
(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් විවිධ හේතු මත රට හැර යෑමේ සූදානමක පසුවන බව වාර්තා වේ.
යම් යම් හේතු මත කලකිරුණු කිහිපදෙනෙකුද ඒ අතර සිටින බව දේශපාලන ආරංචිමාර්ගවලින් පැවසේ.
මේ අතර රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මාස තුනක කාලයක් සඳහා ජපානයට ගොස් සිටින අතර රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාද විදේශයකට ගොස් සිටින්නේය.
රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් මාස තුනක කාලයක් සඳහා නිවාඩුව පාර්ලිමේන්තුවද පසුගියදා අනුමත කළේය.
අමාත්‍යංශයේ කටයුතු සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින නිමල් ලන්සා මහතා යම් කාලයක් සඳහා මෙලෙස විදේශයකට ගොස් සිටින්නේ යම් මානසික විවේකයක් අපේක්ෂාවෙන් බව ඒ මහතාට සම්බන්ධ ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර ඇමැති තනතුරු නොලැබීම නිසා කලකිරීමට පත්ව සිටින ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් දේශපාලන කටයුතුවලින් ඉවත්වී විදේශගත වන බවට සිය හිතවතුන්ට දැනටමත් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාද දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය බාර ගැනීම සඳහා පසුගියදා පිටත්ව ගියේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු ගියත් වැඩක් නැහැ කපුටාස් ගියේ නැතිනම්. ලංකාවම විනාසයි.. කපුටු කාක් කාක්..!
හොරකං කරපු සල්ලි, හොරකං කරගෙන යන්න ඉන්න සල්ලි තියලා යන්න..
මෙයාලා රටින් පැනලා යන්න කලින් අල්ලලා ගස් බදින්න ඕනෑ රටට කරලා තියෙන විනාශයට...
ඇමතිකම්වවලින් හම්බ කරගත්ත දේවල් වියදම් කරලා විනෝද වෙන්නත් එපැයි. රටට නම් පාඩුවක් නෑ. හොරකම් කරලා ඇට්ටර වුණු අය ඉවත්වෙලා තරුණ කොටසක් දේශපාලනයට එනවා නම් හොඳයි. හැබැයි පාතාලයින් නොවෙයි. වැදගත් අය... ඡන්දය දෙන අය තමයි ඒක බලාගන්න ඕනෑ.
ලංකාවෙ ආදායම තමන්ගේ ගිනුම්වලට දාගෙන, ලංකාව දුප්පත් කමේ පතුලටම වැටුණාට පස්සේ ඒ අය තමන්ගේ බැංකු ගිණුම්, ඉඩකඩම් තියෙන රටවල්වලට පැන ගනී...! දුප්පත් මිනිස්සුන්ට මැරෙන්නයි වෙන්නේ...!!!
එයාලටත් ජීවත් වෙන්න මාර්ගයක් තියෙන්න එපැයි... සෞදියේ නම් රියදුරු ඇබෑර්තු ඕනැතරම් තියෙනවා.
මේක තමයි, මෙයාලගේ අලුත්ම පොට...!
ලෝක හොරු... රටත් කෑවා, පවුලත් කෑවා...
ඔව් ඔව්, මුන්දැලා ලංකා රථයේ රියදුරු වැඩේ කරලා වෙච්චි දේවල් පේනවා නේද? ඉතින් මුන්දැලා මොන රටේවත් රියදුරු වැඩේට නම් ගන්නේ නැහැ. කොහේ හෝ ෂෙඩ් එකකට පැනගත්තොත් ආපසු ඇවිල්ලා ජනාධිපති වෙන්න පුළුවන් කියලා අත්දැකීම් තියෙනවනේ ඒ වැඩේට ට්‍රයි කරන්න...
යුක්රේනයටවත් ගියොත් ගහයි නේද?
රටේ මිනිස්සුන්ට කන්න ගන්න, පොදු වාහනේට ඩීසල් ගහන්න, තෙල් ගන්න, කුඹුරේ අස්වැන්න නෙලාගන්න, කොළමඩින යන්තරේට ගහන තෙල් ගන්න වගේ පොදු වැඩවලට ඩොලර් නැහැ. රට කාබාසිනියා කරන අයට සැපගන්න ඩොලර් තියෙනවා..
කොහොමත් හොර පවුල් රටින් පනින්න තමයි රටේ දේවල්ටික විකුණුවේ විමල්ලයි, ගම්මගෙයි ආරාධනාව පිළිඅරන් මෛත්‍රීට හේත්තුවෙලා ආයෙත් බයිලාවලින් ජීවත් වෙයි.
නම් ටික හෙළි කළොත් දැනගන්න පුළුවන්, සල්ලි ගහපු අය ගැන...
