(අංජුල මහික වීරරත්න)
මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවීන්ට පොහොර මිල දී ගැනීමේ වවුචර්පත් නොලැබීම සම්බන්ධව වහාම වාර්තාවක් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.
පොහොර වවුචර්පත් නිකුත් කිරීම ප්‍රමාද වීම සඳහා කිසිඳු හේතුවක් නොමැති බවද අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් වෙන්කර තිබෙන බැවින් කිසිඳු ප්‍රමාදයකින් තොරව වවුචර්පත් ලබාදීමට හැකි බවත් අමාත්‍යවරයා කීය.
මොණරාගල දිස්ත්‍රික්කයේ පමණක් නොව අනෙකුත් දිස්ත්‍රික්ක වල ද යම් ප්‍රදේශයක ගොවි ජනතාවට මෙතෙක් වවුචර්පත් ලැබී නොමැති නම් එහි වගකීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ වවුචර්පත් බෙදාහැරීම සම්බන්ධව කටයුතු කරන ප්‍රාදේශීය නිලධාරීන් බාරගත යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
වවුචර්පත් බෙදාහැරීම කඩාකප්පල් කිරීම සඳහා කිසියම් නිලධාරියෙක් හෝ නිලධාරීන් පිරිසක් කටයුතු කර ඇත්නම් ඔවුන්ට විරුද්ධව වහාම විනයානුකූල පියවර ගන්නා ලෙසත් කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවිජන කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොණරාගලට පොහොර නොලැබීම ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි