
(සුජිත් හේවාජුලිගේ)
මැති ඇමතිවරුන් පනස් හය දෙනකු සිය නවාතැන් වෙනුවෙන් රුපියල් ලක්ෂ තිස් හතක පමණ මුදලක් (හිඟකුලි) ගෙවීම පැහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
පසුගිය 2015 වර්ෂයේ සිට එන ලක්ෂ දාහතරකට ආසන්න ශේෂ 19ක්ද ඒ අතර වන බව වාර්තාවේ දැක්වේ.
මේ අතර සමුළු නිවාස 35කින් පසුගිය වසරේ දෙසැම්බර් 31 වනවිට ලක්ෂ 23 කට ආසන්න මුදලක් අයකරගෙන නොතිබූ බව සඳහන් කරන වාර්තාව ජය වඩන ගමන නිවාසවල 2012 සිට 2021 දක්වා පදිංචිව සිටි රජයේ නිලධාරින් 18 දෙනෙකුගෙන්ද කෝටියකට ආසන්න මුදලක් අය කරගෙන නොතිබූ බව ප්‍රකාශ කරයි.
තවද ආයතන තිස් දෙකකින් ගොඩනැගිලි කුලී වශයෙන් කෝටි 33කට වැඩි මුදලක් අමාත්‍යාංශයට ගෙවා නොතිබූ බව වාර්තාව සඳහන් කරයි.
එම හිඟ කුලී මුදලින් සියයට දහඅටක් එනම් කෝටි හයකට වැඩි මුදලක් අයවීමට ඇත්තේ අමාත්‍යාංශය යටතේ පාලනය වන රජයේ බංගලා සංචාරක භංගලා සහ නිල නිවාස වලින් බව විගණන වාර්තාව සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැති ඇමති පනස්හයක් සහ පදිංචිව සිටි රජයේ නිලධාරින් ගෙවල් කුලියට පොලු තියලා’ නම් එම මුදල ඔවුන්ගේ වැටුපෙන් අයකරගන්න ක්‍රමවේදයක් හදුන්වා දීම තුල ගෙවල් කුලිය ඍජුවම රජයට ලැබෙනු ඇත
බලන්න.. මේ කියන කාලය තුල මාරුවෙන් මාරුවට රට පාලනය කලේ කව්ද කියලා ...කොච්චර කිව්වත් මහපක්ශවල ඉන්නේ ලෝක හොරු, නැත්නම් පොලුකාරයෝ කියන එක තේරුම් ගන්න බැරි අවාසනාවන්ත ජාතියක්...මීවා දැක දැකත් උන්ට කඩේ යනවා..මාලිමාවේ මිනිස්සු බෙරිහන් දෙන්නේ මෙන්න මේවට...
වරද තියෙන්නෙ පාර්ලිමේන්තුවේ මංත්‍රී වැටුප් සැකසීම කරන අයගේත් ඇමතිලාගෙ වැටුප් සකසන අයගේත් අතේ තමයි ගෙවල් දෙනවිට ඉල්ලීමක් අනුව දෙන නිසා වැටුපෙන් අය කරන්න කැමැත්ත අවශ්‍ය නැහැ කොහොම හරි මැති ඇමතිලා පමණක් නොවෙයි පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩලයේ අයත් රජයට අයවිය වීමට ඇති මුදල් ගැන අවධානයක් නැහැ කියලා පේනවා
තවමත් මුන්ට කතිරෙ ගහන්න හිතාගෙන ඉන්න අන්ධයො බීරො හරිනං ඉන්න ඕන අංගොඩ නේද?