කොහොමත් අවසානයේ වෙන්නේ හොරාකාපු සල්ලි අරන් රටින් පනින එක තමයි.
පේනවා නේද පාලකයෝ සහ සාමාන්‍ය ජනතාව අතර වෙනස... මේ අයට ඡන්දෙ දෙනකොට මේ පාරවත් මොලේ හරියට පාවිච්චි කරන්න. මේ අය මානසික සුවයට රට යනවා. නිවාඩුවලට රට යනවා. බෙහෙත් ගන්න රට යනවා. අපේ ජනතාවට හැම දේටම අපේ රට විතරයි. මේ කාලකණ්ණි ඔක්කොම එළවන්න ඕනෑ.
යන්නම යන්න...
වහල්ලුන්ට දැන් තියෙන්නේ ඉස්සරහට තමන්ට වාසියක් වෙන අලුත් කට්ටියකට ආවඩන්න පටන්ගන්න තමයි. යුක්රේනයේ ජනපති ඇතුළු සියළු ඇමැතිවරු යුද ගිනි මැද ඒ නගරයේම අධිෂ්ඨානශීලීව ඉන්නවා. අපේ රටේ හමුදාවේ දුප්පත් පවුල්වල කොල්ලෝ සහ එල්.ටී.ටීයේත් එවැනිම දුප්පතුන් යුද ගිනිවලට දන් දුන්නේ හැමවිටම එක්තරා කණ්ඩායමක් තම මතවාද උලුප්පා තම ඇඟ බේරගෙන සුරසැප විඳිනකොටයි. දුප්පතුන් ඒ අයගේ අතේ නැටවුණා. මේ රටට හරියන්න නම් පොදු ජනතාව පවා යුක්රේන ජනතාව මෙන් ප්‍රතිපත්තිගරුක විය යුතුයි. තමන්ට කොයි වගේ රටක්ද අවශ්‍ය කියා තමන් නිර්භීතව ප්‍රකාශ කළ යුතුයි. මෙවැනි හැසිරීමක් පෙන්වන්න අපේ උගත් පිරිසගෙනුත් ටිකයි සමත් වී ඇත්තේ...!
මේ අයට නම් එහෙම හිතුණු වෙලාවට රට රටවල යන්න ද්විත්ව පුරවැසිකම හරි තියනවා. කාපු රටේම ඉතින් අපි ඉන්න එපැයි...!
අපිත් කළකිරිලා ඉන්නේ, අපි කොහෙද යන්න ඕනෑ? වලපල්ලට තමයි... මේ කාලකණ්ණි ක්‍රමය වෙනස් කරන්න දැන්වත් වහල්කම් අතඇරලා ජනතාව පෙළ ගැහෙන්න ඕනෑ..
හිත රිදුණාම, අසනීප වුණාම, නත්තල් අවුරුදු කාලය උදා වුණාම මෙයාලා රට යනවා. කොයි රජයේ සේවකයාටද ඔහොම මාස දෙක, තුන නිවාඩු ලැබෙන්නේ..? කළකිරීමක් තියෙනවා නම් පැත්තකට වෙලා ඉන්න එකනේ තියෙන්නේ... ඔය 225න් මනුස්සකම තියෙන අය කිහිප දෙනයි ඉන්නේ.. වැඩිදෙනා වාසිකාරයින්. ඡන්දෙ දෙන අය දැනගන්න ඕනේ පාස්පෝට් තියෙන අය පාර්ලිමේන්තු ඇවිත් කරන්නේ ජොබ් එකක්.. ඒක අවුරුදු 5ක් කරලා විඳින සුරසැප ලාභ ප්‍රයෝජන අරගෙන පරම්පරා 7,8 කට හම්බ කරගන්නවා. ඒ නිසා ඩුවල් පාස්පෝට් කාරයින් පාර්ලිමේන්තු යවන්න එපා..
කෝ අපේ බමුණා? රට බේරගන්න ආපු සෙට් එක... දැන් සැපද?
රටට හරි පාඩුවක් නේද?
හිටියා කියලා වැඩකුත් නෑ ඉතින්.... ඒ අයට සල්ලි තියෙනවා. ඒ නිසා සැප ගන්නවා. රටේ මිනිස්සු දුක් විඳිනවා.
225 දෙනාගෙන් අතළොස්සක් හැර අනෙක් හැම කෙනාම මේ රටින් තොලොංචි වී යනවා නම් ඔවුන් කරන්නේ මේ රටට විශාල සේවයක්... පාර්ලිමේන්තුවේ වැඩිපුරම සිටින්නේ ජෝකර්ලා සහ අමනයින්ය... රට ගැන සිතා සැබෑ දේශප්‍රේමීන් ලෙස දේශපාලනය කරන අය සිටින්නේ දහ පහළොස් දෙනාටත් අඩුවෙන්ය...