IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


මැති ඇමති පුත්තු ඥාතීන් 72 කට ජනපති අරමුදලෙන් රට ශිෂ්‍යත්ව තෑගි බෙදලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

දුප්පත් ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් පිහිටුවා ඇති ජනාධිපති අරමුදලෙන් පසුගිය කාලයේදී මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන් පිරිසකගේ දරුවන් ඥාතීන් සහ හිතවතුන් 72 කට වැඩි පිරිසකට රුපියල් කෝටි විස්සකට වැඩි වටිනා විදේශීය ශිෂ්‍යත්ව ලබාදී ඇතැයි නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය

ඔහු මෙසේ පැවසුවේ මහතා බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගෙන් අසා තිබූ ප්‍රශ්නයකට ඇය වෙනුවෙන් පිළිතුරු ලබාදෙමිනි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්චන්ද්‍ර රාජකරුණා මහතා හර්ෂණ සුපුන් රාජකරුණා වෙනුවෙන් 2005 වර්ෂයේදීද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාසේන කොඩිතුවක්කු මහතා අයි.එන් කොඩි තුවක්කු වෙනුවෙන් 2006 වර්ෂයේදීද පාර්ලිමේන්තු මන්ත්‍රී බී රාද ක්‍රිස්ණන් මහතා 2006 වර්ෂයේදී කේ රාද ක්‍රිෂ්ණන් මහත්මිය වෙනුවෙන්ද දිනේෂ් දොඩන්ගොඩ මහතා 2006 වර්ෂයේද කේකේ පරණවිතාන මහතා 2006 වර්ෂයේදීද ජනාධිපති අරමුදලෙන් මෙසේ විදේශ ශිෂ්‍යත්ව ලබාගෙන ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

ජනාධිපති අරමුදලෙන් හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන්ගේ දරුවන් ඥාතීන් සහ හිතවතුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් විදේශ ශිෂ්‍යාධාර ලබාදීමට 2015 වර්ෂයේදී කෝටි හතකට වැඩි මුදලක්ද 2006 වර්ෂයේ දී කෝටි හයකට වැඩි මුදලක්ද 2007 වර්ෂයේ දී 42 දෙනෙකුට කෝටි තුනකට වැඩි මුදලක්ද 2008 වර්ෂයේ දී 18 දෙනෙකුට කෝටියකට වැඩි මුදලක්ද 2009 වර්ෂයේදී සිව් දෙනෙකුට ලක්ෂ තිහකට වැඩි මුදලක්ද 2010 වර්ෂයේ දී තුන්දෙනෙකුට ලක්ෂ තිහකට වැඩි මුදලක්ද 2011 වර්ෂයේදී දෙදෙනෙකුට ලක්ෂ දහයකට වැඩි මුදලක්ද 2012 වර්ෂයේදී දෙදෙනෙකුට ලක්ෂ තිහකට වැඩි මුදලක්ද 2014 වර්ෂයේ දී එක් කෙනෙකුට ලක්ෂ හතකට වැඩි මුදලක්ද මෙසේ වැය කර ඇති බව කර්මාතිලක මහතා පැවසීය.

 



අදහස් (9)

මැති ඇමති පුත්තු ඥාතීන් 72 කට ජනපති අරමුදලෙන් රට ශිෂ්‍යත්ව තෑගි බෙදලා

ලුම්බිණි Wednesday, 06 August 2025 07:44 AM

දැන් බලන කොට ඒ ගොල්ලම බෙදා හදාගෙන කාලා .

