(යොහාන් භාසුර)

ඉන්දියාවේ පාලක පක්‍ෂය වන භාරතීය ජනතා පක්‍ෂයේ මැතිවරණ ප්‍රචාරණ නව ගීතය ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ගයන ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණ ගීතයේ තනුවට අනුව නිර්මාණ කර තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වයෙන් යුත් පාලක භාරතීය ජනතා පක්‍ෂය උත්තර් ප්‍රදේෂ් මැතිවරණය වෙනුවෙන් මෙම ගීතය නිර්මාණය කර ඇති අතර ‘මැණිකේ මගේ හිතේ’ ගීතයට වඩාත් සමාන ආකාරයටම හින්දි භාෂාවෙන් මෙම ගීතය නිර්මාණය කර තිබේ.

ඉන්දීය ශිල්පීන් පිරිසක් ගායනා කරන මෙම ගීතයට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද ඇතුළත් රූපරචනයක් ද ඉදිරිපත් කර තිබේ.

‘මැණිකේ මගේ හිතේ’ ගීතය පසුගිය වසරේ මැද භාගයේ සිට ඉන්දියාව තුළ ජනප්‍රිය වූ අතර එම ගීතය වාර්තාගත ලෙස මේ වන විට නැරඹුම් වාර මිලියන 200 ඉක්මවා තිබේ.