මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් අද උදේ 6.47ට පමණ නිකුත් කළ ඌව පළාත් සභාවේ මොණරාගල දිස්ත්‍රික් අවසන් ඡන්ද ප්‍රතිඵලයේ සුළු වෙනසක් කර නැවත නිකුත් කරනු ලැබීය.
කළින් නිකුත් කර තිබූ ප්‍රතිඵල ලේඛණයේ ජනතා විමුක්ති පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 14960ක් ලෙස ද, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2482ක් ලෙස ද, වලංගු මුළු ඡන්ද සංඛ්‍යාව 241430ක් ලෙස ද, ඡන්දය භාවිත කළ මුළු සංඛ්‍යාව 254301ක් ලෙස ද සඳහන්ව තිබිණි.
අලුතින් නිකුත් කළ ප්‍රතිඵල ලේඛනයේ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද සංඛ්‍යාව 15955ක් ලෙස ද, ප්‍රජාතන්ත්‍රවාදී සංධානයේ 2874 ලෙස ද, වලංගු ඡන්ද සංඛ්‍යාව 241426ක් සෙල ද, භාවිත කළ මුළු සංඛ්‍යාව 254297ක් ලෙස ද වෙනස්ව තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොණරාගලින් තමයි රජය ගොඩගියෙත්. (නි)
ප්‍රතිඵලය නිවැරදි කළ එක ගැන කොමසාරිස්තුමාට සන්තෝෂය පළකරනවා. තවත් නිවැරදි කරන්න තියෙනවා නම් පසුවට හෝ නිවැරදි කරන්න. (නි)
හිතාගන්න පුළුවන් මොකද වුණේ කියලා (නි)
නියමයි (නදී)
බදුල්ලෙන් ගලවපු අසන දෙක නිසා තමා සන්ධානය ගොඩ ගියේ. නැත්තම් පළාත් සභාව පිහිටුවන්න සැහෙන ගේමක් දෙන්න වෙනවා ආණ්ඩුවට. (නදී)
ලැජ්ජයි (නදී)
ඔය ආසන ටික හරි ගත්තේ කොහොමද කියන එක බන්දුල ඇතුළු හැමෝම දැනගන්න ඕනෑ. (නි)
මට පුදුම මොනරාගලට මේ තරම් දගලන්නේ මොකද කියන එකයි. හරියටම බැලුවොත් සේරම සංශෝදන කරන්න වෙයිද ? (නදී)
එහෙම වෙනස් කරන්න පුලුවන්ද (දී)
අපේ කාලය අවසානය අද ඉදන් එදිරියට (නදී)
ඡන්දෙට බයට අාසන අඩුකරලා මොණරාගලට 2500 ගානේ බෙදුවා. (ස)
මටත් හිතෙන්නේ ප්‍රනීත් හරි. (නි)
මොණරාගල මනාප ප්‍රතිපල හරිද කියා ගනන් ගන්න බැහැ මෙහෙම වෙනකොට (නදී)
මොණරාගල මනාප ප්‍රතිඵල හරිද කිය සිතන්න බෑ (ස)
දැන් ඔය විනාඩි අටෙන් දෙනවා කිව්වා ප්‍රතිපල වෙන්න ඇති. (නදී)
දීපු ඡන්ද ටිකවත් හරියට ගණන් කරගන්න බෑ කියල විතරක් නෙවෙයි මේකෙන් පෙන්නේ එහෙම නේද ? (නදී)
හැම ප්‍රථිඵලයම වෙනස් වේවිද ? (නදී)
මෙම පක්ෂ දෙකේ විතරක් ඇයි ගන්න කිරීමෙදි මග ඇරුනේ. (නදී)
නැවතත් අපිට භීෂණයක් නම් එපා. (නි)
ඡන්ද මධ්‍යස්ථානය තුළ ඡන්ද ගණන් කිරීම කිරීමට නොහැකිද? නොමැති නම් ඒ ඒ ශාලා ප්‍රතිඵල වල ඡායා පිටපත්, අපේක්ෂකයන්ට මුදල්ගෙවා ලබා ගන්න සළස්වන්න (නි)
ඔය කියන්නේ තවමත් ලංකාවේ තැන හොරුන්ට කියන ඒකද? (නදී)
සඳුන් පෙරේරා විනාඩි අටෙන් තමයි දුන්නේ. ඒත් කවුද කිව්වෙ විනාඩියට තත්පර 60 යි කියලා (නදී)
දැන් කට්ටිය කියයි මොණරාගල හොඳ ජිල්මාට් එකක් දාලා කියලා. (නි)
මේක සුළු දෙයක්ද? (නි)