IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


මණ්ඩපාධිපති ඉල්ලා සිසුහු වීදි බසිති

විනය ප්‍රශ්නයක් මත යැයි කියමින් තනතුරින් ඉවත් කැරුණු නැගෙනහිර විශ්ව විද්‍යාලයයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ මණ්ඩපාධිපති වර්නකුලේන්ද්‍ර මහතා නැවත එම තනතුරට පත් කරන ලෙස ඉල්ලමින් ලංකා ජාතික ශිෂ්‍ය සංගමය අද කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසළ සිට වෝඩ් පෙදෙස් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා පාගමනක් ගියහ.

ප්‍රතිපාදන කොමිසම අසළ දී සිසුහු සටන් පාඨ කියමින් උද්ඝෝෂණයක් පැවැත්වූහ. ප්‍රතිපාදන කොමිසම අසල ආරක්ෂාවට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවනු ලැබ තිබිණි.

IMG_6895 IMG_6900 IMG_6923 IMG_6952 IMG_6955 IMG_6957 IMG_6980



අදහස් (0)

මණ්ඩපාධිපති ඉල්ලා සිසුහු වීදි බසිති

විදුර Monday, 18 August 2014 04:09 PM

සහෝදර සිසු සිසුවියන් බේරාගන්න පුළුවන් සංවිධාන කවදා බිහිවෙයිද? (නි)

:       0       0

චමින්ද Tuesday, 19 August 2014 08:45 AM

බොහෝවිට, විනය ගැටළු ඇතිවෙන්නේ දේශපාලන හේතු මත බවයි මට හිතෙන්නේ (නි)

:       0       0

මිලානො ජයන්ත Monday, 18 August 2014 04:58 PM

පොලිස් නිලධාරිතුමා දරුවාගෙ මූහුණට දෝත ළංකරලා ඉල්ලන ඉල්ලීම නම් හරිම හැඟීම්බරයි (නි)

:       0       0

අමිල Tuesday, 19 August 2014 09:10 AM

ඉගෙනගන්න කාලේ සමහරු ජනතා විමුක්ති පෙරමුණට වැඩ කරනවා. ඉන්පසුව රැකියාවක් හොයාගෙන මුල්කාලේ පොදු පෙරමුණට වැඩකරනවා කාලයක්. ඉන්පසු කෙදිනක හෝ කසාද බැඳ දරුවන් ඉන්නා කාලේදී ආර්ථික අපහසුකම් වලින් පීඩනය එනකොට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩකරනවා. ඕක තමයි ජීවිත රවුම. හැම කෙනෙක්ම ඔය මඟ ගමන්කර ඇත, කෙදිනක හෝ !!! (නි)

:       0       0

ලසන්ත Monday, 18 August 2014 05:33 PM

විනය ලංකාවේ හරිය ක්‍රියාත්මක වෙනවා නම් පාර්ලිමේන්තුව වහන්න වෙනවා ළඟදීම. මේ දේවල් කාටද කියන්නේ හැබැටම? (නි)

:       0       0

නිලන්ත Monday, 18 August 2014 05:35 PM

ඕක තමයි රටට දැන් වෙලා තියෙන්නේ ! (නි)

:       0       0

අයේෂ Monday, 18 August 2014 05:44 PM

සිසුන්ගේ කාර්යය වීදි බැසීම නොව ඉගෙනීමයි (නි)

:       0       0

අචින්ත Monday, 18 August 2014 06:42 PM

මේවායින් වෙන්නේ සිසුන්ගේ අධ්‍යාපනය ප්‍රමාදවීමයි (නි)

:       0       0

චානක. Monday, 18 August 2014 07:24 PM

රට හැමදාම එකතැනම පල්වෙනවා (නි)

:       0       0

චානක. Monday, 18 August 2014 07:40 PM

මේකට එකම පිළියමයි තිබෙන්නේ.ආසියාතිකයෙක්ව නොඉපිද බටහිර ජාතිකයෙක්ව ඉපදීමට පෙරුම් පිරීමයි.එයට හේතුව එම රටවල සුදුසු පුද්ගලයන් සුදුසු ලෙස අපක්ෂපාතීව ක්‍රියාකරන නිසා. (නි)

:       0       0

නීල් Monday, 18 August 2014 10:29 PM

විනය කියලා එකක් දැන් ලංකාවේ තියෙනවද කියලත් සැකයි මට නම් (නි)

:       0       0

වරුණ Monday, 18 August 2014 11:04 PM

සුනීතා, ඔය කට්ටිය ඡන්දය දීල පාර්ලිමේතුවට යැවූ නිසා තමා, එයාලා බොහොම අගේට ඉන්නේ. (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 18 August 2014 11:15 PM

විනය ගැටළු මත මණ්ඩපාධිපති ඉවත්කර ඇත. පඩි වෙනුවෙන් සේවකයන් වර්ජනය කරනු ඇත. සරසවියේ ඉගෙනුමක් නැත. (නි)

