මොණරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය.
සන්ධානය වැඩි ඡන්ද 63785කින් මොණරාගල දිස්ත්‍රික්කය ජය ගත්තේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට මොණරාගලින් මන්ත්‍රී ආසන අටක් ද, එක්සත් ජාතික පක්ෂයට පහක් ද, ජනතා විමුක්ති පෙරමුණට එක් මන්ත්‍රී ආසනයක් ද හිමි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නා විදිහට මේ රටට වැඩදායක වැඩක් කළේ රණසිංග ප්‍රේමදාස මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා පමණයි. ඒ බව මිනිසුන් හොඳට දන්නවා. එමනිසා දැනට රට පාලනය කරන මහින්ද රාජපක්ෂ මහතාට මෙම රටේ මිනිසුන් ඡන්ද දෙනවා. රටේ මිනිසුන් විශ්වාස කරන්නේ රටේ නායකයා ගැන විතරයි. අනෙක් අය ගැන විශ්වාසයක් නැහැ (නි)
මධුභාෂිනී,ඔයලා වගේ මොඩ විශ්ලේෂකයොයි ඡන්දදායකයොයි ඉන්නකම් ඉතින් මේ ප්‍රතිඵල ගැන පුදුමවෙන්න දෙයක් නෑහැ. (නි)
හරීන් මෙහිදී සාර්ථකයි. එක්සත් ජාතික පක්ෂ නායකත්වය , සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු තරුණයින් ඉහළට ඔසවා, රනිල් මහතා ජාතික නායකයා ලෙස සුළු ජාතිකයින් දිනා ගැනීමට වැඩපිළිවෙලක් හැදිය යුතුයි. බදුල්ල ඉතා පහසුවෙන් දිනිය හැකි අතර මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක දෙක සංවිධානයට සජිත් ප්‍රේමදාසට බාරදිය යුතුයි. (නි)
හොඳින් හැදෑරීමකින් පෙනී යන්නේ රජය ක්‍රමයෙන් ජනතාවගෙන් ඈත් වන බවයි. විපක්ෂය බලවත් නම් ජය සිකුරුයි. (නදී)
මොණරාගල දුප්පතුන්ට ජයවේවා. (නදී)
මදුබාශිනි ඔබ කියන්නේ බදුලු දිස්ත්‍රික්කයේ ලොක්කන්ගේ ඇති විසාල දුර්වලතා නිසා මේ ප්‍රතිපලය ලැබුනා කියලද? එතකොට මේ ඡන්ද තොන්ඩා එක්ක එකතුවෙලා ගත්ත නිසා මගේ හිතේ රජය පරාදයි කියලයි. එක කුඩා දෙමල පක්ෂයක් පැති මාරු කලොත් ආණ්ඩුව හාන්සියි වගේ. (නදී)
අනේ! බන්දුල පෙරේරාගේ බොරු බණ? (නි)
කාලයක් තිස්සේ වලක වැටී සිටි අලියෙක් හරීන් විසින් ගොඩට ගෙන තිබේ. (නදී)
බන්දුල මහත්තයෝ, ඔය කියන සුළුතර බහුතරය ගන්න මුල ඉඳලම දාපු සෙල්ලම්, කරපු මැරකම් සහ දුෂණ කවුරුත් දැක්කා. ශ්‍රී ලංකා ඉතිහාසයටම පැවති දුෂිතම මැතිවරණයක් බව ඔප්පු වුනා. රාජ්‍ය සම්පත් ඔක්කොම යොදාගෙන, මිනිස්සුන්ට ඡන්ද අල්ලස් දීගෙන අවසානයේ ගත් ප්‍රතිපලය අනුව ඉදිරි දශකය ගැන ඔබේ අනාවැකිය හරියන්නේ නැති බව පැහැදිලිව පෙනේ. (නදී)
