි, දේශපාලන ඉතිහාසය දන්නේ නැත්නම් නොදන්නා විදිහට ඉන්න. 1977 පළමුව දේශපාලනය කළ බොහෝදෙනා දුක්විඳගෙන අතේ වියදමින් ජනතා සේවය කළා. ඔවුන් දේශපාලනය කළේ නම්බුවට මිස සල්ලි හොයන්න නොවෙයි. දැන් ඉන්න අය එන්නේ පරම්පරා ගානකට හම්බ කරන්න. මෙරට පාලනය කරන්න දේශපාලුවෝ දෙසිය ගානක් ඕනෑද? ඔවුන්ට සැපදෙන්න අපි දුක් විඳින්න ඕනෑද? (නි)
ඔහොම යනකොට තව මොනවා ඉල්ලයිද දන්නෙ නැහැ ඉස්සරහට (නි)
මේ පරපෝෂිතයන් වෙනුවෙන් මොවුන්ට කඹුරන්නද අපට කියන්නේ? භංගවේවා! මම නම් මගේ පවුලේ අයත් සමඟ මොවුන්ගේ හතර වරිගේ ගෑවුණ කෙනෙකුට ආයෙත් නම් ඡන්දයක් දෙන්නේ නැහැ (නි)
මැති ඇමැතින්ගේ තව තව වැඩිකර පඩිය - මර බදු ගහන යහ පාලනයට වැඩිය - යහපති මහින්දගෙ කුනුවුන වැල ගෙඩිය - යන මේ මතය නැග එයි අඩියෙන් අඩිය (බ)
මහජන අදහස් වලට අනුව නම් මිනිසුන්ට ඉක්මනින්ම එපාවුණ ආණ්ඩුව වගේ. කයිවාරුවෙන් හා වැදි බණ වලින් රටක් සංවර්ධනය කළ නොහැකි බව තේරුම් ගතයුතුයි. මිනිසුන්ගේ සීමාව ඉක්මවනතුරු ඉන්න එපා. (නි)
මේ මිනිසුන්ට පුළුවන් නොමිලේ ජනතා සේවයට එන්න. රට වෙනුවෙන් රටට ආදරේ තියෙන එක මිනිහෙක් ඔය පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් මේවට විරුද්ධව නැගිටින්න... පුලුවන්නම් කරලා පෙන්වන්න (නි)
මේවා ගැන කතාකරන්න යන කාලයත් අපරාදේ (නි)