:       0       0

පුෂ්පා Tuesday, 19 August 2014 12:06 AM

පහළම ඡායාරූපයේ ඉදිරියෙන්ම ඉන්න නංගිලා දෙන්නාට හොඳටම කේන්ති ගිහිල්ලා වගෙයි. (නි)

:       0       0

සත්‍යයා Tuesday, 19 August 2014 01:05 AM

අපිත් ශිෂ්‍යයින් වෙලා සිටි අවදියේ ලංකා ජාතික ශිෂ්‍යය සංගමයේ සාමාජිකයන් හැටියට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළු වෙනුවෙන් සටන් කළ කාලය මතක්වෙනවා. සාධාරණත්වය වෙනුවෙන් මිනිසුන් ඕනෑම යුගයක පාරට බැසීමේ වරදක් අප නම් දකින්නේ නැහැ. එකම දේ හිංසාවෙන් වළකින්න ඕනෑ. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 19 August 2014 02:39 AM

සිසුන්ගේ සටන සාධාරණයි. (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 19 August 2014 02:55 AM

සුනීතා, මින්පසු මීටවඩා සංයමයකින් ලියන්න. (නි)

:       0       0

මොරිස් Tuesday, 19 August 2014 03:02 AM

මොන පක්ෂයටද ඔය ලංකා ජාතික ශිෂ්‍ය සංගමය අනුබද්ධ? (නි)

:       0       0

සමර Tuesday, 19 August 2014 03:14 AM

සියලුම සරසවි සිසුන් සිසුවියන් විනය සළකා වැඩ කරන්නේ නම් ගැටළු ඇති නොවේ (නි)

:       0       0

මෙලනි Tuesday, 19 August 2014 03:52 AM

දැන් මේ අවහිර කරගෙන ඉන්නේ දවස පුරා කාර්යබහුල ජනාකීර්ණ, 138 බස් මාර්ගය නේද ? කී දෙනෙකුට කලට වෙලාවට තමන් යායුතු තැනට යාගන්න බැරිවෙන්න ඇද්ද? (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 19 August 2014 04:56 AM

පාර අවහිර උනා වගේද යුක්තිය සහ සාධාරණය වෙනුවෙන් කරන අරගලය දිනාගැනීම කොතරම් අගේද ? (දී)

:       0       0

කවිදු Tuesday, 19 August 2014 05:56 AM

සත්‍යපාල දන්නේ නැහැනේ, මෙවැනි උද්ඝෝෂණයක් නිසා පාර අවහිර වී අත්‍යවශ්‍ය රාජකාරියකට වෙලාවට එන්න බැරිවුණ අපේ කාර්යාලයේ අනියම් සේවිකාවකට ආයතන ප්‍රධානියා බැනපු හැටි. ඇයි වෙන පාරකින් ආවේ නැත්තේ, පරිවාස කාලය දික්කරනවා කිව්වා.මේ අරගලකාරයෝ රස්සාවක් කරන්න පටන් ගත්තදාට තේරේවි, ජීවන අරගලයේ තරම. (නි)

:       0       0

උමේෂ් Tuesday, 19 August 2014 06:16 AM

මොකක් හරි හොයාගෙන ඉතින් පාරට බැස්සේ නැත්තන් අනාත දේශපාලන පක්ෂ වලට බෑනේ. (නදී)

:       0       0

ගයාන් Tuesday, 19 August 2014 06:57 AM

අර අන්තිමට කෑගහන නංගිලා දෙන්නා දුටු කෙනෙක් රස්සාවකට අඬ ගහනවා නම් හරියට කන් ඇහෙන්නේ නැති උදවිය වැඩකරන, කන් ඇසීම අඩු පාරිභෝගිකයන් ඉන්න තැනක් තමයි. (නි)

:       0       0

කෙවින් Tuesday, 19 August 2014 08:14 AM

මටත් හිතෙනවා මේ ගැහැණු දැරිවියන්ව අනාගතයේදී කන් ඇහෙන්නේ නැති නැන්දම්මා කෙනෙක් ඉන්න ගෙදරක් සොයා භාරදුන්නොත් හොඳයි කියලා. නැත්නම් මහත්තයාගේ කන් බෙරයට වැඩි ආයුෂ තියෙන එකක් නැහැ. (නි)

:       0       0

විදුර Tuesday, 19 August 2014 08:26 AM

අල්ලාගෙන ගියාම සමහරු ඔය දෝතින්ම තමයි තලන්නේත් (නි)

:       0       0

සුනීතා Monday, 18 August 2014 03:47 PM

විනය මත තනතුරෙන් ඉවත් කරන්න තරම් ලංකාවේ හරියට නීතිය ක්‍රියාත්මක කරද්දී කොහොමද මේ පාර්ලිමේතුවේ ඉන්න හොරු රැළ බොහොම අගේට ඉන්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 1418 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 390 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 620 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1129 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 727 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 948 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1204 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1502 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site