සමස්ත ඌව ප්‍රතිපලයම ආණ්ඩුව කෙරෙහි පල කෙරුණු කලකිරීම මනාව පෙන්වන්නකි. උගතුන් ලවා මාද්‍ය සාකච්ඡා වලින් හිඩැස් වසා ගන්නට අනර්ථ උත්සාහයක් දැරුවත් රටේම මහජනයා සිතන්නේ "හොඳ පාඩමක් " කියාය. මහජනයාගේ සිතැඟි හඳුනා නොගෙන ෆ්ලොටින් මාකට්, ආකේඩ්, උයන්වතු වැනි දේ හදනවා වෙනුවට මොනරාගල වැව් වල රොන්මඩ ඉවත් කළා නම් මිට වඩා ඡන්ද ගන්නට තිබුණි. "නගරය කෙසේ වෙතත් ගැමියා සැමදා සන්ධානය සමගයි" යන ඊනියා සංකල්පය තුල එල්බ සිටි ඇමතිවරු ගමට ගියේ නිකන් චේන්ජ් එකකට බව දන්නේ අහිංසක ගැමියා පමණයි. හදිසියේ ගොවියා සිහි කර මාද්‍ය මගින් සහන දෙන පාලකයින්ට ජනතාවගෙන් ලැබෙන පිළිතුර අද ලැබී ඇත. එහෙයින් දැන්වත්, පියවි ඇසින් බලන්නට කාලය එළඹ ඇත. (නදී)
යාලුවනේ මම ඔය කාටවත් කඩේ යන කෙනෙක් නෙවෙයි. හැබැයි මම විශ්වාස කරන්නේ මොනම පක්ෂයකට වත් ඕනවට වඩා බලය යන එක රටටවත් ඒ අයටවත් හොඳ නැහැ. බලය කියන්නේ හරියට වයින් වගේ වැඩිවෙන තරමට වෙරි ඊටපස්සේ පිස්සු කෙලිනවා. හොඳම විදිය තමයි මේ වෙලා තියෙන්නේ. එතකොට පක්ෂ විපක්ෂ ඔක්කොම උනන්දුවෙන් වැඩේ කරයි. (නදී)
වරායෙන් ආව කට්ටියට හරි සතුටු ප්‍රතිපලයක් වෙයි. සදා අමතක නොවෙන. (නදී)
ද.හ ජයවර්ධන මහත්මයාගේ අදහසට මම සියට දාහක් එකයි.(නදී)
රටත් සංවර්ධනය වෙලා ජනතාවත් හොදට කල බීල ඉන්නවා නම් ආණ්ඩුවට තව පොඩ්ඩක් රිද්දන්න ඕනේ. වෙන මොන පක්ෂයක් ආවත් රටේ සංවර්ධනය ආපස්සට යනවා. (නදී)
ගිහාන් මහත්තයෝ අපේ මිනිස්සු කරපු දේවල් ඔබ ඇසින් දුටු නිසා ඌව පළාතේ ආණ්ඩුව මැතිවරණය වෙනුවෙන් කරපු සදාචාර විරෝධී සහ නීති විරෝධී දේවලුත් දකින්න ඇති. මේ ලැබුනේ ආණ්ඩුවට අඬන්නට වෙන ප්‍රතිපලයක්. මධුභාෂිනී කියන්නේ කොහොමද විපක්ෂයේ පිබිදීමක් නැහැ කියල. ඔබ කියන දේට ඊට සමානව සිතන බන්දුල මහත්තය එකඟ වුනත් නොවුනත් බොරු දේශප්‍රේමයෙන් මිනිස්සුන්ව හැමදාම රවට්ටන්න බැරි බවත් ඔප්පුවෙලා තියෙනවා.(නදී)
ජයවේවා! (නි)
අනේ නිල්මිණි ඔයාගේ කාන්තා ටිකිරි මොලේ හරි ෂෝක්. ශෂීන්ද්‍ර, සහ ජනපති නැත්නම් ලංකාව බෙදූ රටක් ලෙසද පවතින්නේ? බහුතර සිංහල ජනතාව රට බෙදන්න ඉඩ දීල බලන් ඉන්නවා කියලද හිතාගෙන ඉන්නේ? ඔයා වගේ පක්ෂග්‍රාහී පදනමක් නැති ගොන් තර්ක සාමාන්‍යයෙන් ගෙන එන්නේ බන්දුල පෙරේරා මහත්තයයි (නදී)
අපේ මිනිස්සු කියපු දේ ගැන හිතපු දේ ගැන සහ මා ඇසින් දුටු දේ නිසා කලින්ම කිවුවා අද ලැබුණු ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම ලැබෙන බව. මා කඩේ යන බව සමහරු කිවුවත් මුලාවේ සිටියේ කවුරුන්දැයි දැන් පැහැදිළියි. (නි)
දැන්වත් ඔය මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්න හිතට ගන්න (නි)
ශෂීන්ද්‍රට ජයවේවා! ජනපතිඳුට ජයවේවා! ලංකාව තවදුරටත් නොබෙදූ රටක් ලෙස පවතින බවට සහතිකයි. (නි)
