ඉදිකිරීම් කටයුතු අතරමග නතර කළ පරෙයිපඤ්ඤන්- ඊච්චන්කුලම් උස්සාන ජල යෝජනා ක්‍රමය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත හා දේපළවලට තර්ජනයක් එල්ලවීමේ අවදානමක් ඇතැයි ආර්ථික සංවර්ධන විශේෂඥ ආචාර්ය කරුණාරත්න පල්ලේගෙදර මහතා කියයි.
ආචාර්ය කරුණාරත්න මහතා කන්තලේ ඉපිද ඇමරිකාවේ හොනලූලු සරසවියෙන් ආචාර්ය උපාධිය දිනා ගත්තේය. ඔහු කියනුයේ පානීය ජලය සඳහා මේ වැව ලොව ස්වභාවික වැව් අතරින් ඉස්තරම්ම තත්ත්වයේ පවතින බවයි. පරෙයිපඤ්ඤන් කියන්නේ ‘කුරුල්ලන් පනින වැව‘ යන්නයි.
අදාළ වාරි යෝජනා ක්‍රමයේ මූලික ඉදිකිරීම් පමණක් කර ඇති අතර තඹලගමුව පරෙයිපඤ්ඤන් වැවේ සිට ඊච්චම්කුලම දක්වා කොන්ක්‍රීට් බට මාර්ගයෙන් ජලය රැගෙන යාමට සැලසුම් කර තිබේ. කිං පරෙයි පඤ්ඤන් උස්සාන ජල යෝජනා ක්‍රමය කිංපරෙයි පඤ්ඤන් වැවේ සිට පිටතට කොන්ක්‍රීට් බට එළා තිබේ. වැව් බැම්ම ඉක්මවා නොයන එම බටයෙන් ගලා එන ජලයෙන් බැම්ම සෝදා පාළුවට ලක්වන බව ඒ මහතා පෙන්වා දෙයි.
බැම්මේ පස් ඉවත් කළ කොටස නැවත සම්පූර්ණයෙන් වසා නැත. අඩි දහයක් පමණ ගැඹුරු හා පළල කැපුම් කඩක් බැම්ම හරහා දකින්නට ලැබේ. මෙම කැපුම්කඩ හරහා වැව් ජලය පිටතට ගලා ඒම වැළැක්වීමට වැලි කොට්ට යොදා ඇති අතර ඉදිකිරීම් ආරම්භ කළ සොරොව්වේ වැඩ අවසන් කර නැත. එබැවින් සොරොව්වට සම්බන්ධ කර ඇති බට හරහා ගලායන ජලය පාලනය කිරීමටද ක්‍රමයක් නැත.
‘‘මේක විශාල අනතුරක් දින දෙක තුනක් එක දිගට වැස්සොත් මෙතැනින් වතුර පිටවෙලා බැම්ම කඩාගෙන යනවා. දැනටමත් බැම්මේ කොටසක් සෝදා පාළුවට ලක්වෙලා. බැම්ම බිඳුනොත් වැවට පහළින් පදිංචි වී සිටින පවුල් දහස් ගණනක් ලොකු අනතුරකට ලක්වෙනවා. කොන්ක්‍රීට් වේල්ලක් සහිත ජලාශයකින් නම් මැදින් බටයක් දාලා ජලය පිටතට ගන්න පුළුවන්. නමුත් පස් බැම්මක් කපලා ඒ වැඩේ කරන්න අමාරුයි. මේක ජල පෝෂිත ප්‍රදේශයකින් වටවූ දුර්ලබ වැවක්.‘‘ යැයි ආචාර්ය පල්ලේගෙදර මහතා පැවසීය.
මෙම යෝජනා ක්‍රමයට රුපියල් මිලියන තිස්තුනක් වෙන්කළ බවත් පරෙයිපඤ්ඤන් වැවෙන් ඊච්චම්කුලම් වැවට ජලය ලබාගැනීමට ඇති පහසුම ක්‍රමය එය බවට වාරි ඉංජිනේරුවන් නිර්දේශ කළ බවත් හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිළමේ මහතා කීවේය. යම් යම් ගැටළු හේතුවෙන් නියමිත කාලයට වැඩ අවසන් කළ නොහැකි වූ බවත් ඒ අතරතුර ආණ්ඩු මාරුවෙන් කරගෙන ආ සංවර්ධන කටයුතු නතර කළ බවත් මේ යෝජනා ක්‍රමයද ඒ අනුව අතරමග නතරවිම හේතුවෙන් විශාල අනතුරක් ඇතැයි තමාද පිළිගන්නා බවත් පුංචි නිළමේ මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 18
67
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මැණික් ගලේ පය හැපුනට කණා ඇහිඳලා ගනීද‘