මැණික් ගැරීම සඳහා බගවන්තලාව කෙසෙල්ගමු ඔය ආශ්‍රිතව අක්කර නවයක අධි පාරිසරික තෙත් බිම් කලාපයක් වෙන්දේසි කිරීමේ දී කලබලයක් ඇති වීම නිසා වෙන්දේසිය නතර කර එය පැවැත්වූ ශාලාවට පොලිස් ආරක්ෂාව යෙද වූ බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කියයි.
එහි දී ඉඩම් කැබලි 70ක් වෙන්දේසි කළ අතර ලොට් අංක හයේ සිට 22 දක්වා ඉඩම් කැබලි සඳහා රුපියල් ලක්ෂ 250ක ලන්සුවක් ප්‍රකාශයට පත් කිරීමත් සමග ගැනුම්කරුවන් සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් අතර නොසන්සුන්තාවක් ඇති විය.
එම වෙන්දේසියෙන් රුපියල් කෝටි 15ක් පමණ අධිකාරියට ලැබී තිබිණි.
මෙවැනි පාරිසරික ප්‍රදේශයක මැණික් ගැරීමෙන් පරිසරයට හානි සිදු වන බව ප්‍රදේශවාසීහු කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ටිකක් සැලසුම් කරලා කරන්නේ නම් මේ වගේ විකාර වෙන්නේ නැහැ. ලංකාවේ ආණ්ඩුවේ වැඩ වල පණිවුඩ හුවමාරුව ක්‍රියාවලිය අන්තිමයි. බහුතර ප්‍රශ්න වලට මුල මේක. අනිත් එක පරිසර ප්‍රශ්න තියෙනවානම් ප්‍රදේශවාසීන් නෙවෙයි , පරිසර අධිකාරිය මේ පිළිබඳව හොයා බලන්න! පොලිසිය හැම ප්‍රශ්නයකටම උත්තරය නෙවෙයි. තව ටික දවසක් යනකොට පොලිසිය නැතුව ග්‍රාම සේවකට වත් වැඩක් කරන්න බැරි වෙන පාටක් තියෙන්නේ. (ස)