රත්නපුර තිරුවානාකැටියේ බුළුගෙදර වසා තිබූ වෙළඳසළක් පිටුපස මැණික් පතලක් හාරමින් සිටි දෙදෙනකු (32 හා 38) පස් කන්දක් කඩා වැටී යටවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියයි.
ඔවුන් මිය යන්නට ඇතැයිද සහන සේවකයන් ඔවුන් සෙවීමේ කටයුතු අරඹා ඇතැයිද ඔහු පවසයි. අඩි 15 ක් ගැඹුරට මෙම අනවසර පතල කපා ඇතැයිද පතල් කැපීමේ ආරක්ෂක පියවර ගෙන නැතැයිද කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'' තන්හාව ශෝකයට මුල වේ'' (අ)
තණ්හාය ජායතී ශෝකෝ... (නි)
ආනාරක්ෂිත වැඩ කරන්න ගියාම ඔය වගේ දේවල් වෙනවා.දෙදෙනාටම නිවන් සුව පතමි.(හේ)
වැඩි තන්හාවට ගියාම ඔහොම වෙනවා (දී)
තණ්හාය ජායති සෝකෝ. (හේ)
ජීවිත හීනයක් නොවේවා.(හේ)
පව් අසරණ මිනිස්සු. නැතිබැරිකම නිසානේ ජීවිතය අනතුරේ හරි දාලා මේ වගේ වැඩ කරන්නේ. නිවන් සුව පතමි! (නි)
අජිත්, දුප්පත්කමයි, තණ්හාවයි දෙකක්. දන්නේ නැතුව කතා කරන්න එපා. (නි)
තණ්හාය ජායති සෝකෝ (නදී)
මේ නිවසත් ගිලා නොබැස්සොත් තමයි පුදුම (නි)
ඉපදෙන කාහටත් මරණය නියතයි. නමුත් මෙවන් අකල් මරණ නොවේවා (නදී)
තණ්හාවට නෙමෙයි දුප්පත්කම නිසයි. පව් අසරණ මිනිස්සු (නි)
පව් අහිංසක මිනිස්සු (නදී)
ලොකු මුදලාලිලා බැකෝ දාලා පතල් කපලා රුවන්පුරේ මැණික් සම්පත ඔවුන්ගේ අතට අරගෙන පොහොසත් වෙද්දී, මේ බිමේ සම්පත් වල අයිතිය තිබෙන අහිංසක මිනිස්සු මෙහෙම කරලා විනාශවෙලා යනවා. කවදාහරි රත්නපුරය ගිලා බහිනවා මෙහෙම ගියොත්. මේ විනාශය නවත්වන අපේක්ෂකයෙකුට තමයි රත්නපුරේ වැසියෝ සහාය දියයුත්තේ. (නි)
සහන සේවකයෝ කෙසේ වෙතත් ..ගමේ අසරණ තරුණයෝ නම් පව් කන්ද හාරනවා ..? කෙසේ හෝ ජීවන බරින් මිදෙන්නේ..මරුවා පෙනී පෙනී මෙවැනි දේවල යෙදෙන්නේ ..! නිවන්සුව ලැබේවා ..! එත් මගේ හදවත ඔවුන් ජීවතුන් අතරේ ඇතියි සිතනවා ..!(හේ)