මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද නීති තදින් ක්‍රියාත්මක කරන බවටත්, දැනට පවතින වාතාවරණය මීට වඩා යහපත් මට්ටමක පවත්වා ගෙන යෑමට උත්සාහ කරන බවටත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති රැස්වීමක දී දේශපාලන පක්ෂ නියෝජිතයෝ, පොලිසිය සහ රාජ්‍ය නිලධාරීහු එකඟ වූහ.
මොණරාගල ඡන්ද නීති දිගින් දිගටම උල්ලංඝණය කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන බවට චෝදනා එල්ල වීම නිසා එම ප්‍රදේශයේ ඡන්දය පවත්වනවා ද, කල් දමනවා ද යන්න සොයා බැලීමට අද එම රැස්වීම පැවැත්විණි.
පක්ෂ නියෝජිතයන්, පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, දිසාපති සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමේ දී ඉදිරි කාලයේ යහපත් වාතාවරණයක් පවත්වාගෙන යෑමට පොරොන්දු වූ නිසා ඡන්දය කල් දැමීමේ තීරණයක් දැනට නැතැයි ද, ඉදිරි වාතාවරණය අනුව එය සලකා බලන බව ද මැතිවරණ කොමසාරිස් ‘එසැණට‘ කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර "ඉස්සරත් මෙහෙමයි, ඉතින් දැන් මොකද" කියන කට්ටිය? (නි)
ලංකාවේ ඡන්ද ගැන කවර කතාද? (නි)
හිනහා යනවා මේ කියන කතා වලට (නි)
මනාප ඡන්ද ක්‍රමේදී ප්‍රචණ්ඩ ක්‍රියා නැති මැතිවරණ ව්‍යාපාර බලාපොරොත්තු වෙන්නේ එක්කෝ මෝඩයෝ. එහෙමත් නැත්නම් කපටියෝ. බලය තියෙන එකා අඩු වැඩි වශයෙන් බලය පාවිච්චි කරනවා. නැති එකා එක්කෝ ගුටි කනවා. නැත්නම් ගුටි කාපු බව අගවනවා. කව්රු බලයේ හිටියත් ඔච්චර තමයි. (නදී)
මේ ප්‍රචණ්ඩ ක්‍රියා නවත්තන්ඩ ඇති එකම විසදුම විදායක ක්‍රමය අහෝසි කිරීම පමණයි. නැත්තන් ඉතින් කව්රු බලයේ හිටියත් ඔච්චර තමයි. (නදී)
ලෝකෙන්ම දරුණු කොටි ත්‍රස්තවාදය විනාශ කළ ලංකාවට සමහරු කියන පරිදි, මේ ලංකාවේ දුප්පත්ම ආසන 5 ඇතුළත් දිස්ත්‍රික්කයේ ඡන්දය පවත්වාගන්නට තරම්වත් සවියක් නැහැ කියලද කියන්නේ. (නි)
මහා මැතිවරණය දවස් කීයක් තියන්න වේවිද මන්දා මෙහෙම ගියොත්? (නි)
මෙතුමා කියනවා නම් හරි ඇති. (නි)
ඔබතුමා හොඳට හිනාවෙලා දෙන්නේ මේ අලි කන ලනු තමයි. (නදී)
පක්ෂ නියෝජිතයො නෙමෙයි ආධාරකරුවොනෙ නීති කඩන්නේ (නි)
පවතින ආණ්ඩුව පරදින ලකුණු ඇති නිසා මොනරාගල ඡන්දෙ අවලංගු කරන බව විසශ්වාසයි(අ)
ආණ්ඩුවේ ප්‍රබල ඇමති කෙනෙක් කිව්වේ භීෂණයක් නැහැ කියලා, මැ. කෝ. කිව්වෙත් එහෙමයි යකා කළු නැහැ කියලත් කිව්වා. දැන් ඔය කියන්නේ මොකක්ද? යහපත් වාතාවරණයක් ඇති කරනවා කියන්නේ අයහපත් වාතාවරණයක් තිබුන නිසා නේද? මිනිස්සු දැන් ඔය දෙපිට දෙවාරු කතා විශ්වාස කරන්නේ නැහැ මහත්තයෝ! (අ)
කෙරීගෙන යන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගණන දෙස බලන විට මේ මැතිවරණය පැවැත්වීම කිසිසේත්ම අනුමත කරන්නට බැහැ. මෙය බොරුවට පෙනෙන්නට කරන මැතිවරණයක් පමණක් බවයි මගේ හැගීම. ලංකා ඉතිහාසයේ දුෂිත මැතිවරණ පවත්වා තිබුනත් මේ තරම් පහත් මට්ටමට වැටේවියයි කිසිදා නොසිතුවෙමි.(අ)