:       0       40

Achi Wednesday, 06 August 2025 08:07 AM

පව් දුප්පත් හින්දා වෙන්න ඇති දෙන්න ඇත්තේ

:       0       33

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 06 August 2025 09:04 AM

අනේ වාසනාවන්. මේ හිටපු මැති-ඇමැතිවරුවරුන්ගේ දරුවන් විදේශගතව අධ්‍යාපනය ලබලා, මේ රට ආසියාවේ ආශ්චර්යය නෙමෙයි, මුළු ලෝකෙම ආශ්චර්යය බවට පත්කරන්න තමයි මේ මෙපමණ මුදලක් ජනපති අරමුදලෙන් විය-හියදන් කරලා තියෙන්නේ. ඒක නිසා දුප්පත් ජනතාවට කියන්න තියෙන්නේ 2048 වෙනකල් පටි තදකරගෙනම හිටපල්ලා, නැත්නම් කැමතිවිදිහකට තොලොංචි වෙයල්ලා කියලා තමයි

:       1       33

පන්සිළු Wednesday, 06 August 2025 09:30 AM

එහෙම රැගෙන තිබෙනවා නම් ඉතා වැරදිය. නමුත් මොවුන්ගේ සෑම හෙළි කිරීමක්ම නිවැරදි යැයි විශ්වාස කළ නොහැක. ඔවුන් කරමින් සිටින්නේ තම බලය පවත්වාගෙන යෑම සඳහා වූ ව්‍යාපාරයකි

:       46       4

sbWednesday, 06 August 2025 12:08 PM

මෙහෙමත් වහල් අන්ධ බවක් සමාජයේ කොහොම ජීවත් වෙනවද මන්දා මෙහෙම මිනිස්සු ඇස් පනා පිට ගසා කෑවා කියල පෙනෙන්ද්දිත් ඒක ලිඛිතව පෙන්නපුවහම "ඔය කීවට ඕක හරිද දන්නේ නෑ - බොරු වෙන්න ඇති" රටට මෙහෙම වෙලා මදි

:       0       6

Perera Wednesday, 06 August 2025 09:38 AM

හැන්ද අතේ තියාගෙන පෙනෙනවා හිටපු ජනපතිලා ඒ අයගේ හිත මිත්‍ර ගෝල බාලයින්ට බෙදලා තියෙන හැටි. ආණ්ඩුව වෙනස් උනේ නැත්නම් මේ කිසිවක් එළිවෙන්නේ නැහැ.

:       1       30

Bunny Preena Wednesday, 06 August 2025 10:12 AM

මෙච්චර කල් මොවුන් මිනිසුන් රවටගෙන ජනතා සේවය මුවාවෙන් කරලා තියෙන්නේ තම තමන්ගේ එවුන්ට බෙදා ගන්න එකයි. දැන් වරප්‍රසාද අඩු කරන්න කටයුතු කරන කොට සෑහෙන්න වේදනාවෙන් පෙළෙනවා වගෙයි . වංචනිකයින්ට නිසි දඬුවම් ලබා දිය යුතුයි. එකෙක් අත් හරින්න එපා

:       1       28

අරවින්ද මොණරවිල Wednesday, 06 August 2025 11:33 AM

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පත් කරලා සිදු කරගෙන ඇති විපතක තරම ! අද අපේ මැති ඇමතිලාට ජනාධිපති අරමුදලෙන් අසනීපයකට බෙහෙත් ටිකක් ගන්න විදිහක් නැහැ දරුවෙකුට විදේශ අධ්‍යාපනය සදහා ශිෂ්‍යත්වයක් ගන්න විදිහක් නැහැ. ඉතිං කොහොමද රටක් සංවර්ධනය කරන්නේ ? මෙහෙම ආණ්ඩු නම් කාට කරන්න බැරිද ?

:       0       9

Business Wednesday, 06 August 2025 03:48 PM

මගේ තාත්තාගේ හදවත් coronary artery disease, angioplasty ලක්ෂ 6 ක් ගියා 2015 දී , අම්මගේ ලක්ෂ 14 ක් ගියා 2024 දී , ජනාදිපති අරමුදලින් සල්ලි ඉල්ලුවාම , අපට ගෙයක් සහ ත්‍රීවිල් 1 ක් තියෙනවාය කියල කියක් වත් දුන්නේ නෑ.එත් මුන්ට කෝටි ගණන් ගෙවල අපේ බදු සල්ලි වලින් , හෙනම ගහන්න ඕනේ ඕකුන්ට

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 623 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 526 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site