කවුරු මොනවා කිවුවත් ජනතාව ඉන්නේ සන්ධානය සමඟයි. (නි)
අශෝක, ඔබගේ ප්‍රකාශයට ඌන පුර්ණයක් කරන්න මට ඉඩදෙන්න. " දැන්වත් සමස්ත රටවැසියන් වෙනුවෙන් වැඩක් කරන්න හිතට ගන්න." (නි)
මිනිස්සු නිදහසේ තම කැමැත්ත පාවිච්චි කළා.ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නේ බහුතරය.ඒක සන්ධානයට තාමත් තියෙනවා.සන්ධානය ආක්‍රමණය කළ සාම්ප්‍රදායික එක්සත් ජාතික පක්ෂ බලකොටු වල සමහරක බලය තාමත් සන්ධානය මත රැඳුනත් සමහරක බලය ගිලිහිලා තියෙනවා.ඒ කියන්නේ අවංකවම කිව්වොත් එක්සත් ජාතික පක්ෂයේ පක්ෂයේ පිබිදීමක් තියෙනවා.නමුත් රාජ්‍ය බලයක් අතට ගන්න ඒ පිබිදීම කිසිසේත් ප්‍රමාණවත් නැහැ.මේ රටේ ඉදිරි දශකයත් ගෙවී යන්නේ කවුරු පිළිගන්න අකමැති වුණත් සන්ධාන පාලනයක් යටතේම තමයි.ජනතා විමුක්ති පෙරමුණට කියපු යතුර ලැබිලා තියෙනවා.නමුත් එයාලට අරින්න දොරවල් හදන්න ජනතාව සුදානම් නැති බව කට්ටිය මේ මැතිවරණයෙන් හොඳින්ම තේරුම් ගන්න ඇති. (නි)
බන්දුල, ඔබට වැරදිලා වගේ. එක්සත් ජාතික පක්ෂයේ පිබිදීමක් තිබෙනවා කියා ඔබ කියන දෙයට මට එකඟ වෙන්න බැහැ. රජය කෙරෙහි මහජනයා තුළ ඇති ප්‍රසාදය ටිකක් තමයි අඩුවී තිබෙන්නේ එජාපයේ පිබිදීමට වඩා බදුල්ල දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ක්‍රියාවන් නිසා කලකිරුණු මහජනයාගේ විරෝධයපෑමක් ලෙසිනුයි මා දකින්නේ. (නි)
නිල්මිණි, ඔබ කියන දේ මමත් කියන්නට කැමතියි. එයට මේ දේ එකතු කරන්නත් කැමතියි. සැඟවුණු අමුත්තා නොවී ප්‍රායෝගික වෙන්න (නි)
මොනරාගල සන්දානය දිනුවත් ප්‍රතිශතය 81% සිට 58% ට පහත දමා පෙන්නුම් කලේ රජයේ පිරිහීමයි. (ස)
අපේ රටේ දේශපාලනයේ ඉතිහාසය දෙස හොඳින් බලන කෙනෙකුට නින්දා පරවස කතා වලින් කරන මඩ වලට මහජනයා කැමැත්තක් නැති බව පෙනෙනවා. දියුණු මාධ්‍ය කලාවක් ඇති අපේ රටේ ඇත්ත දන්නා මහජනයාට බොරු මවා පාලා ඡන්දය ගන්නටත් බැහැ. මාක්ස්වාදී යයි කියාගන්න ජවිපය යතාර්ථය තුළ සිටමින් මහජනයාට කතා කළේ නැහැ. වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රවීන දේශපාලනඥයා කිසිම වේදිකාවක කිසිම කෙනෙකුට අගෞරව වන ලෙසින් කතා කර නැති බවත් අපක්ෂපාතිව සිතා බැලිය යුතයි මම සිතමි. (ස)
හරින් මහතාණෙනි, ඔබ අන්තවාදී දර්ශනයක් ඇත්තෙකු නොවන බව අපි දනිමු. සියල්ල යථාර්ථයෙන් බලන්නට හුරු වූ ඔබට ඌව විරුද්ධ පක්ෂයේ නායකයා වී කටයුතු කිරීමේදී ඉදිරියට වැඩි ජනතා ප්‍රතිචාරයක් ලබා ගන්නට හැකිවනු ඇත. තරුණ අපට මාහැඟි ආදර්ශයක් දෙමින් රට ගොඩනඟන්නට දායකවන්න. ඔබට තෙරුවන් සරණයි! (නි)